Breaking News
recent

ඔබේ අතේ මෙවැනි රේඛා තිබේදැයි බලන්න ධන යෝග පෙන්වන පුදුම ලකුණු මෙන්න




ඔබේ අතේ මෙවැනි රේඛා තිබේදැයි බලන්න රෝස පැහැති අත්ල වාසනාවේ උල්පතයි
හෙට දවස පිළිබඳව දැන ගැනීමට අප කාහට වුවත් තිබෙනුයේ ඉතා බලවත් කැමැත්තෙකි.
ජ්‍යොතිෂවේදියෙක් වේවා, හස්ත‍ රේඛා ශාස්ත්‍රඥයකු වේවා, වෙනත් ගුප්ත විද්‍යාවක් වේවා මෙකී සෑම පුද්ගලයකු කරා පැමිණෙන බාල මහලු සෑම දෙනාම අසා දැන ගනු ලැබීමට කැමති ප්‍රධාන කරුණු කිහපයක් වේ. ආයුෂ, රැකියාව, අපල, ධනය යන කරුණු අතරිනුත් වඩාත්ම ප්‍රියතාව දක්වනුයේ ධන යෝග උදා කරන ලක්ෂණ පිළිබඳව දැන ගැනීමටය. මේ පිළිබඳව හස්ත රේඛාව මඟින් ඔබට සුලු හෝ දැනුමක් ලබාදීමට මේ ලිපිය පිටුවහලක් වනවාට කිසිදු සැයක් නැත.
කේන්දර පරීක්ෂාවකදී යම් භාව හා එම භාවාධිපතීන් පරීක්ෂා කිරීමෙන් ධන ලාබ හිමි වන කාලය සොයා ගත හැකි සේම හස්ත රේඛා පිරික්සීමේ දී ද අතෙහි පැහැය, ඇඟිලිවල ස්වභාවය හා රේඛාවල පිහිටි යම් ලක්ෂණ අනුව ධන කාරකත්වය හා කාල වකවානුව සොයා ගත හැක.
එහිදී මුලින්ම බැලූ බැල්මට පෙනෙන ලක්ෂණ හඳුනා ගනිමු. අතේ පැහැය ගත් කළ ලා රත් පැහැයකට හුරු රෝස පැහැයක් ගැනීම හා ප්‍ර‍ධාන රේඛා ද රෝස පැහැයක් ගැනීම ශුභ පල ලැබීමේ ලක්ෂණයකි. ඒවාගේම රූප සටහනේ තිත් සටහන් මඟින් පෙන්වා ඇති පෙදෙස රේඛා අංක (5)න් පහල අල්ල අතට සම්බන්ධ වන්නාවූ කොටස (මැණික් කටුව ආසන්නයේ) පිරුණු ස්වභාවයක් ගැනීම යහපත් ලක්ෂණයකි. (අංක 5 අතෙහි සටහන් වන රේඛාවක් නොව ඔබට එම පෙදෙස වඩාත් තහවුරු වන පිණිස සටහන් කිරීමට යොදා ගත් ලක්ෂණයක් බව සලකන්න)
රූප සටහනේ (අංක 01න්) පෙන්වා ඇති පරිදි ඔ‍බේ දබර ඇඟිල්ලට වඩා වෙදඟිල්ල දිගින් වැඩි නම් එය ශුභ ලක්ෂණයකි. එවැනි පිහිටීමක් සතු තැනැත්තේ තරග ආදියෙන් (මුදල් යොදා ඔට්ටු ඇල්ලීම වැනි දෑ ) ජයග්‍රහණනයන් උරුම කර ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. එය ඒකාන්තයෙන්ම පසක් කර ගැනීමට රුකුලක් වනුයේ, වෙඳගිල්ලය (අංක 4) රේඛාවට අල්ල කෙළවර සිට පැමිණී (අංක2) රේඛාව ස්පර්ශවීම හා (අංක 4) රේඛාව අවසානයේ තරු ලක්ෂණයක් (අංක 3) පිහිටීමට. ඔබට ලොතරැයි දිනුමක් හෝ අන් සතු ධනයක් ලැබීමේ වාසනාව උරුම වන පිහිටීමකි‍. මෙවැනි ලක්ෂණයක් සතු වීම පෙර පින් මහිමයෙන් ලැබූ ත්‍යාගයන් වැනිය.
අංක (6) න් පෙන්වා ඇති පරිදි අත්ලෙහි ඕනෑම අඟිල්ලක් යටින් එකකට එකක් සමාන්තරව පෙනෙන ආකාරයකට හා සම උසකින් පෙනෙන ලෙස රේඛා දෙකකට වැඩි ගණනක් පිහිටියහොත් නොයෙක් ආකාරයෙන් තම උත්සාහයෙන් ප්‍රතිඵල හේතු කොට ධනවත් වීමේ ලක්ෂණයකි. මෙහිදී මෙම ලක්ෂණය, දබරැඟිල්ල, මැඳගිල්ල, වෙදඟිල්ල, සුළඟිල්ල යන ඇඟිළි සතරින් ඕනෑම ඇඟිල්ලක් ආසන්නයේ අල්ලේ පිහිටිය හැක. ඒ වාගේම හරස් අතට රේඛාවකින් නොකැපී තිබිය යුතුය.
අංක (7) (8) පෙන්වා ඇති පරිදි ප්‍රධාන රේඛාවන් වන ජීවන රේඛාව හා දෛව රේඛාවේ පිහිටි ලක්ෂණය දෙස බලන්න. එය බැලූ බැල්මට දූපත් ලක්ෂණයක් සේ පෙනෙයි. දූපත් ලක්ෂණයක් යනු ඉතාමත් අභුභ පල උදා කරන ලක්ෂණයකි. එහෙත් ඉතාමත් අවධානයෙන් යුතුව ඒ දෙස නැවත වරක් බලන්න. එම රේඛාවන්හි අග කෙලවර මාලුවකුගේ .වලිගයක් ආකාරයට පිටතට පැන ඇති ආකාරය බලන්න. එය එසේ සිදුවුවහොත් එවැනි ලක්ෂණ දූපත් ලක්ෂණයක් නොව, එය නොයෙක් ආකාරයේ ධනවත් භාවයට පත්වීමේ ලක්ෂණයකි. (මෙවැනි ලක්ෂණයක් කුඩා දේ විශාල කර පෙන්වන පළිඟුවක ආධාරයෙන් බැලූ විට වඩාත් හොඳින් හඳුනා ගත හැකිය.) මෙවැනි ලක්ෂණයකින් හෙබි ‍තැන වත්තේ, කුඹුරු, දේපල ආදියෙන් අනූන පුද්ගලයකු වනවාට කිසිදු සැකයක් නැත. තවත් කරුණක් වනුයේ එම ලක්ෂණයේ රූප සටහනේ පෙන්වා ඇති පරිදිම අත්ලෙහි පිටි පැත්තටම යොමු වී තිබිය යුතුමය. අල්ලෙහි කොතැනක හෝ අංක (9) පිරිදි මාලුවකුගේ රුවක් සේ දිස්වෙන සටහනක් තිබීම ද ධන ධාන්‍යයෙන් අනූන වීමේ ලක්ෂණයකි.
ඊළඟට ඔබේ ගැටලුව වනුයේ ඉහත සඳහන් පිහිටීම් ශුභ පල උදාවනුයේ කුමන කාල වකවානුවල ද යන්නයි. එම කාලය ඔ‍බේ ජීවන හා දෛව රේඛා පිරික්සුමට ලක්කිරීමෙන් සොයා ගත යුතුය. තව ද ඔබේ අත්ල පරීක්ෂා කර ඔබ‍ට ශුභ බල හිමි වන ග්‍රහයින් පිළිබඳව සැලකිල්ලට ලක් කර එම සුභ ඵල උදා කරන ග්‍රහයින්ගේ මහ දසා අතුරු දසාවන්හිදී එම ශුභ පල ලැබෙන බව ද සඳහන් කිරීමට කැමැ‍ත්තෙමි.
තවද සඳහන් වනුයේ පාඨක ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලක්ෂණ කිහිපයක් පමණී. තවත් ධනලාභ හිමි කරදෙන්නාවූ විවිධ වූ ගුප්ත ලක්ෂණ රාශියක් තිබෙන බව සිහි තබා ගන්න.
ජ්‍යොතිර්වේදිනී සහ හස්තරේඛා විශේෂඥ රේණුකා හේවාමාන

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.