Breaking News
recent

ලංකාවේ ලාබාළතම සංස්කාරකවරිය




ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍යය චරිත කිහිපයකටම සිය හඬ එක්කොට ඇති තිරන්දි නර්මදා වෘත්තියෙන් හඬකැවිමේ ශිල්පිනියකි. ලංකාවේ දැනටම වයසින් අඩුම වැඩසටහන් සංස්කාරකවරියද වන ඇය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ නිවේදිකාවක් ලෙසිනි. අද ‘තරු’ කතා බහ දිග හැරෙන්නේ තිරන්දි සමගිනි.

කේෂ්ත්‍රයට ඔබගේ පිවිසීම සිදුවන්නේ?

දෙරණ රූපවාහිනියේ විකාශය වෙන අලුත් කාටුන් එකක හඬ පරික්ෂණයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එදා මට අවස්ථාව ලැබෙන්නේ නෑ. වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබද පාඨමාලාවක් කරන්න මගේ හිත යනවා. ඊට පස්සේ මට එතැනින් වෙබ් නාලිකාවක නිවේදන සහ වැඩසටහන් සහය නිෂ්පාදිකාවක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. 2017 වසරේ මැදදි හිරු රූපවාහිනි නාලිකාවේ හඬකැවීම් අධ්‍යක්ෂක කසුන් ජයවර්ධන අයියා මාර්ගෙන් නැවතත් හඬ පරික්ෂණයකට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ‘ආදර මායාව’ ටෙලි නාට්‍යයට. ඔය විදිහට තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.

දැනට දැයක වුණ වැඩසටහන්?

‘ආදර මායාව’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ‘ආදරෙයි මං ආදරෙයි’ , ‘ප්‍රේමායුද’ , ‘දෝණි’ , ‘දුවන ළමයා’, ‘සඳට දිවුරා කියන්නම්’  කියන ඉන්දීය ටෙලි නාට්‍යයවලට  ජනප්‍රිය චරිතවලට හඬ දායකත්වය සපයන්න මට  පුළුවන්කම ලැබුණා.  ඊට අමතරව ‘ඩයරි ඔෆ් ද වැම්පයර් කිඩ්ස්’ කියන විදෙස් කතාමාලාවටත් මම හඬකවන්නියක් විදිහට දායක වුණා.

රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද?

රංගනයට ආරාධනා ලැබුනා කීප පාරක්ම. ඒත්, මගේ පවුලේ අය කැමති නැ මම ඒ වෘත්තියට සම්බන්ධ වෙනවාට. මම කැමතියි වැඩසටහන් සංස්කාරකවරියක් විදිහට වැඩ කරන්න. ලංකාවේ අද වෙන කොට සංස්කාරකවරියන් ඉන්නේ ඉතාම අඩු පිරිසක්. ලංකාවේ සංස්කාරකවරිය විදිහට අඩු වයසකින් දායක වුණ පළමු කෙනා මම. නමුත්, කවුරුත් මාව දන්නේ හඬකැවිම් ශිල්පිණියක් විදිහට.

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් දෙනා අතර තියෙන මතයක් තමයි ගෑණු ළමයින්ට මේ ක්ෂේත්‍රය හොද නෑ කියලා. ඇත්තටම ඒක බොරු කතාවක් . මොකද,  තමන් හොද නම්. ඇත්තටම ගොඩක් හොද ක්ෂේත්‍රයක් මේක.

කුඩා කාලයේ ඔබගේ හීනේ වුණේ?

ඇත්තටම, මගේ අම්මට ඕනා වුණේ මාව නර්තන ශිල්පිනියක් කරන්න. මට අවුරුදු තුනක් වෙන කොට අම්මා මාව නැටුම් පන්තියකට අරන් ගිහින් තියෙන්නේ. සමස්ත ලංකා ජයග්‍රහන පවා ලබාගෙන තියෙනවා නර්තනය පැත්තෙන්. මගේ තාත්තට නම් ඕනා වුණේ රජයේ රැකියාවක් කරනවා දකින්න. ඒත් මට ඕනා වුණේ මාධ්‍ය පැත්තෙන් නිසා මම ඒ පැත්තෙන් ඉදිරියට ආවා.

ඉදිරි අනාගතය ඔබගේ?

ඉදිරියටත් මාධ්‍ය පැත්තෙන් ඉදිරියට යන්න තමයි මම හිතන් ඉන්නේ. මේ වෙද්දි තාත්තගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම IT සම්බන්ධයෙන් ඉගෙනගන්නවා. ඒ වගේම දැනට දහම් පාසල් ගුරුවරියක් විදිහටත් කටයුතු කරනවා.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.