Breaking News
recent

ඔබගේ විවාහ සහකරු කෙබඳු කෙනෙක්‌ද?කේන්දරයෙන් දැනගන්නේ මෙහෙමයි





විවාහ වන වයසේ, අවිවාහක දරුවන් සිටින දෙමාපියන් ඔහුට හෝ ඇයට සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ සොයන්නේ තම දරුවාගේ අනාගතය කිසිම අඩුපාඩුවකින් තොරව සර්ව සම්පූර්ණ කිරීමටය. මෙහිදී උගත්, බුද්ධිමත්, රූමත්, පැහැපත්, සුරා සූදුවෙන් තොර, දායාද හිමි, යහපත් පවුල් පසුබිමක්‌ හිමි වශයෙන් නොයෙකුත් සුදුසුකම්වලට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඉහත සියලුම සුදුසුකම් සහිත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ සොයාගැනීම කොයි දෙමවුපියන්ගේත් කැමැත්ත වේ. අද මංගල දැන්වීම් පළවෙන පුවත්පතක්‌ පරීක්‍ෂා කළ විට සියලුම දැන්වීම්වල පාහේ උගත්, රූමත් තරුණ තරුණියන් සොයන බව සඳහන් කර ඇත. මම ප්‍රථමයෙන් මෙම ලිපිය කියවන පාඨක ඔබට මතක්‌ කරන්නේ ඉහත සඳහන් සුදුසුකම් සියල්ලම ඇති අයත්, මෙම සුදුසුකම් සියල්ල නැති අයත් සිටින බවය. තවද ඉහත සඳහන්a සුදුසුකම් ලද සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌, තම දරුවාගේ ජන්ම පත්‍රය අනුව තමාට හිමිද? අහිමිද? යන්න බුද්ධිමත් දෙමවුපියන් වශයෙන් ඔබ දැනුවත් වී සිටිය යුතුය. ඉහත සුදුසුකම් සියල්ල හිමි කෙනකු තම දරුවාට සොයමින්, තම දරුවා දවසින් දවස තම නිවසේම වයසට පත්වූ අවස්‌ථාවන් කොතෙකුත් දැක ඇත. තවද ඕනෑම පුරුෂයකුට හෝ ස්‌ත්‍රියකට තම දෛවයෙන් හිමිවන සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ සිටී. එය පූර්ව කර්මානුරූපව සිදුවන දෙයක්‌ බව මෙහිදී සඳහන් කළ යුතු අතර, එය බලාගත හැකි එකම දෙය ඔබගේ ජන්ම පත්‍රය බව මෙහිදී මතක්‌ කළ යුතුය.
මා මෙවර ඔබ විවාහ වන, ඔබගේ සහකරු හෝ සහකාරිය කෙබඳු කෙනෙක්‌ද? යන්න විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි. ස්‌ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම තමන්ට හිමි සහකරු හෝ සහකාරියගේ හැඩරුව හා ගති පැවතුම් නිවැරැදිව මැන බලා ගත හැකි වන්නේ 7 වැනි භාවයෙන් හා සඳුගේ 7 වැනි භාවයෙනි. මෙහිදී ග්‍රහ පිහිටීම් අනුව භාවය පදනම් කරගත යුතු අතර, අධිපතියා පරීක්‍ෂා කිරීමේදී රාශිය අදාළ කරගත යුතු වේ. ඉහත සඳහන් කළ 7 වැන්නාධිපති සහ 7 වැනි භාවයට මූලිකත්වය දෙයි. ලග්නයෙන් 7 වැන්න, සඳුගෙන් 7 වැන්න, රවිගෙන් 7 වැන්නද, ස්‌ත්‍රී කේන්ද්‍රයක්‌ නම් කුජගෙන් 7 වැන්න ද, පුරුෂ කේන්ද්‍රයක්‌ නම් සිකුරුගෙන් 7 වැන්නද, ඉහත සඳහන් කළ ස්‌ථානයන් සම්බන්ධ කරගෙන විවාහ වන සහකරු හෝ සහකාරියගේ හැඩරුව, රැකියාව, විවාහය සිදුවන කාලය (ගුරුගේ ගෝචර ගමන පදනම් කරගෙන) භාව කේන්ද්‍ර සංකල්පය මගින් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකිය.
මෙහිදී ඉහත සඳහන් කළ ග්‍රහයන්, භාවයන් ප්‍රබල වේ නම් හා එම ග්‍රහයන් සිකුරු, ගුරු, සඳු වූයේ නම් එම කේන්ද්‍ර හිමියාගේ භාර්යාව හෝ ස්‌වාමියා ඉතා පැහැපත්, ප්‍රියමනාප පෙනුමකින් යුක්‌ත ගුණ යහපත් කෙනකු වේ. මේ සඳහා අඟහරුගේ දායකත්වය ලැබුවේ නම්, රතු පැහැයට හුරු තලෙලු පැහැයෙන් යුක්‌ත වූ අයෙක්‌ වෙයි. ශනි, රාහු, කේතු, රවි, බුධ බලවත් වූයේ නම් පැහැයෙන් අඩු කෙනකු තම සහකරු හෝ සහකාරිය ලෙස ලැබේ. මේ දේවල්වලට අමතරව ග්‍රහයාගේ බලවත්වීම, ශඩ් වර්ගයෙන්, නැකතෙන් හා අවස්‌ථාවෙන් බැලිය යුතු වේ. ග්‍රහයන්ගේ අවස්‌ථාවන් අද පවතින ජ්‍යෙdතිෂ කටයුතුවලදී වැඩිදුර භාවිතයට නොගනී. නමුත් ග්‍රහයන්ගේ අවස්‌ථාව පලාඵල කථනයේදී ඉතාමත් වැදගත් වේ. උදාහරණයක්‌ ලෙස 7 වැන්නාධිපතියා දුර්වලව, පාප පීඩිත වූ විට පවා ඔහුගේ අවස්‌ථාව ප්‍රබල නම් 7 වැනි භාවය නියෝජනය කරන විවාහය අසාර්ථක නොවන අවස්‌ථා කොතෙකුත් දක්‌නට ඇත. මේ සඳහා ජ්‍යෙdතිෂ පරීක්‍ෂණ සිදුවිය යුතු අතර, ඒ සඳහා භාවිත වන නියෑදියේ ප්‍රමාණය (ඡදචමක්‌එසදබ) විශාල විය යුතුය.

මා කලින් සඳහන් කළ න්‍යායන් පදනම්ව බලවත් වන ග්‍රහයා තුළින් සහකරුගේ බාහිර පෙනුම ඉතා පහසුවෙන් කිව හැකිය. එනම් සහකරු හෝ සහකාරියගේ බාහිර පෙනුම හා ස්‌වරූපය කොයි ආකාරද යන්න තීරණය කළ හැකිය. මෙහිදී 7 වැන්නට සම්බන්ධ ග්‍රහයා, රවි වූයේ නම් සහකරු හෝ සහකාරිය වයසට වඩා වයස පෙනුමකින් යුත්. ප්‍රියමනාප පෙනුම අඩු, අමිහිරි වචන ඇති අයකු බවට පත් වේ. මෙහිදී සඳු 7 වැනි භාවයට සම්බන්ධ වූ බලවත් ග්‍රහයා වූයේ නම්, ප්‍රියමනාප පෙනුමෙන් යුක්‌ත වූ, වයසට වඩා වයස නොපෙනෙන ගුණ යහපත්, මිහිරි වචන භාවිත කරන්නා වූ, චංචල ගති පැවතුම්වලින් යුක්‌ත වූ අයෙක්‌ වෙයි. 7 වැන්නට සම්බන්ධ ග්‍රහයා අඟහරු වූයේ නම් අයෝමය සිරුරක්‌ හිමි, ක්‍රියාශීලී, සෘජු, ප්‍රියමනාප, අනුන්ව යටත් කර ගන්නා, කලහයට නැඹුරු වන අයකු වේ. මෙහිදී තමාගේ කේන්ද්‍රයේ 7 වැන්නට සම්බන්ධ ප්‍රබල ග්‍රහයා බුධ වූයේ නම්, කථිකත්වයක්‌ ඇති, මුහුකුරා ගිය බුද්ධියක්‌ ඇති, උසස්‌ අධ්‍යාපනයක්‌ උරුම අයෙකු සමඟ විවාහ වෙයි.
ගුරු ග්‍රහයා 7 වැන්නට සම්බන්ධව, බලවත්ම ග්‍රහයා වූයේ නම් ප්‍රියමනාප , මනා පෞරුෂත්වයක්‌ ඇති, උදාර ගති ගුණ ඇති, සාධාරණ, යුක්‌තිගරුක, සහකරුවකු හෝ සහකාරියක ලැබේ. ඉහත 7 වැන්නට ශනි සම්බන්ධ වී බලවත් වූයේ නම් හා පාප පීඩිත නොවී 7 වැන්න මකර, තුලා හෝ කුම්භ වේ නම්, ඔහුට හෝ ඇයට හිමි ස්‌වාමියා හෝ භාර්යාව අන් අයට කිසිදු හිංසාවක්‌ හෝ කරදරයක්‌ සිදු නොකරන, තැන්පත් අයකු වේ. මෙහිදී විවාහ කාරක වූ සිකුරු හා කුජ බලවත් වූයේ නම්, තමාට ලැබෙන්නේ මනා රූසපුවකින් යුක්‌ත, භාර්යාවක්‌ හෝ සැමියකු වේ. 7 වැන්නට රාහු, කේතු සම්බන්ධ වී ප්‍රබල වූයේ නම්, විවාහයේ සහකරු හෝ සහකාරිය කුමන අංශයකින් හෝ ප්‍රබල වන අයකු වේ. නමුත් ඔහුගේ හෝ ඇයගේ කුමන හෝ අඩුවක්‌ දැකිය හැකි වෙයි. එනම් උදාහරණයක්‌ ලෙස මෙම ග්‍රහ පිහිටීම් ඇති පුරුෂයකුට, තමාට වඩා වයසින් වැඩිමහලු කාන්තාවන් සමඟ විවාහ වීමට සිදුවන අතර ඇය ඉතා කපටි අයෙක්‌ ද වේ.
මෙහිදී ග්‍රහයන්ගේ බල දුබලතාව, යෙදී ඇති භාවය, නිර්ණය කර වර්ගඵලය (රාශිය, හෝරාව, දෙර්කාණය, නවාංශකය, ද්වාදශාංශකය, ත්‍රිෂාංශකය, නැකත, අවස්‌ථාව ආදිය) හා භාවඵලය පටලවා නොගත යුතු වේ. මෙහිදී රාශිය, නැකත නවාංශකය, අවස්‌ථාව සඳහා වැඩි ප්‍රමුඛතාවක්‌ දිය යුතු අතර මෙම ආකාරයට කේන්ද්‍ර පරීක්‍ෂණයකට ගත වන කාලයද ඉතා වැඩිය.

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.