Breaking News
recent

මැරෙන හැටි කලින් චිත‍්‍රයට නැගූ දරුවා





මරණය සිදුවන කාලවකවානු හෙළිකළ අවස්ථා ඇතැම් විට අසන්නට ලැබුණත් මරණය සිදුවන ආකාරය පැහැදිලි චිත‍්‍ර මගින් ඇද තිබූ අවස්ථා දුර්ලභය.

එසේ සිදුවන අන්දම කල් ඇතිව තම පොත්වල සටහන් තැබූ අතිශය පුදුම සිදුවීමක් මීට වසර කීපයකට උඩදී කඩවත ප‍්‍රදේශයෙන් අනාවරණය විය.

එම සිදුවීමට සම්බන්ධ දරුවා පාසල් අවසන් වී නිවෙසට එන අතර හදිසි අනතුරකට පත්ව මරණයට පත්වීය. එම දරුවා සම්බන්ධ සිදුවීම මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ඊට හේතුවූයේ ඔහු මරණයට පත්වීමට දින කීපයකට උඩදී පොතක ඇද තිබූ සටහනකි.

රිය අනතුර සිදුවන ආකාරයත් ඔහු මරණයට පත්වන ආකාරයත් එම චිත‍්‍ර මගින් පැහැදිලිව දක්වා තිබිණි. මේ පිළිබදව පූර්ණ පර්යේෂණයක් පැවැත්වීමට අපටද අවස්ථාව ලැබිණ.

එවකට වතු අධිකාරීවරයෙකු වූ කරුණාදාස මහතාගේ සහ පාසල් ගුරුවරියකගේ පුත‍්‍රයකු ලෙස 1969 වසරේදී උපත ලද පිරිමි දරුවාට නම් තබන ලද්දේ කීර්තිනාම ලෙසය. අන් දරුවන්ට වඩා ඔහු ඉතා වේගවත්ව වැඩෙන්නට විය. මාස අටක් පමණ විට හොදින් ඇවිදීමටත් මාස 13 පමණ වනවිට හොදින් කතා කිරීමටත් එම දරුවාට හැකිවිය.

පාසල් ගමන ආරම්භ කරමින් මෝදර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලකට ඇතුළත් කරනු ලැබූ එම දරුවා එහි අධ්‍යාපනය ලැබීය. පාසලේ අධ්‍යාපන කටයුතුවලට මහත් උනන්දුවක් දැක්වූ කීර්තිනාම චිත‍්‍ර ශිල්පයටද දැක්වූයේ අපූරු දක්ෂ බවකි. පොත්පත් කියවීමටද මහත් රුචිබවක් දැක්වූ කීර්තිනාම පුස්තකාලය පරිහරණය කිරීමටද දැඩි උනන්දුවකින් කි‍්‍රයා කළ ශිෂ්‍යයෙක් විය. මේ අතර ඔහු තුළ තිබූ තවත් විශේෂ ගත සිරිතක් වූයේ මරණ්‍ය ගැන නිතර කතා කිරීමත්ය. අන් දරුවන්ගෙන් අසන්නට නොලැබෙන අන්දමේ ප‍්‍රකාශ ඔහුගෙන් අසන්නට ලැබීම ගැන දෙමාපියෝද ඇතැම් විට මවිතයට පත්ව සිටියහ.

බොහෝවිට ඔහු නිවසට පැමිණ අමතා කරන ප‍්‍රකාශයක් තිබේ. ”ළමයෙක්ව ලොරියකට යටවෙලා” යයි මවට කියන ඔහු එය මව පුදුමයට පත් කරවීමට සිදුකරන හාස්‍ය ප‍්‍රකාශක් වශයෙන් මුවින් පිට කරන වගක් පෙන්වීය. ඇතැම්විට අනතුරට පත්වූ පුද්ගලයා වැටී සිටින ආකාරය නිරූපණය කිරීමටද ඔහු පුරුදුව සිටියේය. තමන් බියපත් කිරීමට ලොරි අනතුරු ගැන දිගින් දිගටම ඔහු නිවසට පැමිණ කරන ප‍්‍රකාශවල අඩුවක් නොතිබීම මවුපියන්ගේ කනස්සල්ලට හේතුවී තිබිණි.

ඇතැම්විට මව පාසල් ගොස් නිවසට එනවිට ඊට ප‍්‍රථම නිවසට පැමිණ සිටින කීර්තිනාම සිරුර උඩුකුරුව බිම දිගාකර මිය ගිය පුද්ගලයකු සිටින අයුරු විදහා දක්වමින් සිටින්නට පුරුදුව සිටියේය. එවැනි අවස්ථාවලදී මව බියපත් වූ අවස්ථාද තිබිණි.

”අම්මා බය වුණාද?, මම පෙන්නුවේ මම මැරෙන හැටි” යනුවෙන් එවැනි අවස්ථාවල කීර්තිනාම ප‍්‍රකාශ කරයි. තම පුත‍්‍රයාගේ මෙම හැසිරීම් රටාව නිසා ඇතැම්විට මව කෝපයට පත්වන අවස්ථාද තිබිණ. එවැනි කි‍්‍රයාවලට මව දොස් පවරන විටදී ඔහු නිතර පැවසුවේ ”මම මැරෙන්නේ එහෙම තමයි” යනුවෙනි.

දිනක් ඔහු තම අභ්‍යාස පොතක පිටු කීපයක් පුරවමින් හදිසි රිය අනතුරක් සිදුවන අන්දම චිත‍්‍රයට නැගීය. එම චිත‍්‍රය මගින් පෙන්වා තිබුණේ පාසල් දරුවෙක් ලොරි රථයකට යටවී මරණයට පත්වන ආකාරයයි. ලොරි රථයේ වැදී එයට යටවී දෙපා කැඞී යන අයුරු එහි නිරූපණය වී තිබිණි. ඒ සමගම තොප්පියක් පැළදි අයෙක් එම ස්ථානයට එන අයුරුද ඔහු ඇද තිබිණි.

මෙම චිත‍්‍රය කීර්තිනාමගේ සොහොයුරියක්ද දුටුවේය. එහෙත් තම මල්ලිගේ එවැනි කි‍්‍රයා නිතර සිදුවන නිසා ඒ පිළිබදව ඇය වැඩිදුර අවධානය යොමු කළේ නැත. දින කීපයක් ගතවිය. එදා 1984 මාර්තු 21 වැනිදාය. ඒ වනවිට කීර්තිනාමට වයස අවුරුදු 14 ක් විය.

සිරිත් පරිදි පාසල් ගිය ඔහු පාසල් අවසන් වී පුස්තකාලයට ගොස් ටිකවේලාවක් පොත් බලමින් සිටියේය. පැයක පමණ කාලයකින් පසු ඔහු නිවස බලා ඒමට බස් රියකට නැගුණේය. වේලාව සවස 3ට පමණ විය. කොළඹ නුවර පාරේ නිවසට යන මාර්ගය අසලදී බස් රථයෙන් බැසගත් ඔහු නිවස වෙත එමින් සිටියේය.

විනාඩි කීපයක් එසේ ඇවිදගිය කීර්තිනාම යටකරගෙන ලොරි රථයක් ගමන් ගත්තේ එම අනතුරින් ඔහුට බරපතළ තුවාල සිදුකරමිනි. ඔහුගේ කකුලේ අස්ථි ඇටද බිදී ගියේය. ඒ සමගම පැමිණි තොප්පියක් පැළද සිටි මහතෙක් වහා කීර්තිනාම රෝහල් ගත කළේය. එහෙත් ස්වල්ප වේලාවකින් ඔහු මෙලොව අතහැර ගියේ මාපියන්ව සහ පවුලේ ඥාතීන් ඔහු අහිමි කරමිනි.

කීර්තිනාම විසින් පුදුමාකාර ලෙස චිත‍්‍රයට ලගා තිබු දර්ශන අතිශය පුදුම උපදවන සුළුවිය. එනම් ඔහු එදා අනතුරට පත්වූ ආකාරයත් පැමිණි ලොරි රථයක් එහි නිවැරදිව සටහන් වී තිබෙනු දක්නට ලැබිණි. එදා ඔහු රෝහල් ගත කළ පුද්ගලයාට සමාන අයෙකුද ඔහුගේ චිත‍්‍රයට ඇතුළත්ව තිබිණි.

හදිසි අනතුරට ලක්වන ආකාරය චිත‍්‍රයට නගා තිබූ ආකාරය




gossipbook

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.