Breaking News
recent

Bill Gates මහතා වැසිකිළි අපද්‍රව්‍ය බීමට සුදුසු ජලය බවට පත් කරයි


මේ දවස් වල Bill Gates මහතා කානු වලට ඇහ ගහගෙනලු ඉන්නේ. මෙයාගේ නවතම උත්සාහය වැසිකිළි අපද්‍රව්‍ය බිමට සුදුසු ජලය බවට පත් කිරීමයි. Bill Gates මහතා පදනමෙන් දුප්පත් රටවල සෞඛ්‍යාරක්ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

Bill Gates මහතා කියන විදිහට වැසිකිළි අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත නොදැමිමෙන් ජලය අපවිත්‍ර වීම නිසා වසරකට ළමුන් 700,000ක් පමණ මරණයට පත් වෙන වලු. දියුණු වන දුප්පත් රට වල මෙම ජල දූෂණය නැවැත්වීමට Bill Gates 2011 සිටම විවිධ උත්සාහයන් දරා ඇත.

දැනට මෙම “Janicki Omniprocessor” යන්ත්‍රය අප්‍රිකාවේ “Senegal” රටේ අත්හදා බලනවා. දැනට තියෙන වැසිකිළි අපද්‍රව්‍ය පිරියම් කිරීමේ කර්මාන්ත (sewage treatment plants) කරන්නේ වැසිකිලි අපද්‍රව්‍ය වේලලා කාන්තාර වල ගිහින් වළලන එක. ඒ සදහා ඩ්සල් වැනි ඉන්ධන පුළුස්සා තමයි ඒ කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ.



නමුත් මෙම “Janicki Omniprocessor” යන්ත්‍රය වැසිකිළි අපද්‍රව්‍ය විදුලිය බවටත්, බිමට සුදුසු ජලය බවටත් සහ ඉතිරිය අළු ලෙසටත් පත් කරයි. “Janicki Omniprocessor” කියල නම් කරලා තියෙන්නේ Janicki Bioenergy සමාගමේ ප්‍රධානියා වන  Peter Janicki මහතාට ගරු කිරීමක් වශයෙන්. මේ යන්ත්‍රය මුලින් ම වැසිකිළි අපද්‍රව්‍ය  පුළුස්සා එයින් ලැබෙන හුමාලයෙන් යන්ත්‍රයේ විදුලිය නිපදවන එන්ජිම ක්‍රියාත්මක කරවන අතර අපද්‍රව්‍ය වලින් පිටවෙන ජලය පිරිසිදු කරද ලබා දේ.

මෙම යන්ත්‍රය පිළිබඳ ලෝකයා දකින ආකාරය දැන ගැනීමට Bill Gates මහතා කැමති බව ප්‍රකාශ කර ඇත.


apelokaya




No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.