Breaking News
recent

ඔබත් මෙහෙම සිහින දුටුවාද?








01. නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දුටුවොත්- රටේ ඉහල පෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..

02. ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දුටුවහොත් - වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ...

03. සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දුටුවහොත් - විශාල ප්‍රමාණයක් රිදී කාසි දුටුවහොත් ගොවිතැන්,වෙළදාම්,රැකියා,ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි...

04. සුදු බත් සහ පහන් සිහිනේන් දුටුවහොත්,ජලයෙහි පිහිනා ගොස් එගොඩ වුව හොත්,සදු දැකීම,ගිනි කදු දැකීම, ගිනි කදු සෙලවීම දැකීම - තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ...

05. සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනවා දුටුවහොත් - දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ...

06. දේවතාවියන් සිහිනෙන් දුටුවහොත් - සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ....

07. මහ මුහුද නිශ්චලව දුටුවහොත්,ඉතා අලන්කාර ලෙස අහස දුටුවහොත්,ඉති ලස්සන ලෙස සද දුටුවහොත්  - ප්‍රිති සහගත උත්සව,විනෝදකාමී දේවලට පව සහභාගී වී ,සතුට,සැපත බලාපොරොත්තු ඉටුවීම් වැනි දේ පෙන්නුම් කරයි...

08. බුදුවරුන්,දේවතාවුන්,රහතන් වහන්සේලා,සිහිනෙන් දුටුවහොත්, - එලොව ,මෙලොව,යහපත උදෙසා ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ් පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ....

09. පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම - යස ඉසුරු සම්පත් ලැබේ...

10.තම මැනියණ් සතුටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම  - සිතු පරිදි ධන සම්පත් ඇති වේ...

11.මවි පියන්,නෑදෑයන්,හිත්වතුන්,එක්වී ආදර බස්,සතුටු වදන් කීම,උපදෙස් දීම ආදිය දුටුවහොත් -    වටපිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේ....

12.ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතුටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම - තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි...

13.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම - පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ...

14.මත් පැන් බොනවා දැකීම,තව අයට කථා කරනවා දැකීම - පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණවක් පෙන්වයි...

15.පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම. - ධන වාසනාවක් අත්වේ...

16.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම - ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ...

17.මදුරුවන් ලේ බොනවා දැකීම,සදුන් ලී දැකීම,පබළු වළලු දැකීම - වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි...

18.කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම,නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම,සුදු නයින් පෙනීම,සුදු අසෙකු දැකීම,සුදු නෙලුම් මල් දැකීම,කිරි වර්ග දැකීම,මී වද දැකීම - පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වී,මැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබී,අදුරෙන් එළියට පැමි”මට හේතු වේ...

19.මොනරුන්,කුකුළන්,කොවුලන් දැකීම,ඉගිලෙන පරවියන් දැකීම,කෞතුකාගරයක් දැකීම - වාසනාවන්ත පෙම්වතියක් සමග,කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ...

20.පැරණි විහාර,දාගැබ් දැකීම - උසස්වීමක්,ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ....

21.පුරාණ පඩිපෙල් දැකීම, - බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ...

22.පුරාණ ගල් කණු දැකීම - සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ....

23.තුර්‍යය භාණ්ග පරිහරණය කරනවා දුටුවහොත් - රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම,ප්‍රීති දායක ආරන්චි හා නොසිතු ලාභ ලැබේ...

24.වෙහෙර විහාර බුදුන් වදිනවා...දුටුවහොත් - දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ...

25.මාළු රන්චුවක් දුටුවහොත් - ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්..

26.පහන් වැටක් දුටුවහොත් - හිමිවීමට තිඛෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි...

27.ඝාණ්ඨාරයක් වාදනය වනවා සිහිනෙන් දුටුවහොත් - ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත...

28.මල් පූජා කරනව දුටුවහොත් - ඉහල් පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි...

29.විහරස්ථානය්ක් දුටුවහොත් - ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත...

30.ඔරලෝසු දුටුවහොත් - සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉටුවනු ඇත..

31.මුදුවක් තමාම පළදිනවා දුටුවහොත් - තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැඛෙනවා ඇත..

32.විශාල ලෙස රිදී කාසි දැකීම,මල් සහිත ගස් දැකීම - වෙළද ව්‍යාපාර දියුණුවක්,බලාපොරොත්තු නොවූ ලාභයක්.

33.රන්මාලයක් දැකීම - සතුටු දායක ,ප්‍රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ....

අශුභ ඵල ගෙන දෙන හීන.......

01.වදුරන් ගස් උඩ යනවා දුටුවහොත් - නීති මගින් දඩුවමක්....

02.වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම - නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....

03.දරුණු ලෙස සිනහ සෙනවා දුටුවහොත් - අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....

04.දඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දුටුවහොත් - පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....

05.තමාගේ නිවසේ දෙබරයක් බැද තිඛෙනවා දුටුවහොත් - දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...

06.තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දුටුවහොත් - ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....

07.ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දුටුවහොත් - සතුරු විනාශයක්....

08.දත් වැටීම හෝ දිව වැටීම දුටුවහොත් - භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...

09.වැලි කදු, දුටුවහොත් - බලපොරොත්තු ඉටු නොවේ...

10.විශාල ගල් පර්වතයක් දුටුවහොත් - හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...

11.දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම - රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...

12.ගසකින් වැටී අනතුරකට පත්වීම - ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..

13.ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම - අඩු කුලයේ ස්ත්‍රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...

14.පොලගෙකු දුටුවහොත් - රෝග වලට,කරදරවලට හසුවේ....

15.කලු නයෙකු දුටුවහොත් - නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...

16.ගිරවෙකු දැකීම - එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...

17.වහනයක් පෙරලෙනවා දුටුවහොත් - මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...

18.අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම - බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...

19.පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දුටුවහොත් - මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..

20.එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දුටුවහොත් - මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..

21.ගේ තුල හතු පිපී තිඛෙනවා දුටුවහොත් - ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...

22.ඉර හද තරු කඩ වැටෙනවා දුටුවහොත් - දරුණු කරදර වැලකට පැටලේ...

23.අළු ඇටක‍ටු හා කලු ඇදුම් අදිනවා දුටුවහොත් - ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ.

24.වලසෙකු දැකීම - මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...

25.කොටියෙකු සිහිනෙන් පෙනීම - අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...

26.කුළු හරක් දුටුවහොත් - සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....

27.ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දුටුවහොත් - ගෞරවයට
හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..

28.මඩ වගුරු සහිත දිය උල්පත් දුටුවහොත් - සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...


29.ගෙම්බන් දැකීම - විනෝද ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න...

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.