Breaking News
recent

සුදු වෙන්න කැමති අයට දේශීය සාර්ථකම වට්ටෝරුවක්





කාන්තා හා පුරුෂ භේදයකින් තොරව ලස්සන පෙනුමක් ලබා ගැනීම සදහා ඔබ අප කවුරුත් කැමතියි. ඉතින් ඔබේ පෙනුම හැඩ කරවන ප්‍රධාන අංගයක් ලෙස සම හදුන්වා දෙන්න පුළුවන්. අපේ තරුණ තරුණියන් බොහෝමයක් දෙනා ගොඩක් දුරට සුදු සමක් ලබා ගැනීම සදහා නොයෙකුත් ආකාරයේ රූපලාවන්‍ය ආලේපන වර්ග භාවිතා කරනවා වගේම ඒවා සමට නොගැලපෙන තත්වයේ නම් ඒ මගින් විවිධ අතුරු ආබාධ වලට වුනත් ගොදුරු වීමට තිබෙන ඉඩ වැඩිවෙනවා. පමණක් රූපලාව්‍යය ආලේපන ඔබට අසාත්මිකතා ඇති කරනවා වගේම එමගින් ඔබේ පෙනුමට වුවද හානි විය හැකියි.
ඔබේ මිල මුදල් හා කාලය ඉතිරි කර ස්වභාවිකවම පැහැපත් සමක් ලබා ගැනීමට මෙන්ම අසාත්මිකතා දුරලා සැම දෙනා අතරම කැපී පෙනෙන චරිතයක් වන්න අද අපි ඔබට මේ කියන්න යන්නෙ ගෙදර ඉදලම ඔබේ සම පැහැපත් කර ගත හැකි සරල සත්කාර ක්‍රම කිහිපයක්. මෙමගින් ඔබේ පෙනුම තව තවත් ලස්සන කර ගත හැකි අතර දිදුලන හා පැහැපත් සමක් ද ලබාගත හැකිය.


1. ලෙමන් සත්කාරය

ලෙමන් යනු ප්‍රතිඔක්සිකාරක ස්වභාවික අමු ද්‍රව්‍යයක් වන අතර සමෙහි මැරුණ සෛල ප්‍රාණවත් කිරීමටද ලෙමන් උපකාරී වේ. උණු වතුරට ලෙමන් යුෂ ස්වල්පයක් එක් කොට මුහුණ සේදීමට හැකි අතර තවද ලෙමන් යුෂ වලට කහ එකතු කොට ආලේපයක් ලෙස සාදා මුහුණෙහි ආලේප කොට තිබෙන්නට හැර සෝදා හරින්න එමගින් ඔබට ප්‍රාණවත් සමක් ලබා ගත හැකිය.

2. කහ සත්කාරය

කහ යනු විෂබීජ නසන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වඩාත් භාවිතා වන පැරණිතම ඖෂධීය ගුණ පිරි ස්වභාවික ශාකයකි. ඇස් යට අවපැහැ වීම, කුරුලෑ ලප කැලැල්, මුහුණේ හා බෙල්ලේ අදුරු ගතිය දුරලීම සදහා කහ උපකාරී වේ. මී පැණි තේ හැන්දක් ගෙන එයට කහ කුඩු හැදි දෙකක් එක් කොට මිශ්‍ර කර මුහුණෙහි,බෙල්ලෙහි,හා ඔබගේ අත් පා වලද ආලේප කර විනාඩි 20-25 තිබෙන්නට හැර සෝදා හරින්න. වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීම සදහා සතියට දෙවරක් හෝ තුන්වරක් මෙය සිදු කරන්න.

3.ගස්ලබු සත්කාරය












ගස්ලබු යනු බ්ලීචිං ගුණාංග සහිත මිය ගිය සෛල ඉවත් කළ හැකි පළතුරකි.දීප්තිමත් සමකට ගස්ලබු ගුණදායි අතර ගස්ලබු වලට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කොට තලපයක් සේ සාදා මුහුණෙහි ආලේප කර මිනිත්තු 30 පමණ සෝදා හරින්න. වැඩි ප්‍රතිඵල සදහා සතියකට 2-3 වතාවක් මෙය සිදු කරන්න.


3. රෝස වතුර සත්කාරය
සමේ වර්ණය වැඩි කිරීමට රූපලාවන්‍යය සත්කාරයක් ලෙස රෝස යොදා ගන්නා අතර මෘදු හා පැහැපත් සමක් මෙමගින් ලබා ගත හැකිය. කිරි කාලක් පමණ ගෙන එයට රෝස මල් පෙති හෝ රෝස වතුර එක් කොට මදක් තිබෙන්නට හැර මුහුණ සෝදන්න. දිනකට තුන්වරක් වත් එම සත්කාරය සිදු කළ හැකි නම් ඔබට ඉක්මන් ප්‍රථිපල ලබා ගැනීමට හැකිය.

4. යෝගට් සත්කාරය

යෝගට් කියන්නෙ ආහාරයට ගන්න දෙයක් වුනත් සෞඛ්‍යයට බෙහෙවින් හිතකර ස්වභාවික ලස්සන වැඩි කර ගන්න පුළුවන් ලැක්ටික් අම්ලය හා විරංජන ගුණ පිරි සමේ පැහැපත් බව රැක ගැනීමට උපකාරි වන සංයෝගයක්. යෝගට් ස්වල්පයක් ගෙන එයට මී පැණි එක් කොට මිශ්‍ර කර ඔබගේ මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කර විනාඩි 15 පමණ සෝදා හරින්න. මී පැණි නැතත් යෝගට් තනිව මුහුණේ ආලේප කොට උණුසුම් ජලය මගින් සෝදා දැමීමට ද ඔබට පුළුවන් . සතියකට එක් දිනක් වත් මෙම යෝගට් ප්‍රතිකාරය සිදු කරන්න ඔබට හැකියි.

5.තක්කාලි සත්කාරය



එක් රැයකින් සමේ සියළු අප ද්‍රව්‍ය ඉවත් කොට සම දීප්තිමත් කර ගැනීමට තක්කාලි ඔබට උපකාරී වේ. තක්කාලි අළුත් සෛල නිපද වීමට උපකාර වන අතර තක්කාලි යුෂ ස්වල්පයක් ගෙන එයට ලෙමන් යුෂ එක් කර අදුරු ස්ථාන වල ආලේප කර පසුව සෝදා හරින්න.තෙල් සහිත සමකට නම් තක්කාලි යුෂ මී පැණි සමග යොදා මුහුණේ ගා පසුව සීතල වතුරින් සෝදන්න. එය කුරුලෑ වලටද හොද ප්‍රතිකාර ක්‍රමයකි.



No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.