ලේසර් වලින් බේරීමට ෆිල්ටරයක් රුසියාව නිපදවයි
ඇමරිකාව විසින් ලොව බලවත්ම ලේසර් අවිය නිපදවූ බවත්, ඊශ්‍රායලය විසින් ලේසර් මිසයිල ආරක්ෂක පද්ධතියකට මාරුවීමට නියමිත බවත් මීට පෙර අප ඔබට හෙළි කරන ලදි.
ලෝක බලවතුන් මෙලෙස මිසයිල වලින් ලේසර් වලට මාරුවීම ඇරඹීම අනාගතයේදී නිසා එල්ලවිය හැකි ලේසර් ප්‍රහාර වලින් බේරීමට නව තාක්ෂණික මෙවලමක් රුසියාව නිපදවා තිබෙනවා.
මෙම ෆිල්ටරය යෙදීම මඟින් එල්ල වන හමුදාමය ලේසර් ප්‍රහාරයන්ගෙන් අදාල උපකරන ආරක්ෂා කරගත හැකිය.
සයිබීරියාවේ නැනෝ තාක්ෂන පීඨය විසින් මෙය නිපදවා තිබෙන අතර එහි පීඨාධිපති Dmitry Chesnokov මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
"ලෝකයේ බොහෝ රටවල් ලේසර් තාක්ෂණයට යොමුවෙමින් තිබෙනවා. නයිට්විෂන් හා අනෙකුත් දිශා දර්ශක උපකරණ වලත් මේ ආකාරයේ ලේසර් භාවිතා වෙනවා.
එම අභියෝගය අපි බාරගත්තා. එවැනි ලේසර් ප්‍රහාර වලින් ආරක්ෂාවීමට අපි නව ෆිල්ටර් එකක් නිපදවා තිබෙනවා. මෙම ෆිල්ටරය යෙදීමෙන් එම උපකරණයට එල්ල වන ලේසර් ප්‍රහාරයකින් වැලකීමට පුළුවන්"
No comments:
Post a Comment