Breaking News
recent

ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මිනිහෙක් ...


වන සතුන් ගැන පර්යේෂණ පවත්වන පෝල් රෝසොලි විසින් සජීවී ඇනකොන්ඩෙකුගේ ආහාරය වීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. ඔහු මෙම අවධානම් කටයුත්ත කිරීමට තීරණය කොට ඇත්තේ ඇනකොන්ඩාවෙකු ගොදුරට ලංවන අයුරු, ගොදුර ආහාරයට ගන්නා ආකාරය,  ඇනකොන්ඩාගේ සිරුර තුලදී ගොදුරට සිදුවන විපර්යාසය අධ්‍යනය කිරීම සඳහාය.

 

මේ සඳහා ඔහු විශේෂිත ඇඳුමක්ද නිර්මාණයකොට තිබේ. මෙම සියලු ක්‍රියාවලිය පටිගත කිරීම සඳහා විශේෂ කැමරා ආම්පන්නද එම ඇදුමට සවිකොට ඇත.



ඇනකොන්ඩා විසින් ගොදුරක් ගැනීමෙන් පසු වමාරන අතර ඒ අතරතුර ජීවිතය බේරාගැනීම පෝල්ගේ සැලසුම වී තිබේ. මේ සඳහා ෆයිබර් කාබන්වලින් සෑදු විශේෂිත ඇඳුමක් ඔහු විසින් නිර්මාණය කොට තිබේ. මෙහිදී ඔහු වඩාත් සැලකිලිමත් වී ඇත්තේ සිය ආරක්ෂාව නොව ඇනකොන්ඩාට සිදුවන අපහසුතාව වලක්වා ගැනීමටය.

ඇනකොන්ඩාගේ අවධානය ගනු ලැබීම සඳහා පෝල් විසින් ඌරු ලේ ඇඟ පුරා දවටාගෙන සිටීමට නියමිතයි. අඩි 25 ක් දිග ඇනකොන්ඩාවෙකු පෝල් ගිලින අයුරු ඩිස්කවරි නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. ඇනකොන්ඩාගේ ගොදුර වීමට පෙර විශේෂිත ඉලෙක්ට්‍රොනික පෙත්තක් පෝල් විසින් ගිලිනු ලබන අතර එමගින් පෝල් සමග ඩිස්කවරි කණ්ඩායම සම්බන්ධතා පවත්වාගැනීමට සැලසුම්කොට තිබේ.

මෙම ක්‍රියාව සඳහා පෝල් විසින් ඇනකොන්ඩාවෙකු තෝරාගෙන ඇත්තේ දින හැටක් තිස්සේ පේරු රාජ්‍යයේ වැසි වනාන්තරයක සිදුකළ දුෂ්කර ගමනකින් අනතුරුවය.

ෆයිබර් කාබන් වලින් සාදන ලද පෝල් පළදින විශේෂිත ඇඳුම

ඇනකොන්ඩා විසින් පෝල් ව ආහාරයට ගන්නා ආකාරය ලබන ඉරිදා උදෑසන 9 ට ඩිස්කවරි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතයි.

nethfm
ෆයිබර් කාබන් වලින් සාදන ලද පෝල් පළදින විශේෂිත ඇඳුම  - See more at: http://offair.nethfm.com/article/9516#sthash.u2Mpc3Pm.dpuf

ෆයිබර් කාබන් වලින් සාදන ලද පෝල් පළදින විශේෂිත ඇඳුම  - See more at: http://offair.nethfm.com/article/9516#sthash.u2Mpc3Pm.dpuf

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.