වැලන්ටයින් ....
ඊයේ ඒ කියන්නේ පෙබරවරි 14 වෙනිදා තමයි ලෝක ආදරවන්තයින්ගේ දිනය.තවත් විදියකට කීවොත් වැලන්ටයින් දිනය..ඒත් මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ...
වැලන්ටයින් තුමා කියන්නෙ ක‍්‍රි.ව 3වන සියවසේ රෝමයේ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි 2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්‍යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්‍යය ලොකු කරගන්න. ඒක ඉතින් ඒ කාලේ හැම අධිරාජ්‍යයාටම තිබ්බ උණක්නෙ.
ඉතින් මිනිහා කල්පනා කරාලූ මේක කරන්න නම් මට ලොකු හමුදාවක් හදාගන්න වෙයි කියලා. ඉතින් රටේ මිනිස්සුන්ට හමුදාවට බැෙක්‍ෂන්න නියෝග ක*කඑතාලූ. ඒත් රටේ මිනිස්සු කොහොමද පවුල් පන්සල් දාලා යුද්ධෙට එන්නෙ. අනික ලොක්කට තේරුනාලූ තනිකඩයො යුද්ධෙට ගත්තොත් උන්ට පවුල් බර නැති හින්දා හොඳට කඬේ යවන්න පුලූවන් කියලා.
ඒත් ඉතින් අද තනිකඩයෝ හෙට හිරකාරයෝ වෙනවනෙ. ඉතින් ක්ලෝඩියස් ලොක්කත් නිකන් ඉඳලා නෑ දෙන්නම් වැඬේ කියලා තහනම් කලාලූ ඔක්කොටම කසාද බඳින්න.ඉතින් එතුමාට තේරිලා මේ නීතිය හින්දා ජඔඋප්ලෙ විඳින දුක. ඉතින් පියතුමා කරලා තියෙන්නෙ එහෙම කසාද බඳින්න කැමති අයව ගෙන්නලා හොරෙන් කසාද බන්ඳවපු එක.
ඒත් ඕක වැඩිකල් කරන්න ලැබිලා නෑ ක්ලෝඩියස් ලොක්කට ආරංචි වෙලා. ඉතින් මිනිහට මල පැනලා තමුන් දාපු නීතියක් කඩකිරීම ගැන. ඊටපස්සෙ වැලන්ටයින් පියතුමාව හිර කරලා. පස්සෙ පෙබරවාරි 14 වෙනිදාවක එතුමාගෙ හිස ගසා දාලා.ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න.
ඉතින් ක‍්‍රි.ව 496දී ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව ආදරවන්තයන්ගේ සාන්තුවරයා වශයෙන් නම් කරලා තියෙනවා.
gossipmirror
No comments:
Post a Comment