නිවසේ වාස්තු බැලූවාට ප්‍රශ්න විසඳුනේ නැද්ද ?
සොබාදහමට එක`ගව තමන්ගේ නිවස ඉදිකර ගැනීමට අවශ්‍ය ශිල්පීය ඥානය ලබා දෙන්නාවූ වාස්තු ශිල්පය දෙවි මිනිසුන් විසින් ප්‍රයෝජනයට ගන්නා වූ විශ්වීය විෂයකි. එනම් වාස්තු ශිල්පය මිනිසුන් පමණක් නොව දෙවියන්ද භාවිතා කරන බව මතක තබා ගත යුතුයි. දෙවියන් මෙම ශිල්පය ඉතාමත් සූක්ෂම ලෙස භාවිතා කරනු ලබන අතර ඉතා සියුම් දිව්යවිමන් මේ නිසා ගොඩනැගී ඇත. මිනිසුන්ගේ ඕලාරික ඝන වු පඨවි ධාතුව තුළට මෙම සීහුම් විශ්ව ශක්තිය අවශෝෂණය කර ගත හැකි පරිදි මහා වාස්තු සිද්ධාන්ත මැනවින් එකතු කර ගැනීමේ හැකියාව පවතිනු ඇත. ඔබ ජීවත් වන්නාවූ නිවස වාස්තු ශිල්පයට එක`ග කර ගැනීම උදෙසා අවස්ථා කිහිපයකදී ඔබ විසින් අවධානය යොමු කරනු ඇත.
එනම්,
1. නිවසක් ඉදිකිරිමට පෙර සිටම
2. නිවසක් ඉදිකරන අතරතුර
3. නිවසක් ඉදිකොට පදිංචි වීමට පෙර
4. නිවසේ පදිංචිවීමෙන් පසුව
5. නිවස නැවත වෙනස් කරන විට
ඉහතින් සඳහන් කළ කුමන හෝ අවස්ථාවක ඔබ ඔබගේ නිවසේ වාස්තු සිද්ධාන්ත එක`ග කිරීම සඳහා යොමු වීමේ හැකියාව පවතිනවා. මෙහිදි නිවසක් ඉදිකිරිමට පෙර සිටම පුද්ගලයෙකු වාස්තු පිළිබඳව අවධානය යොමු කරනු ලබන්නේ ඔහු හෝ ඇය විසින් මෙම වාස්තු ශිල්පය පිළිබඳව යම් අවබෝධයක් සේම යම් පිනක් පවතින බැවිනි. එසේම නිවසක් ඉදිකරන අතරතුර යම් කෙනෙකු වාස්තු පිළිබඳව අවධානය යොමු කරනු ලබන්නේ එම නිවස ඉදිකිරීම ප්‍රමාද වීම හෝ යම් යම් නොසිතූ කරදර බාධක දැනෙන විටකදී හෝ වෙනත් පුද්ගලයන් විසින් නිවසේ අඩුපාඩු කියන නිසාවෙනි. නිවසක් ඉදිකොට පදිංචිවීමට පෙර වාස්තු බැලීමට සිතන්නේ විශේෂයෙන් එම නිවස සම්බන්ධව එකිනෙකා කියන අදහස් සහ වාස්තු ශිල්පීය දැනුම පසුව අසන්නට ලැබෙන බැවිනි.
ඉහතින් සඳහන් කළ අවස්ථා තුනේදිම කෙනෙකු විසින් වාස්තු ශිල්පය කෙරෙහි යොමු වන්නේ ඔහු හෝ ඇයගේ කුසල් බලවත්කම නිසා එම නිවස වාස්තු ශිල්පයට එක`ග කර ගැනීමට යොමුවීමක් ලෙස පෙනීයයි. එයට හේතුව එම නිවසේ පවතින අයහපත් ප්‍රතිපල එම නිවස ඉදිකරන්නන්ට තවමත් සම්පේ්රක්ෂණය වී නොමැති බැවින් එම අවස්ථා තුන තුළම ඔවුනට ආරක්ෂාවීමේ අවස්ථාව ලැබී තිබෙන නිසාවෙනි. එසේ වුවත් යම් පුද්ගලයෙකු නිවසක් ඉදිකොට පදිංචි වූ පසුව වාස්තු සිද්ධාන්ත එක`ග කිරීමට උත්සාහ ගන්නේ ඔහුට එම නිවසේ අයහපත් ප්‍රතිපල ජීවමානව භුක්ති වි`දීමට සිදු වූ පසුවයි. එසේ වුවද යම් කෙනෙකුගේ පින බලවත් විටෙක පදිංචි වුවද වාස්තු දෝෂ බලපාන්නට පෙර ඒවා නිවැරදි කර ගැනීමේ අවස්ථාව උදාවන්නටද පුළුවනි. එසේ වුවද අපගේ මස් ඇසට නොපෙනෙන මෙම ‘‘දෝෂ’’ නැතිනම් ‘‘ද්වේශයන්’’ පෙර අකුසල් බලවත් වන කාල පරාසය පිළිබඳව නිශ්චිතව දැන ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ඒවා ඉතා භයානක බව මතක තබා ගන්න. ඊට හේතුව නිවසක වාස්තු දෝෂ වල ප්‍රතිපල අපට දැනෙන්නේ ඒවා සිදු වී අවසන් වූ පසුවයි. එවිට සිදුවියයුතු සියළු දේ සිදු වී අවසන් බැවින් එය වළක්වා ගැනීමේ හැකියාව අප සතු නොවේ. මේ නිසා මෙම ද්වේශයන් පිිළිබඳව කල් ඇතිව සිතා බලා නිවසේ විශ්ව ශක්තිය බලවත් කොට ගෙන ද්වේශවල ශක්තිය හීන කර ගැනීමට ඔබට පින් සිත් ඇති වන්නේ නම් එය ඔබගේ පින බලවත්වීමක් ලෙස සතුටු වන්න.
ඉහතින් සඳහන් කළ කුමන අවස්ථාවක හෝ ඔබ ඔබගේ ගෘහයේ වාස්තු සිද්ධාන්ත පරික්ෂා කොට බලා නිවැරදි කර ගනු ලැබුවද ඔබගේ ගෘහය නිසා දැනී තිබූ දෝෂයන්ගේ ප්‍රතිපල වෙනස් නොවී එලෙසම පවතින්නට පුළුවන. නිදසුනක් ලෙස ඔබගේ අතරම`ග වැඩ නතරවුණ නිවස පිළිබඳව වාස්තු පරික්ෂා කොට ලබා දුන් උපදෙස් පරිදි කටයුතු සිදුකළාට නිවස පෙර පරිදිම පල්වී වැඩ අතරම`ග නතර වී තිබෙන්නට පුළුවනි. එසේම නිවසේ ධන හානි, ලෙඩ දුක් පීඩා, අමනුෂ්‍ය බලපෑම්, අසමගිය, විවාහ කල්යාම් හෝ විවාහ අසාර්ථක වීම්, දරුඵල අහිමිවීම් සහ ගෘහ පරිශ්‍රය එපාවීම ආදී අයහපත් බලපෑම් එලෙසම තිබෙන්නට පුළුවන. ඔබ ගෘහයේ වාස්තු පරික්ෂා කොට පිළියම් යෙදු පසුවත් පෙර පැවති තත්වයන් වෙනස් නොවී තිබීමට බලපෑ හැකි හේතු මොනවාද කියා ඔබ දැනුවත් විය යුතුයි.
මෙය රටේ ජනතාව මුහුණ දෙන බලවත් ප්‍රශ්නයක් මෙන්ම වාස්තු ශිල්පයේ අභිවෘද්ධියටද අයහපත් ලෙස බලපානුු ලබයි. එසේ වීමට බලපෑ හැකි කරුණු කිහිපයක් පවතින අතර ඔබ එය නිසි ලෙස හඳුනාගන්න.
පළමු හේතුව වන්නේ වාස්තු ශිල්පීන් ලෙස වංචනික පුද්ගලයින් ලබාදෙන වැරදි උපදෙස් නිසා මෙවැනි තත්වයන් ඇතිවීම නූතනයේ බහුලවම දක්නට ලැබෙන තත්වයකි. මේ නිසා බුද්ධිමත් ඔබ සෑමවිටම වාස්තු විෂය පිළිබඳව දැනුම සහ පළපුරුද්ද ඇති පහත සඳහන් සුදුසුකම් ඇති වාස්තු ශිල්පියෙකුගේ උපකාර ලබා ගැනීමට උනන්දු වන්න.
ආධ්‍යාත්මික පරිචය
වාස්තු ශිල්පීය ඥානය
වාස්තු මනෝ විද්‍යාත්මක දැනුම
වාස්තු නැකත් දැනුම
සැලසුම් ශිල්පය පිළිබඳ දැනුම
ඉහතින් සඳහන් කරන ලද ඥානයන්ගෙන් සමන්විත වූ වාස්තු ශිල්පියෙකුගේ උපදෙස් ලබාගැනීම තුළින් පමණක් ඔබට ඔබගේ ගෘහයේ වාස්තු සිද්ධාන්ත නිවැරදි කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඊට හේතුව වාස්තු ශිල්පය යනු භෞතික හා ආධ්‍යාත්මික යන කොටස් දෙකම එක ලෙස සකස් විය යුතු විෂයක් බැවිනි. ඔබ හට ඒ ස`දහා යම් පිනක් තිබිය යුතු වේ. රෝගියෙකුගේ රෝග නිධානය නිසි ලෙස සොයා ගනු ලැබුවොත් පමණක් එම රෝග නිට්ටාවටම සුවවීම සදහා ඔසු ලබා දිය හැකියි. මෙම කාරණය වාස්තු ශිල්පයට ද එක සේ අදාල වනු ඇත.
වාස්තු පරීක්ෂා කොට නිසි ලෙස පිලියම් ලබා දුන්නද ඔබ විසින් එම පිළියම් නිසි ලෙස කි‍්‍රයාවේ නොයෙදවූ විට ද ගෘහයේ වාස්තු දෝෂ දුරු නොවනු ඇත. මීට අමතර වශයෙන් නිසි පිළියම් ලැබෙනු ද ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කළ ද ඔබගේ සංසාර ගත අකුසල් බලවත්වීම නිසා ද ගෘහයේ ද්වේශයන් නිසි ලෙස ඉවත් වීම සිදුනොවේ. කෙසේ වුව ද ඔබගේ ගෘහයේ වාස්තු බැලූවාට පැවති ප්‍රශ්න නොවිසඳීමට 99%ක්ම බලපානු ලබන කාරණය වන්නේ නිවැරදි උපදෙස් නොලැබීමයි. ගෘහයක වාස්තු පරික්ෂාවකදී සිදුවිය යුතු මූලික ගුණාංග සිදු නොවන විට එම ගෘහයේ වාස්තු දෝෂ ඉවත් වීම සිදුනොවේ. පොත පත බලා වාස්තු විද්‍යාව හදාරා මෙය කි‍්‍රයාවේ යෙදවීමෙන් ගෘහයක වාස්තු දෝ්ෂ ඉවත් කිරීමේ හැකියාවද ඇති නොවේ. වාස්තු යනු ශිල්පයකි. එය පරම්පරාවෙන් තමන්ගේ කුසලය මත ලැබෙන ශිල්පීය හැකියාවකි. එසේම පින බලවත්වීමෙන් හෝ කුසල් මත එම ශිල්ප ඥානය පරම්පරාවෙන් නොවුවත් කෙනෙකුට බලවත්වීමේ හැකියාව පවතිනවා. කෙසේ වුවද වාස්තු ශිල්පය නිසියාකාරයෙන් නුතනයේ භාවිතා නොවන නිසා වාස්තු බැලූ පමණින් නිවසේ දෝෂ දුරු නොවනු ඇත. මේ නිසා සිදුවන්නේ අවසානයේ ශිල්පයට ගැරහීමයි, ශිල්පයට දොස් කීමයි. මෙය කිසි සේත්ම නොකළ යුතු දෙයකි. ඔබත් ඔබගේ ගෘහය නිසි වාස්තු ශිල්පීය මූලධර්ම මත සකස්කර ගැනීමට මුල සිටම සිතට ගත යුතුයි. එවිට ඔබගේ පෙර කුසල් බලවත්් වී විශ්වයේ පින් ශක්තියට එක`ග වූ දෙවියන් සතුටු වන ගෘහයක ජීවත් වන්නට පින බලවත් වනු ඇත.
Divaina..
No comments:
Post a Comment