සෝයාමීට් කන අය මෙම ලිපිය අනිවාර්යෙන් කියවන්න
දැන් දකින්නට තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයාමීට්. සෝයා ආහාර උපන්බිම තමයි පෙරදිග ආසියාවයි. නමුත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයකට උරුම කම් කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර කාලයේ නිෂ්පාදනය කළ සෝයාමීට් දැන් වවන සෝයාමීට් අතර මූලික වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90 කටක් වැඩි වූ ප්‍රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයාමීට්ටුයි.
ඒ වගේම මේ සෝයාමීට් වලට රවුන්ඞ්අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනු ලබනවා. රවුන්ඞ්අප් වකුගඩු රෝගී කරන භයානක වල් නාශකයක් ලෙස සැලකෙනවා. එය පසුගියදා අපේ රට තුළ තහනම් කළා.
මිලෙන් අවම නිසා සෝයා ආහාර කර්මාන්තයක් වශයෙන් ලෝකයේ ප්‍රසිද්ධ වුණා, සියල්ල සිද්ධ ඊට පස්සෙ සෝයා ඇට වලින් ගන්නා මුල් නිෂ්පාදනය සෝයා තෙල්ය. තෙල් ලබාගත් අනතුරුව ඉතිරි වන රොඞ්ඩ සෝයා ආහාර සැකසුමට යොදා ගන්නවා. සෝයාමීට් මිලෙන් අඩුය. ව වගේම ආහාර සැකසීමේදී ඒවායේ ප්‍රශශ්ත නිෂ්පාදන පහසුකම් ඇතිවෙනවා. මේ අනුව සෝයාමීට් ආහාර බෙහෙවින් ප්‍රසිද්ධයි. සෝයාමීට් වලින් ළදරු ආහාරද සැළකිය යුතු ප්‍රමාණයක් නිපදවනවා.
සෝයාමීට්වල පෝෂණීය ගුණය සෝයා 100ග් ක ශක්තිය කැලරි 100ග් ක් තිබෙනවා. මේදය ග්‍රෑම් 9 ක්ද.. කාබෝහයිඩ්ට්රට් ග්‍රෑම් 10 ක්ද ප්‍රෝටීන 17ග්‍රාම් ද අඩංගු වෙනවා. මෙහි ඇති ප්‍රෝටීන මස්වල.. බිත්තරවල ඇති ප්‍රෝටීන තරම්ම පෝෂණීය නොවේ. ඒත් අන් කවර ශාක ප්‍රෝටීනයකටත් වඩා සෝයා ප්‍රෝටීන පෝෂණය ගුණයෙන් ඉහළ වෙනවා. නමුත් මේදය සැලකූ විට.. මෙහි තිබෙන්නේ බහු අසංතෘප්ත මේදයයි. මේ නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අගයන අයට නම් එතරම් සුදුසු වෙන්නෙ නැහැ.
සුපිරි ආහාරයකැයි බෞතීස්ම ලැබූ සෝයා වල චරිත සහතිකයට කළු පැල්ලමක් එකතු වූයේ මොක්ද ?
ශරීරයට කෘතිමව ලිංගික හෝමෝන බෙදා හරින පයිටොඊස්ටරජන වැඩි වශයෙන්ම අඩංගු ආහාරය සෝයාමීට් වෙයි. පයිටොඊස්ටරජන යනු අප ශරීරයේ තිබෙන ඊස්ටරජන් හෝමෝනයමයයි. සෝයාමීට්වල වෙනසකට ඇත්තේ එකී ප්‍රෝටීන සම්භවයකින් යුක්ත වීමයි. පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ලැබුණේ පයිටොඊස්ටරජන වල ගුණ පිළිබඳවයි.
ඒ නමුත් ඒ පර්යේෂණවලට මුදල් වියදම් කළේ කවුද ? ඒව් සෝයා කර්මාන්තයෙන් අධික ලාභ ලැබූ ව්යායාපාරිකයන්ය.බාහිරින් මෙවැනි හෝමෝන වලට සමාන රසායනයක් ලැබුණු විට ශරීරය එයට ප්‍රතිචාර දක්වනවා. ලිංගික හෝමෝන කෘතිමව ලැබීම හේතුවෙන් ස්වාභාවික ශරීරගත හෝමෝන ක්රිරියාකාරිත්වයට තිබෙන බලපෑම ඉතා විශාලය.
ඊස්ට්‍රජන් හෝමෝනය අධිකව ක්‍රිරියාත්මක වීමේ ප්‍රතිඵළයක් වශයෙන් ඇතිවන රෝග අතර පියයුරු පිළිකා, එන්ඩොමෙටිරයෝසියාව, ෆයිබ්‍රොයිඩ, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බෙලහීනතාවය මූලික වෙයි. දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අද අලෙවි කෙරේ.සෝයා වට්ටෝරුවකින් සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නොදරුවාටද උපත් පාලන පෙති හතරක හෝමෝන ශරීරගත වන බව පර්යේෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කළේය. අද කාලයේ සමහර දරුවන් වයස අවුරුදු හතේ අටේදී වැඩිවිය පත් වීමට මේ බලෙන් පැටවූ සෝයා ආහාර සිරිතද එක් චූදිතයෙකි.
සෝයා ඔබේ තයිරොයිඩ ග්රථිය විනාශයට පත් කරයිතයිරොයිඞ් ග්‍රන්ථිය මගින් සිදු කරන අයඩින් සමායෝජනය අඩාල කරන ආහාර .ගොයිට්රොරොජිනික ආහාර වෙනවා. තයිරොයිඞ් හෝමෝන ඝණීරාවයට අහිතකර බලපෑම් ඇති කරන ගොයිට්රොරොජිනික ආහාර රැසක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ සියල්ලෙන්ම රජු ලෙස සලකනු ලබන්නේ සෝයා ආහාරයි.සෝයා ආහාර මගින් තයිරොයිඞ් ග්රරන්ථියේක්රිරියාකාරිත්වයට විශාල බලපෑමක් සිදු කරන බව පසුගියදා දවස් තුළ මාධ්‍යය මගින් ඉමහත් ප්‍රසිද්ධියට පත්වූයේ සෝයා නිෂ්පාදන මහත් අභිරුචියෙන් ආහාරයට ගත් ඇමෙරිකාවේ ඔප්රා වින්ෆ්රරිට සිදුවූ එක්තරා අකරතැබ්බයක් හේතුවෙ නිසාවෙනි. නිලියක් වගේම රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් දැවැන්ත මාධ්‍යය භුමිකාවකට පන පෙවූ ඔප්රා වින්ෆ්රි හිටි හැටියේම චප්පදෝරු ශරීරයකට හිමිකම් පෑවාය. ඇගේ ජීව ශක්තිය ක්රමයෙන්න් අඩුවන බවක් මෙන්ම මනෝභාවයන්හී පිරිහීමක්ද ඇතිවන බව ඇයට දැනී ගිය නිසා ඇය වෛද්‍යය පරීක්ෂණ වලට ලක්වීමේදී අයඩින් හිගතාවය හේතුවෙන් ඇතිවන හයිපොතයිරොඩිසම් රෝගයට ඇය ලක් වී තිබෙන බව වෛද්‍යයවරුන් සොයාගෙන තිබෙනවා. මෙයට බලපෑ ඉතා ආසන්න හේතුව ලෙස ඇගේ සෝයාමීට් ආහාරයට ගැනීම බව හෙළිදරව් වීමත් සමගම සෝයාමීට් ආහාර සම්බන්ධයෙන් විශාල ප්රතිරෝධයක්ද බටහිර රටවල ඇති වුණා.
සෝයාමීට් වල අහිතකර ද්‍රව්‍ය විශාල වශයෙන් තිබේ. පයිටේට මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය දුර්වල කරනවා. අනෙක් ආහාර වල මේ ක්‍රියාවලිය සිදුවන්නේ නොගිනිය හැකි ප්රමාණයකිනි. නමුත් පයිටේට වල අධි සාන්ද්රරණයක් ඇති හේතුව නිසාවෙන් සෝයා ආහාර මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය සැළකිය මට්ටමකින් ප්‍රමාණයකින් දුර්වල කරන බව හෙළිදරව් වී තිබෙනවා. මෙමගින් මිදීමට ක්‍රමයක් තිබෙනවා. සෝයා ආහාරයට ගැනීමට පෙර පැසවීමකට ලක් කළ යුතුය.ට්රප්සීන් නිසා ආහාර ජීර්ණයට බාධා පැමිණෙනවා.
ට්රප්සින් යනු ජීර්ණක එන්සයිමයකි. ට්රප්සින් නැති විට නියමිත පරිදි ශරීරයේ ආහාර ජීර්ණයක් සිදු වන්නේ නැත. එවිට පාචනය ,කෙණ්ඩා පෙරළීම් , රුධිරවහන ආදිය ඇතිවෙනවා. සෝයා ට්රප්සීන් වල ක්‍රියාකාරිත්වය අඩාල කරන බවට හෙළිදරව් වී තිබෙනවා. ඉන් සමස්ත ජීර්ණක ක්රිරියාවලියට බාධා පැමිණෙනවා. මේ හේතුව නිසා අග්න්යායාශයේ රෝග ඇතිවීමට ඇති අවකාශ ඉහළ යනවා.
මේ හැරුණු විට සෝයා සතුව ඇති පහත දැක්වෙන අවගුණයන්ද පර්යේෂණාත්මකව සනාථ වී තිබෙනවා.සෝයා වල තිබෙන විටමින් බී ප්‍රතිසම අවශෝෂණයක් සිදු වන්නේ නෑ. සමස්ත ප්‍රතිඵලය වන්නේ ශරීරයේ බී 12 විටමින ඌණතාවයක් ඇති වීමය.සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඞී අවශ්යයතාවය ඉහළ නැංවෙනවා.සෝයාමීට් ආහාර සැකසීමේදී විෂකාරක ලයිසිනොඇලනින් හා අධි පිළිකාකාරක මෙන්ම නයිට්රරොසොඇමීන් උත්පාදනය වෙනවා.ඔබ දැනටමත් හානිකර යයි සළකන නිදහස් ග්ලූටමික් අම්ලයද සෝයා ආහාර නිෂ්පාදනයේදී උත්පාදනය වෙනවා. සෝයාමී වල තිබෙන අමු රසය නැති කිරීමට සැකසූ ආහාර වලට මේවා කෘතිමව එකතු කිරීමක්ද සිදුවෙනවා.සෝයාමීට් වල අධික ලෙස ඇළුමිනියම් තිබෙනවා. මේවා ස්නායු පද්ධතියටත් ,වකුගඩුවලටත් හානිකර බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.සෝයාමීට් සම්බන්ධයෙන් සමාජයේ ඇති වැරදි විශ්වාස සෝයා ආහාර සම්බන්ධයෙන් වැරදි විශ්වාස විශාල සංඛ්‍යා වක් සමාජගත වී තිබෙනවා. අප ඒවායේ සත්‍යය අසත්‍යයභාවය විමසා බලමු.
සෝයා වසර දහස් ගණනාවක් පැරණි ආහාරයකිසෝයා ප්රථමයෙන්මම ආහාරයට ගත්තේ චීනයේ ක්‍රි.පූ. 1134-246 සමයේ විසූ චොවු අධිරාජ්යයය සමයේදීයි. සෝයා අමුවෙන් ආහාරයට ගැනීම විෂ සහිත වනවා. මේ හේතුව නිසා සෝයා පැසීමට ලක් කිරීමෙන් චීන වැසියෝ ඇතැම් ආහාර රසවත්ව නිෂ්පාදනය කර තිබෙනවා.
ආසියානුවන් විශාල වශයෙන් සෝයාමීට් ආහාර අනුභව කරනවා. චීනයේත්, ජපානයේත් යන රටවල් ද්කේම දෛනික සෝයාමීට් පරිභෝජනය එක් පුද්ගලයෙකුට තේ හැඳි දෙකකට වැඩි වන්නේ නැහැ. සමස්තයක් ලෙස ආසියානුවන් වශයෙන් මාංශල ආහාර වලට ආදේශකයක් ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් නැත.
පැරණි සෝයා ආහාර තරමටම නූතන සෝයා ආහාර ද සෞඛ්‍යය සම්පන්න වනවා.
නූතන ආහාර සැකසීමේදී එහිදී සිදුවන්නේ පැසීමට ලක් කිරීමෙන් එහි තිබෙන විෂ උදාසීන කිරීමය. මෙහිදී ප්‍රෝටීන වල මුල් අණූක සැකැස්ම වෙනස් කිරීමක් සිදු වෙනවා. එය සෞඛ්‍යයයට හානිකර වනවා. ව වගේම මේ ක්‍රියාවලියේදී විශාල පිළිකාකාරක ප්‍රමාණයක් ඊට එකතු වන්නේය.
සෝයා ආහාරවලින් සම්පූර්න ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙයි.
එය වැරදි මතයකි. සියළුම රනිල භෝග වලට ඇති නොහැකියාව, එනම් ගෙන්දගම් සහිත ඇමිනෝ අම්ලය නැති වීම ,මිතියොනයින් හා සිස්ටින් යන සංඝටක ඌණතාවය මේ සෝයා ප්රෝටීනවලද එලෙසමය. නූතන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී පහසුවෙන් බිඳෙනසුළු ලයිසින් විනාශ වීම තවත් බරපතල පාඩුවකි. එවිට ලැබෙන්නේ බාගෙට ප්‍රෝටීන සැපයුමකි.
සෝයාමීට් පැසවීමට ලක් කිරීම නිසා විටමින බී 12 අවශ්‍යතාවය සම්පූර්ණ වනවා.
සෝයාමීට් වල තිබෙන මෙම විටමින් බී 12 ශරීරය තුළ ප්‍රයෝජනය වන්නේ නැහැ. එම නිසා එම විටමින වල ඇති ගුණයක් නැහැ. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදු වන්නේ විටමින් බී 12 තිබුණාටත් වඩා අඩුවක් නිර්මාණය වීමයි.
සෝයාමීට් ආහාර වට්ටෝරු ළදරුවන්ට ඉතා පෝෂ්යයදායකය ට්රප්සින් නිෂේධක ආහාරයට ගැනීමෙන් මිටි බව ඇතිවන බව සහ අග්න්යායාශයේ ලෙඩ රෝග ඇති කරනු ලබන බව සත්ත්ව අධ්‍යයයන වලින් සනාථ වී තිබෙනව. දරුවෙකුට දත් සහ අස්ථි වර්ධනයට විටමින් ඩී තීරණාත්මක කාර්යක් ඉටු කරනවා. දරුවන්ට සෝයාමීට් වට්ටෝරු ලබාදීමෙන් ශරීරයේ විටමින් ඩී අවශ්යයතාවය ඉහළ නැංවන බව හඳුනාගෙන තිබෙනවා.
යකඩ හා තුත්තනාගම් බිළිඳු මොළයේ වර්ධනයට අවශ්‍යය වනවා. සෝයාමීට් වල ඇති පයිටික් අම්ලය මේ යකඩ සහ තුත්තනාගම් වල ක්‍රියාකාරිත්වය අඩාල කරන බව හෙළිදරව් වී තිබෙනවා. මෙම කාලයට දරුවන්ට කොලෙස්ටරෝල්ද අවශ්‍යය කරනවා. සෝයා වල කොලෙස්ටරෝල් සංයුතිය අඩුපාඩු සහිතවනවා.
සෝයාමීට් වල ඇති පයිටොඊස්ටට්රජන හේතුවෙන් ඉතා අඩු වයසෙන් ලිංගික පරිණතියට දරුවන් පත්වීමේ ගැටළුව මේ ලිපියේම අන් තැනක අප කතා කරා.මෙම සියළු කරුණු කාරණා විමසීමේදී හයක් හතරක් නොතේරෙන දරුවන්ට හට සෝයාමීට් වට්ටෝරු නිතිපතා දීම කෙතරම් සුදුසුද යන්න නැවත සමාලෝචනය කිරීමට සිදු වෙනවා.
සෝයාමීට් ආහාර ඔස්ටියෝපොරෝසිස් වළක්වනවා.සෝයාමීට් ආහාර ගැනීම හේතුවෙන් කැල්සියම් හා විටමින් ඩී යන පෝෂ්‍ය පදාර්ථ දෙකටම ගැටළු මතු වෙනවා. මේ දෙකම අස්ථි සුවසෙත කෙරෙහී බෙහෙවින් වැදගත් වන බව ඔබද දන්නා කාරණයක්. මේ හේතුව නිසා සෝයා අස්ථි සවිමත් කිරීමට කිසිසේත් සම්මාදමක් නොවේ.
නූතන සෝයාමීට් ආහාරයට ගැනීමෙන් පිළිකා විශාල ප්‍රමාණයක් වැළඳීමෙන් ඔබව ආරක්ෂා කරනවා.
මෙයද ඉතා වැරදි මතයකි. බ්‍රිතාන්‍යය රජය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සෝයාමීට් ආහාර ගැනීමෙන් පිළිකා ඇතිවීම වළකින බවට ඇති සාක්ෂි එතරම් සවිමත් නොවන බව පෙන්වා දෙනවා.
ඇත්ත වශයෙන්ම මේ ගැන ගැඹුරින් විමසන විට පිළිකා ඇතිවන අවස්ථා වැඩි කිරීමට නම් සෝයාමීට් හේතු වන බවට විද්‍යායාත්මක කරුණු බොහෝ තිබෙනවා.
සෝයාමීට් ආහාර ඔබව හදවත් රෝග වලින් ආරක්ෂා කරනවා.
ලෝකය පුරා සිදුවූ අධ්‍යයන වලට අනූව සෝයාමීට් ආහාර ගැනීමෙන් සමහර ජන කොටස් වලට කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සාක්ෂි පවතිනවා.ඒත් සෝයා ප්‍රෝටීන වලින් හදවත් රෝග ඇතිවීම මර්ධනය වනවාද යන්න විමසා බැලිය යුත්තක් වනවා.
සෝයා ඊස්ට්‍රජන් නම් ඔබට යහපතක් සිදු කරයි
සෝයා , නිර්නාල ග්‍රන්ථි අවහිරකයක් ලෙස සැලකෙනවා. ස්වාභාවික ශරීර හෝමෝන වල ක්‍රියාකාරිත්වයට මෙමගින් ඇති කරන්නේ බාධාවකි. ආහාර ප්‍රයෝජ්‍යය මට්ටමෙන් ගත් විට සෝයාමීට් ආහාර ගැනීමෙන් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයට බාධා පැමිණෙනවා. පිළිකා අවදානම ඉහළ නංවනවා. එය මික්සිඩිමා එහෙම නැත්නම් තයිරොයිඞ් ග්‍රන්ථියේ අයඩින් නිෂ්පාදනය අඩාල කිරීමේ වරදටද හේතු වෙනවා.
සෝයාමීට් වල ඇති පයිටොඊස්ට්රජන මනස සුසර කරනවා.
මෑතකාලීන සොයා ගැනීමකට අනූව කාන්තාවන්ගේ රුධිරයේ වැඩිම ඊස්ට්‍රජන් සංයුතියක් ඇති අවස්ථාවේදී ව අය අඩුම ප්රජානන ක්රියාකාරත්වයක් ප්‍රකට කරනව.
ඇමෙරිකාවේ , ජපානයේ ටොෆු , ජනප්‍රිය ආහාරයක් තමයි සෝයාමීට් කියන්නෙ. මේ සෝයාමීට් වලින් හදන ආහාරය අනුභවයෙන් පසුකාළීනව ඇල්ෂයිමර් රෝගයට ලක්වීමේ අවදානම ඉහළ නැංවෙන බව හඳුනාගෙන තිබෙනවා.
ආර්තවභාවයට පසු කාලය ගත කරන කාන්තාවන්ට සෝයාමීට් ආහාර වඩාත් යෝග්‍ය වෙනවා.
සෝයාමීට් ආහාර මගින් ඊස්ට්‍රජන් මත ක්‍රියාකාරී වන අර්බුද, පිළිකා ආදිය බලගැන්වීමේ අවස්ථාව වැඩි කරනවා. එය තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්රිත රෝග වලටද අත වනනවා. තයිරොයිඞ් ග්‍රන්ථියේ අවක්රියාකාරිත්වය හේතුකොටගෙන ආර්තව අභාව රෝග ලක්ෂණ වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්වෙනවා.
සෝයාමීට් ආහාර ඔබේ ලිංගික සෞඛ්‍යය සාරවත් කරනවා.
සත්ත්වයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ වලට අනූව සෝයාමීට් සාඵල්‍යතාවය නොහොත් වර්ගයා බෝ කිරීමට බාධා කරමින් අහිතකර ක්රියාකාරිත්වයක යෙදෙන බව හෙළිදරව් වී තිබෙනවා.
මේ හැරුණු විට මැදි වයස් පුද්ගලයන්ගේ රෝම වර්ධනය වැඩි කරන බව හඳුනාගෙන තිබෙනවා. මෙය ටෙස්ටස්ටරෝන හෝමෝන හීන වන බවට සළකුණකි.
සෝයා පරිසරයට මිතුරු වගාවක් වෙනවා.
දැනට වවන සෝයාවලින් සියයට 90ක්ම ජාන වෙනස් කරන ලද සෝයා වෙනවා. මේවා ගැටළු රාශියක් පාරිසරික ජෛව ක්‍රියාකාරීන් විෂයෙහි ඇති කරනු ලබනවා.
දියුණු වන රටවලට ආවේණික ධාන්‍යය තිබෙනවා වී, කුරහන්, මෙනේරි, මුං, මේ කිසිවක් සෞඛ්‍යයට අහිතකර නැත. ප්රචාරයට මුවාවී සෝයා ප්‍රචලිත කිරීමෙන් මේ ගුණවත් ආහාර ජනතාවෙගෙන් ඈත් වී යනවා.
මේසා විපරීත පැටිකිරියක් සහිත සෝයා ආහාර පුරුද්දක් ලෙස පරිභෝජනයට ගැනීමෙන් රටක ජනතාවට සිදුවන යහපතක් නැහැ. මේ හේතුව නිසාවෙන් සුලබව සෝයාමීට් නිෂ්පාදන ආහාරයට ගන්නා පාරිභෝගිකයන් මේ ගැන යලි යලිත් සිතනු වටී.
1 comment:
https://www.thetruth.lk/archives/23618
Post a Comment