Breaking News
recent

ලාංකීය පාපන්දු පිටියේ රුවැත්තිය ‘ප්‍රවිණා’

 

 


ජාත්‍යන්තරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී කෙතරම් රුවැති ක්‍රීඩිකාවන් මුණ ගැසුණද ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රීඩිකාවක් දකින්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. වර්තමානයේ ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ එවැනි රුවැති ක්‍රීඩිකාවක් සිටින අතර, ඇය නමින් ප්‍රවිණා පෙරේරාය. 23 වැනි වියෙහි පසුවන ඇය දැනට ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කරමින් ඉහළ දක්ෂතා දක්වා සිටින්නියක්ද වේ.

 

ඔබ ක්‍රීඩිකාවක් නොවුණා නම්?

එහෙනම් අද මම ගුරුවරියක් විදිහට සේවය කරයි. මොකද, පුංචි කාලේ මගේ හීනේ වුණේ ගුරුවරියක් වෙන්න. නමුත්, ක්‍රීඩාවට යොමු වුණත් සමග ඒ හීනය මගෙන් ඉබේම වගේ ඈත් වුණා.

පාපන්දු ක්‍රීඩාවට අමතරව ඔබ කැමති වෙනත් ක්‍රීඩා?

ක්‍රිකට්, රගර් හා එල්ලේ ක්‍රීඩාවලට මම කැමතියි. පාසල් යන කාලේ මේ තරගවලට සහභාගි වුණා. ඒ වගේම තමයි මේ තරග නරඹන්නත් මම ගොඩක් උනන්දු වුණා.

ක්‍රීඩිකාවක් වගේම ඔබ නිරූපිකාවක්?

ඔව්, ක්‍රීඩා කටයුතුවලදී ලැබෙන ඉඩ අනුව මම නිරූපන කටයුතු වගේම රඟපෑම් කටයුතුත් කරනවා. මේ දිනවල දෙරණ රුපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයකට මම රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ගීත රූප රචනාවක් සඳහාත් පසුගිය කාලේ මම එකතු වුණා.

මේ ක්ෂේත්‍රවලින් එකක් තෝර ගන්නවා නම් ඔබ?

මෙම තෝර ගන්නේ ක්‍රීඩාව. මොකද, අද මේ තැන ඉන්නේ මම ක්‍රීඩිකාවක් වුණ නිසා කිව්වොත් හරි

පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන කොට ඔබට ලැබෙන තරුණයන්ගේ ආකාර්ශණය කොහොමද?

මම පෙන්වන දක්ෂතා මත ඔවුන්ගේ ප්‍රතිචාර උපරිමයෙන් ලැබෙනවා.

ඔබගේ රුව නිසා ක්‍රීඩාවේදී ගැටළු ඇති වෙලා නැද්ද?

එහෙම ගැටළු ඇති වෙච්ච අවස්ථා තියෙනවා. නමුත්, ඒවා මම ලොකු ප්‍රශ්න විදිහට හිතන්නේ නැහැ. මොකද, හැකියාව තියෙනවා නම් කාටවත් ඔලුව නවාගෙන ජිවත් වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. මම ක්‍රීඩිකාවක් විදිහට හරි දේ පමණක් කරන්න තමයි එදා ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ.

නිමාවූ ලෝක කුසලාන තරගාවලියේදී ඔබගේ සිත්ගත් පාපන්දු කණ්ඩායම හා ක්‍රීඩකයා කවුද?

ක්‍රීඩකයා ගත්තොත් මම කැමතිම කෙනා තමයි ආජන්ටිනාවේ ලයනල් මෙසීට. ඔහු හරිම නිහතමානි ක්‍රීඩකයෙක්. ඔහ්‍ර ක්‍රීඩා කරනවා බලන්න ආසයි. කණ්ඩායමක් විදිහට මම බ්‍රසීලය කණ්ඩායමට කැමතියි. ඔවුන් හැම වෙලාවේම උත්සාහ කරන්නේ තරගය ජයගන්න. අවසන් මොහොත වනතුරුම ඔවුන් තරගය අත්නොහරින කණ්ඩායමක්.

ක්‍රීඩිකාවක් විදිහට ඔබගේ අනාගතය?

ජාතික කණ්ඩායම හා දැනට මම ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මගේ දක්ෂතා උපරිමයෙන් දක්වන එක තමයි මගේ එකම ඉලක්කය. ඊට අමතරව මම කැමතියි මම වගේම දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවන් අනාගතයේදී බිහි කරන්න යම් දායකත්වයක් සපයන්න.

ඔබ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙනවට ඔබගේ පවුලේ අය කැමතිද?

අම්මා නම් කැමති වුණේ නැහැ. නමුත්, දැන් අම්මා ගොඩක් කැමැතිය. මොකද මම අද පාපන්දු ක්‍රීඩිකාවක් විදිහට පෙන්වන දක්ෂතා නිසා. ඇය තමයි මේ ක්‍රීඩාවෙන් මාව ඉදිරියට යන්න මාව දිරිමත් කළේ. ගොඩක් උදව් කළා. අදටත් මා පසුපස ඇය සෙවණැල්ල වගේ ළඟින් ඉදගෙන මට උදව් කරනවා. මේ වෙලාවේ ස්තුති කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා ඒ තමයි මගේ පාපන්දු පුහුණුකරු විරාජ් ප්‍රනාන්දු මහතා.

 

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.