Credit Card හොරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද?
Credit Card & Debit Card සමාජයේ හැම දෙනාම වගේ use කරන දෙයක් වෙලා. ඒ වගේම Credit Card හොරකනුත් එන්න එන්න වැඩි වේගෙන යන්නේ. අපි බලමු මේ හොරුන්ගෙන් බේරෙන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම ටිකක්.
1. card එකෙන් කරන transaction phone එකට SMS එකක් එන්න අනිවා හදා ගන්න.
2. හැම මාසෙම credit card statements & bank statements review කරලා බලන එක පුරුද්දක් කර ගන්න.
3. Purse එක පිට් pocket ගැහුවොත්
වහාම Card එකේ Back side එකේ තියන Telephone Number එකට call කරලා card එක deactivate කරන්න. (මේ no එක phone එකේ save කරලා තියා ගන්න කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ) purse එකේ තියන card ගණන සහ මොන bank වලද කියන එක record එකක් තියාගන්න ඕනේ, සමහර උන් ගාව card 10 ක් විතර purse එකේ දාගෙන ඉන්නවා. හදිසියකට නැති උනේ මොන card ද කියලවත් මතක නෑ .හොදම දේ ගමනක් යන කොට තමන්ට අවශ්‍ය වෙන card කීපයක් විතරක් අරගෙන පලයල්ලා. තියන හැම මගුලම අරන් ගිහිල්ල නැති උනාම හබක් තමා .
* Card එකේ Pin එක purse එකේම ලියල තියා ගන්න එපා. ගොඩක් ගැහැණු අය මේ දේ කරනවා. අමතක වෙනවා නම් phone එකේ contact no එකක් විදිහට save කර ගන්න. හැබය් Phone එක Lock කරලා තියා ගනිල්ලා.
4. Online Transaction
* Online Transaction කරනවා නම් පුළුවන් තරම් PayPal හරහා කරන්න.
* Paypal support කරන්නේ නැති නම් Site එක https:\\ කියල domain name එකට කලින් තියනවද කියල අනිවාර්යෙන් බලන්න. මේ S එකෙන් කියන්නේ secure කියල
* ඒ වගේම Air Ticket වගේ එකක් purchase කරනවා නම් හදිසි නොවී site එකේ reviews google එකේ search කරලා බලන්න. මොකද scam site එකක් නම් ඒ ගැන ලියපු reviews දාල තියනවා. මට ඒ වගේ ඒවා අහු වෙලා තියනවා. පොඩි ලාබෙට අහුමුලු වල තියන site වලින් ගන්නේ නැතිව Airline official site එකෙන් ගන්න එක ඇගට හොදය.
3. අපි Card එක Restaurant එකකදී වගේ අපි table එකේ ඉද්දි waiter ට දුන්නම පොර ඒක counter එකට අරන් ගිහිල්ල තමා swipe කරන්නෙ මේ වෙලාවේදී පොර card එකේ දෙපැත්ත photo එකක් ගහ ගත්තොත් පොරට පුලූවන් වෙන වෙලවක Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක
Credit Card or Debit Card එකේ පිටිපස්සේ තියන CVV එක පිහියකින් වගේ scratch කරලා යවල marker Pen එකකින් blind කරන්න. එතකොට කාටවත් Card එකේ details හොරෙන් අරගෙන online transaction කරන්න බෑ
Youtube එකේ videos තියනවා කොහොමද කරන්නේ කියල
මතක් කරලා CVV එක phone එකේ save කරලා තියාගන්න ඕනේ මොකද අපිට online Transaction එකක් කරන්න ඕනේ උනොත් ඒක ඕන වෙන හින්ද.
හැබැය් card duplicate machine එකක swipe කරලා duplicate card එකක් හදා ගත්තොත් කරන්න දෙයක් නෑ. මොකද එතකොට card එක super market වලට දීල බඩු purchase කරන්න පුළුවන් නිසා. හැබැය් ඒත් CVV එක නැති නිසා online transaction කරන්න බෑ
4. Visa paywave
සමහර card වල ඔඋබලා මේ වගේ mark එකක් දැකල ඇති මේ card sampath , com bank වලින් issue කලාට read කරන machine එක තාම ලංකාවේ ප්‍රසිද්ද නෑ. මේ card එකෙන් radio wave (RFID) එකක් නිකුත් කරන චිප් එකක් ඇතුලේ තියනවා. card එක swipe කරන්නේ නැතිව machine එක ලගට card එක ලං කලාම transaction එක වෙනවා. ඕන නම් normal swipe කරන්නත් පුළුවන්.
මේ ක්‍රමේ ගොඩක් customer ට ලේසි උනාට මේ card එක purse එකේ පිටිපස්සේ සාක්කුවේ තියෙද්දී card එකේ details හොරකන් කරන්න පුළුවන් gadgets හදල තියනවා. එකෙන් පුළුවන් duplicate card එකක් හදා ගන්න. කොහොමද වැඩේ
මේ radio wave එක block කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියනවා. aluminium foil එකකින් card එක cover කලොත් read කරන්න බෑ. Anti RFID sleeves තියනවා ebay එකේ ගන්න. හැබැය් ගොඩක්ම සාර්ථක ක්‍රමේ තම Anti RFID card holder එකක් ගන්න එක
ඔයා පිට රටවලට යන කෙනෙක් නම් මේ ගැන වැඩි පුර හිතන්න. මොකද වෙන රටවල මේ ක්‍රමේට credit card හොරු සැහෙන්න වැඩි වෙලා.
***ELAKIRI***
No comments:
Post a Comment