Breaking News
recent

මැණික් හරි ගණන්ලු නේද ?



මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

ඒ වුණාට ඔයාගේ සැබෑ නම මැණික් නෙවෙයි නේද ?
අපේ තාත්තා ගෙදරට මට ආදරේට කිව්වෙ මැණිකේ කියලයි. ඒ නම හැමෝම කියන්න පටන් ගත්තා. ඒත් උප්පැන්නයේ මගේ නම සදහන් වන්නෙ තිලකා විජේවර්ධන කියලයි.

මැණික් කැමති මැණික් වර්ගය මොකක්ද ?
බ්ලු සැෆායර්.

මැණික්ටත් මැණික හම්බ වෙලා තියෙනවාද ?
මට හමුවෙච්ච ලොකුම මැණික මමයි.

ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියලත් ආරංචියි.
ඉස්සරහට ඒ විස්තර කියන්නම්.

අලුත් අවුරුද්දට මොනවද කරන්නෙ ?
මේ පාර සිංහල අවුරුද්දට පිටරට සංචාරයක යෙදෙනවා.

විශේෂ හේතුව ?
ඇත්තටම මෙතෙක් මම තාත්තිගෙ මැණික් බිස්නස් එකට තමයි උදව් කළේ. මටත් මගේම ස්වාධීන ගමනක් යන්න ඕනෑ. ඉතින් ළගදීම අලුත් ව්‍යාපාරයක් අරඹන්න සූදානමින් සිටින්නෙ. ඒ ගැන දැනුවත් වෙන්න සහ විවේකයක් මට අවශ්‍ය වුණා.

කාලයකට පසුව නේද මැණික් චිත්‍රපටයකට දායකව සිටින්නෙ ?කොහොමටත් මම හරි අඩුවෙන් තමයි නිර්මාණවලට එක්වන්නෙ. ඒත් දිගට රගපාන්න කැමැති නැහැ. හේතුව ඒකයි.

සේයා චිත්‍රපටයේ ඔබ රගපාන චරිතය ගැන කතා කරමු.
මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒ මිනීමැරුම ගැන හොල්මන් වෙසින් ඇවිත් හෙළිදරව් කරන චරිතයක්. ඒක ඇත්තටම වෙනස්ම චරිතයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරුන්ට මගේ ස්තූතිය පුදකරන්නට ඔ්නෑ.

සැබෑ ජීවිතයේදී හොල්මන් දැකලා තියෙනවද ?
නැහැ.

සේයා චිත්‍රපටයේ රගපෑමට ගොස් සිටියදී වෙච්ච දේ ගැන මතක් කළොත්.
රූගත කිරීම් තිබුණෙ රිවර්ස්ටන්වල. මම හිතන්නෙ මම වෙන්න ඇති වැඩියෙන්ම කන්ද උඩට සහ පහළට ආවේ. කේබල් දාලා තිබුණා. ඒත් ඕක හරි ත්‍රාසජනක අත්දැකීමක් වුණා. අනෙක මේ චිත්‍රපටයේ ඔක්කෝම කාන්තා රංගන ශිල්පිනියන් වීම නිසා ඒකත් හරි අපූරු අත්දැකීමක් වුණා.

කාන්තාවෝ ටික වැඩ කළ විදිය කොහොමද ?
හරිම සුහදශීලිව කටයුතු කළා. රිවර්ස්ටන් පළාතට සිග්නල් නැහැ. හරි අඩුයි. ඉතින් සතියක විතර කාලයක් දුරකතන ඇමතුම් නැතුව ගත කිරීමත් මනසට හරිම සැහැල්ලුවක් ගෙන දුන්නෙ.

සේයා – රූගත කළ ඉසව්වෙ ඇත්තටම හොල්මන් තිබුණාය කියන කතාවේ ඇත්ත මොකක්ද ?
අපි නවාතැන් ගෙන හිටපු බංගලාවේ එහෙම දේ සිද්ධ වෙන බව අහලා තිබුණා. කාමරවල අමුතු සද්ද එහෙම ඇහුණා. ඒත් අපි කට්ටිය එකට හිටපු නිසා බය වුණේ නැහැ.

සේයා නරඹන ප්‍රේක්ෂිකාවක ලෙස ඔබට එය දැනෙන්නෙ කොහොම ද ?
ඇත්තම කිව්වොත් හොද ප්‍රතිචාර ලැබෙන්නෙ. මෙය කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තනිකරම වෙනස් හැඩයක් ගන්න වෙනස් චිත්‍රපටයක්.

මැණික්ට අවුරුදු මතකයන් එහෙම තියෙනවද ?
අපේ ළමා කාලයේ දී හරිම අපූරු සුන්දර මතකයන් තිබෙන්නෙ. අලුත් අවුරුදු කාලයේදී හරිම සුන්දරව ගත කළා. නමුත් අද කාලයේ දරුවන්ට ඒ සුන්දරත්වය අත් විදින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. අපි විදි දේ ඔවුනට ලැබෙනවා අඩුයි.

මැණික්ගේ ජීවිතය මේ දිනවල ගෙවන විදිය ගැනත් කිව්වොත් ?
පසුගියදා යාළුවකුගේ පිරිත් ගෙදර ගිහින් එද්දි අනතුරකට ලක්වුණා. මගේ අත උළුක් වුණා. දැන් ඒකට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ නිසා වැඩ මොනවත් බාර ගන්නෙ නැහැ.
2019-03-16

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.