ජනප්‍රිය ඉන්දීය සිනමා  නිළි ඇමි ජැක්සන්ගේ විවාහය එළැඹෙන මැයි මාසයේ පස්වැනිදා එංගලන්තයේ ලන්ඩන්හි පැවැත්වීමට නියමිතව ඇත. මේ වනවිට පස්මස් ගැබිණීයක් වන ඇමි ජැක්සන් කාලයක සිට බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියි.

මේ දිනවල ලොවපුරා ප්‍රදර්ශනය වන ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටයේ සුපිරි  දකුණු ඉන්දීය සිනමා නිළි රාජ්ණිකාන්ත් හා බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සමගින් රංගනයෙන් දායක වෙන ඇමි ජැක්සන් අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී තිබේ.
කෙසේ වෙතත්, කාලයක් ඇමි ජැක්සන් සමලිංගික කාන්තාවක්ද ලෙසද මාධ්‍යයන් හඳුන්වනු ලැබීය. එමෙන්ම විවාහයට කළින් ගැබිණීයක් වීමේ පුවතද අන්තර්ජාලය පුරා මේ වනවිට සැරිසරමින් තිබෙන බව වාර්තා වේ. ගැබි ගැනීම හා  සිය විවාහය නිසා ඇමි ජැක්සන් තාවකාලිව මේ වනවිට ඉන්දීය සිනමාවෙන් ඉවත්වද සිටියි.