Breaking News
recent

සුරංගි නිසංසලා





‘මිස් ඩයමන්ඩ් ක්වීන්’ තරගාවලියට ඉදිරිපත්ව එහි අවසන් තරගකාරියන් 12 දෙනා අතරට පැමිණ සිටින සුරංගි නිසංසලා සමගින් අපි මෙවර කතා බහ කළේමු.  නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන ඇය නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන්නීයක්ද වෙයි.

ක්ෂේත්‍රයට ආවේ කොහොමද?

ඒක අහම්බෙන් වුණ දෙයක්. ඇත්තටම මම දන්නෙත් නැතැ මම මේ ක්ෂේත්‍රයට කොහොම ආවද කියලා.

නිරූපිකාවක් වෙන්න කැමැත්තක් තිබුණද ඔබට?

ආසාවක් තිබුණා. නමුත්, හිතුවේ නැහැ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා වැඩ කරන්න ලැබෙයි කියලා. නමුත්, අහම්බෙන් අද ඒ අවස්ථාව මට ලැබිලා තියෙනවා.

මේ දිනවල ඔබ පැජන්ට් එකකට ඉදිරිපත් වෙලා තියෙනවා?

ඔව්, ‘මිස් ඩයමන්ඩ් ක්වීන්’ කියන පැජන්ට් එකට. මෙම තරගයේ අවසන් අදියරය තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. දමිත් අන්ජු තමයි මේ පැජන්ට් එක කරන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තරගයේ ජයග්‍රහණයක් ලැබෙයි කියලා.


ක්ෂේත්‍රය ගැන නම් අද විවිධ මත තියෙනවා?

ඔව්, නමුත්, මම මේ ක්ෂේත්‍රය තුළ එහෙම නරක දෙයක් දකින්නේ නැහැ. අපි හැමෝම එන්නේ මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න. ඉතින් වැරදි දෙයක් කරලා ඉදිරියට යන්න කාගෙත් කැමැත්තක් නැහැ.

කලා කටයුතුවලට දායක වෙලා තියෙනවාද?

ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා තියෙනවා. ගොඩක් කරලා තියෙන්නේ පෝටෝ ෂූට්වලට පෙනී ඉන්න එක. විවිධ කලා කටයුතුවලට ආරාධනා ලැබුණා. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගෙන කරනවා.

නිරූපිකාවකට තියෙන පිළිගැනීම කොහොමද?

එක එක්කෙනා කරන වැඩ අනුව තමයි පිළිගැනීම තියෙන්නේ. මම හිතනවා මම කරන වැඩත් එක්ක මටත් යම් පිළිගැනීමක් මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා කියලා.

ක්ෂේත්‍රය තුළ දිගටම රැදෙන්නද අදහස?

ඔව්, වැඩ ලැබුණොත් කරනවා. නමුත්, හැම වැඩක්ම භාරගෙන ඉක්මන් ගමනක් මට යන්න අවශය නැහැ. ක්ෂේත්‍රයට ඇවිල්ලා ලොකු කාලයකුත් නැහැ මම. ඒ වුණාට කරලා තියෙන වැඩ ප්‍රමාණය බොහෝම අඩුයි.

උදව් කරපු අය?

ක්ෂේත්‍රයට සම්බන්ධ වුණදා ඉඳලා අද වෙනකම් වචනයකින් හරි උදව් කරපු අය ගොඩක් හිටියා. ඒ හැමෝම මේ අවස්ථාවේදී මතක් කරනවා.

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.