Breaking News
recent

‘ටැටූ’ එකක් කරන්න හිතුවේ ඇයි? .thilini




‘ටැටූ’ එකක් කරන්න හිතුවේ ඇයි?

තෙරේන කාළේ ඉඳලා ‘ටැටූ’ එකක් කරන්න ආසාවක් තිබුණා. මොකද, ජනප්‍රිය පුද්ගලයන් කරන දේවල්වලට මම පොඩි කාළේ ඉඳලාම කැමතියි. ඒ නිසාම මම ඔවුන්ව අනුගමනය
කළා. ඒ අය ‘ටැටූ’ විලාසිතා කරලා තියෙන කොට මටත් ආසාවක් ඇතිවුණා ‘ටැටූ’ එකක් අඳින්න. ඒ හින්දා තමයි මම ‘ටැටූ’ එකක් ඇන්දේ.


මේ ‘ටැටූ’ එකේ අර්ථයක් තියෙනවාද?


නැහැ. ‘ටැටූ’ එකේ ඉන්නේ සමනළයෙක්. පිටේ තමා ‘ටැටූ’ එක ඇන්දේ. ගාල්ලේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වන තික්ෂණි කාරියවසම්ගේ සැමියා සජිත් අයියා තමයි මේ ‘ටැටූ’ එක ඇන්දේ. ‘ටැටූ’ එක අඳින්න යනකොට අදහසක් තිබුණේ නැහැ මගේ මොකක්ද අඳින්නේ කියලාවත්. පැය ගාණක්’ටැටූ’ නිර්මාණ බලලා අන්තිමට මගේ හිත ගියේ මේ සමනළයාට. ඊට පස්සේ මගේ පෙම්වතත් එක්ක කතා කරලා ඒ නිර්මාණය ඇන්දා.

‘ටැටූ’ එකක් අඳිද්දි යම් වේදනාවක් ඇති වෙනවා කියන කතාව ඇත්තද?

ඇත්තටම, ගොඩක් අය කියන කතාවක් තමයි ඕක. මාත් ගොඩක් බය වෙලා හිටියේ ‘ටැටූ’ එක අඳිද්දි. කොටින්ම කිව්වොත් පොඩ්ඩක් විතර උණගතියකුත් තිබුණා ඇති වෙච්ච බයට. නමුත්, සජිත් අයියා බොහෝම පරිස්සමින් මේ නිර්මාණය කළා. ‘ටැටූ ‘ එක අඳිද්දි මට දැනුණේ නිකම් කුඹියෙක් කනවා වගේ පොඩි වේදනාවක්.

පවුලේ අයගෙන් බලපෑමක් තිබුණේ නැද්ද?

නැත්තෙමත් නැහැ. ඒ වුණාට මේක මගේ කැමැත්තට ඇඳපු එකක් නිසා ලොකුවට ඒ අයගේ බලපෑම් තිබුණේ නැහැ.

මේක වෘත්තියට බාධාවක් නැද්ද?

මේ ‘ටැටූ’ එක මම ඇන්දේ මම නිරූපණ කටයුතු කරන්න පටන් ගත්ත මුල් කාලයේ. ඊට පස්සේ තමයි මම රඟපාන්න ආවේ. ‘ටැටූ’ එක පිටේ ඇදපු නිසා මමත් හිතුවා මේක කාටවත් පෙන්නෙත් නැහැ ඒ හින්දා මගේ වෘත්තියටත් මේකෙන් බාධාවක් වෙන එකක් නැහැ කියලා. නමුත්, අද වෙන කොට මට වැඩ ගොඩක් අහිමි වෙලා තියෙනවා මේ ‘ටැටූ’ එක නිසා. මෑතකදී දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණා. ප්‍රධාන චරිතයක්. නිර්මාණය තුළ සියයට 80ක්ම තියෙන්නේ මම ඇතුළත් ජවනිකා. නමුත්, ‘ටැටූ’ එන නිසා ඒ වැඩේ අහිමි වුණා. ඒ වෙලාවේ නම් ලොකු කණගාටුවක් ඇතිවුණා මට.

යාළුවෝ ‘ටැටූ’ විලාසිතා කරලා තියෙනවද?

මගේ ගොඩක් යාළුවෝ ‘ටැටූ’ ඇඳලා තියෙනවා. ඒ අයත් එක්ක ‘ටැටූ’ විලාසිතා ගැන කතා කරලා තියෙනවා. ඒ අය කරපු ‘ටැටූ’ විලාසිතා අගය කරලා තියෙනවා. මම ඇඳපු ‘ටැටූ’ එකටත් ඒ අය හොඳ ප්‍රතිචාර දීලා තියෙනවා.

ආයෙත් ‘ටැටූ’ එකක් අඳින්න කැමති නැද්ද?

ආයෙත් එකක් අඳින්න අදහසක් තියෙනවා. නමුත්, දැන්ම නෙමෙයි. සමහරි විට මම මේ ක්ෂේත්‍රයට සමුදුන්න කාලයේදී මම ආයේ ‘ටැටූ’ එකක් අඳියි කියලා හිතනවා.

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.