Breaking News
recent

අම්මගේ හීනය මම හැබෑ කළා - දෙවෙනි ඉනිමේ ආක්ෂා



2019 අවුරුද්දෙ ජාතික රුපවාහිනියෙ අවුරුදු කුමරි කිරුළ හිමිවුණාට පස්සෙ මට සක්කාරං ටෙලි නාට්‍යයේ රඟපාන්න ඇරයුමක් ලැබුණා. ඊට පස්සෙ දෙවෙනි ඉනිමේ ආක්ෂ ගෙ චරිතයට අවස්ථාව උදාවුණා. මගේ අම්මත් තරුණ කාලෙ හරිම ආසාවෙන් ඉඳල තියෙනව කලාවට එන්න. ඒත් අපේ ආච්චි හරි වසයිලූ. එයාල අම්මට කලාවට යන්න දීල නැහැ. හැබැයි මම මගේ පළමු ටෙලි නාට්‍යය සක්කාරං හි රඟපානකොට මගේ අම්ම විදිහට රඟපෑවේ මගේ අම්මමයි. අම්ම එදා දුටු හීනය මා තුළින් දකින්න ආස වුණා. අම්මට දැන් මං ගැන සතුටුයි. මාත් එක්ක රසිකයන් කතා කරද්දි මටත් වඩා සතුටු වෙන්නෙ අම්මා.
 

නෙත්මිත් ආක්ෂා වගෙයිද?

මම ආක්ෂා වගේ නපුරු කෙනෙක් නෙවෙයි. මගේ වයසේ යුවතියකගේ ඇඳුම් පැළඳුම් හැසිරීම් සිතුවිලි තමයි ආක්ෂට තියෙන්නෙ. ඒ නිසා රසිකයන් හිතන්නෙ මමත් ආක්ෂා වගේ නපුරුයි හිතුවක්කාරයි කියලයි. ඒත් මේ චරිතය නපුරු වුණාට මිනිස්සු මට මේ චරිතය හරහා ආදරය කරනව කියල මට දැනෙනව. ගොඩක් අය මාත් එක්ක සෙල්ෆියක් අරගෙන පස්සෙ අහනව ඔයා ඇයි අපේ අනුහස් මල්ලිට මෙහෙම බනින්නෙ ඔයා ඇත්තටමත් අහංකාර නපුරු කෙනෙක්ද කියල. මම ඇත්තටම අහිංසක නැහැ. හැබැයි මම නපුරුත් නැහැ.

නෙත්මිගේ පවුලේ තොරතුරු මොනවද?

අපේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මල්ලියි ආච්චියි. අපේ ගම කඩුවෙල. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක්.

නෙත්මිගේ හිත හොරාගත් ආදරවන්තයෙක් ඉන්නවද?

ආදර ආරාධනා දැන් දැන් වැඩියි. තවම ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ. විශ්වවිද්‍යාලයෙදි ඔය තත්ත්වය ටිකක් වැඩියෙන් දැනෙනව. මොකද පාසලේ වගේ නෙවෙයි එතන තියෙන්නෙ නිදහස් පරිසරයක්නෙ. මම හිතාගෙන ඉන්නව උපාධිය සම්පූර්ණ කරනකම් ඒ ගැන හිත්නනෙ නැහැ කියල.

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.