Breaking News
recent

ලෝකයේ වැඩිම වටිනාකමකින් යුත් අතුරුපස කොග්ගලින්








ලෝකයේ  වැඩිම වටිනාකමකින් යුත් අතුරුපස කොග්ගල ෆෝට්‍රස් රිසෝර්ට් අවන්හල මගින් පිළියෙල කොට තිබේ. රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8 මුදලකටය. එය සියලු බදු මුදල් එකතු කළ විට රුපියල් මිලියන 02කට ආසන්න අගයක් ගනියි.

එහි රිටිපන්න ධීවරයෙකුගේ හැඩය චොක්ලට්වලින් සාදා තිබෙන අතර, ඉතාලියානු කැසෙටා රස සහිත අයිරිෂ් අයිස්ක්‍රීම් සහ අඹ රස සහිතව මෙම අතුරුපස සකසා තිබේ. මෙම අතුරුපස සමග කැරට් 80 ක නිල් මැණික් ගලක්ද පිරිනැමෙන අතර, එම මැණික් ගල හේතුවෙන් මෙහි වටිනාකම ඉහළගොස් තිබේ. මෙම මැණිකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වේ. එම මැණික වෙළෙඳ පොළෙන් මිලදීගන්නේ නම් මීට වඩා මිලක් වනු ඇති බව හෝටල් කළමනාකරීත්වය පවසයි.

මෙයට පෙර ලෝකයේ වටිනාම කේක් එක සකස් කළේද මෙම හොටෙල් නිකේතනය විසිනි.


http://ada.lk

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.