මේ දිනවල හිරු රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන ‘සිද්ධාර්ත ගෞතම’ ටෙලි
නාට්‍යයේ දකින සිනෙති අකිලා සමගින් අද කතා බහ අපි මෙළෙස දිග හැරියේමු. ටෙලි
නාට්‍යය අතලොස්සකට රංගනයෙන් දායක වී ඇති ඇය වැඩිපුර දායකත්වය සපයා ඇත්තේ
චිත්‍රපටය සඳහාය. සෝමරත්න දිසානායකයන්ගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය ‘කළු
එතෙනා’ ලෙස රංගනයෙන් දායක වෙමින් රංගනයට අත්පොත් තැබු සිනෙති මේ වනවිට
චිත්‍රපටය බොහෝ ප්‍රමාණයක් සඳහා දායකව සිටින්නීය.
මම ආවේ සිනමාවෙන්. ඒ හින්දා සිනමා නිර්මාණවලට තමයි වැඩිපුර කතා කරන්නේ.
මාත් කැමතියි සිනමාවට. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබෙනවා.
නමුත්, ඊට වැඩියෙන් සිනමා නිර්මාණවලට මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා.
‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ ‘රන් සයුර’, ‘සරිගම’ හා ‘සේයා’
චිත්‍රපටවල මම රඟපෑවා. ටෙලි නාට්‍යය ගත්තොත් ‘හදයා’ වගේම මැතකදී විකාශය
අවසන් වුණ ස්වාධින රූපවාහිනියේ ‘අහිමි’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉදිරියට එන්න
තියෙනවා ‘රන්දෝණි’, ‘සරිගප්පි’ හා ‘වෙස්සන්තර’ කියන චිත්‍රපට. ඒ වගේම මේ
දිනවල සෝමරත්න සර්ගේ තවත් අලුත් චිත්‍රපටයක වැඩ කරනවා. ඒ නිර්මාණ හරහා
ඉදිරියේදී මාව සිනමාව තුළ දැකගන්න පුළුවන්.
No comments:
Post a Comment