පොප් ගායිකා කැති පෙරි විවාහ ගිවිස ගෙන
වසර තුනක කාලයක් මුළුල්ලේ ජනප්‍රිය හෙලිවුඩ් සිනමා නළු ඔර්ලන්ඩ් බොලම්ගේ පෙම්වතියව සිටි ජනප්‍රිය පොප් ගායිකා කැතී පෙරී පසුගිය පෙබරවාරි 14 වැනිදා විවාහ ගිවිස ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. එය ඇය විසින් ප්‍රසිද්ධ කර ඇත්තේ සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ඇය විවාහ ගිවිසගත් මුදුවේද ඡායාරූපයක් සහිතව.
කෙසේ වෙතත්, හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ කැති පෙරිගේ විවාහ ගිවිස ගැනිමේ මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත් එකක් බවය. කැති පෙරි මීට පෙරද විවාහ වී සිටි අතර, ඒ රසල් බ්‍රැන්ඩ් නම් හාස්‍යමය හොලිවුඩ් නළුවා සමගය. ඔවුන් දෙදෙනාගේ විවාහය 2010 වසරේදී බිඳ වැටි තිබුණී. වර්තමානයේ කැති විවාහ වී සිටින බොලම්ද කලින් විවාහකයෙකුද වේ.

No comments:
Post a Comment