අතිශය ජනප්‍රිය වූ නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ ‘ආලියා’ ලෙස රංගනයෙන් එක්වූ ෂනාලි වීරසිංහ වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. ඉදිරියේදී යළිත් රංගනයට පිවිසීමට සූදානමින් සිටින ෂනාලි මේ වනවිට පෙම්වතියක්වද සිටින බවට අපිට තොරතුරු ලැබේ. ඒ පිළිබඳව අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.

අපේ සම්බන්ධය පටන් අරගෙන නම් ලොකු කාලයක් නෙමෙයි. නමුත්, එයාව හම්බ වුණාම කාලයක ඉඳන් දන්නවා වගේ තේරුණා. මගේ පෙම්වතා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. ඒත්, මගේ නිරූපණ වැඩවලට වගේම කලා කටයුතුවලට එයාගෙන් තහනමක් නැහැ. ඒවාට ගොඩක් වෙලාවට උදව් කරන්නේ එයා. ගොඩක් හොඳ කෙනෙක්. මෙහෙම කෙනෙක් මට ලැබෙයි කියලා මම හීනෙකින් වත් හිතුනේ නැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. විවාහය ගැන නම් දැන්ම කියන්න බැහැ කවදා, කොහේ සිද්ධවෙනවාද කියලා. ඒ ගැන තොරතුරු මම පසුවට කියන්නම්.