Breaking News
recent

හුරතල් පෙනුමක් "නර්මදා ජයමහ"

 


 

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය අතරේ බොහෝ දෙනා අතර ජනප්‍රියව තිබෙන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයට විශේෂ තැනක් ලැබේ. එම ටෙලි නාට්‍යයේ ‘දසුනි’ ලෙස රංගනයෙන් දායක වන නර්මදා ජයමහද රසික ඔබගේ ආදරය දිනා සිටින යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්ව සිටියි. එමෙන්ම නර්මදා මේ වනවිට ගායිකාවක් ලෙසද නමක් දිනා සිටියි. 

ඔබ රංගන ශිල්පිනියක් විදිහට කලඑළි බසින්නේ ‘දසුනි’ චරිතය හරහා?

ඔව්,  ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ ‘දසුනි’ කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය. නමුත්, රංගනය කියන දේ මට නුහුරු දෙයක් නෙමෙයි. පාසල් යන කාලේ ඉඳලා මම ළමා රංගන ශිල්පිනියක් විදිහට රංගනයෙන් දායක වුණා. ඒ වගේම සම්මානත් දිනාගෙන තියෙනවා.

රංගන ශිල්පිනියක් වුණත් ඔබ වැඩිපුර දක්ෂ නිවේදනයට?

ඔව්, පාසල් යන කාලෙම මට අවස්ථාව ලැබුණා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ළමා නිවේදිකාවක් විදිහට වැඩ සටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන්න. අදටත් මම ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ජනප්‍රිය ළමා වැඩසටහනක් වූ ‘ඩෙන්ටි රසපැන’ හා ‘සුර්ය විමන’ කියන වැඩසටහන් ඉදිරිපත් කරනවා. කාලයක් මම ස්වර්ණවාහිනි නාළිකාවේ හා ජාතික රූපවාහිනියෙත් වැඩසටහන් කිහිපයකම නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

ගායිකාවක් වෙන්න මාවත සැකසෙන්නේ කොහොමද?

පාසල් කාලේ ඉඳලා මම ගීත ගායනයට දක්ෂයි. ගායනයෙන් ජයග්‍රහණ පවා හිමිකර ගෙන තියෙනවා. අම්මාගේ හා ආච්චිගේ බල කිරීම මත මම ගිය වසරේ තිබුණ ‘ඩ්‍රීම් ස්ටාර්’ රියලිටි තරගයට ඉදිරිපත් වුණා. එහිදී අවසන් තරගකරුවන් 24දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා.

‘සංගීතේ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

‘ඩ්‍රීම් ස්ටාර්’ තරගයට සම්බන්ධ වුණ නිසා දෙරණ නාළිකාවත් එක්ක සම්බන්ධයක් ඇති වුණා. බොහෝ පිරිසක් අඳුනගන්නත් මට අවස්ථාව ලැබුණා. දවසක් ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ  ඇඳුම් නිර්මාණ ශිල්පියා විදිහට කටයුතු කරන චරිත් සුලක්ෂණ අයියා කිව්වා ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ ‘දසුනි’ කියලා චරිතයක් තියෙනවා කරමුද කියලා. පසුව ‘සංගීතේ’ අධ්‍යක්ෂණය කරන සාරංග මෙන්ඩිස් අයියාව මුණගැහිලා තිර පරීක්ෂණයකට මුහුණදීලා තමයි ‘දසුනි’ චරිතය රඟපාන්න ආවේ.

‘දසුනි’ කියන චරිතය ඔබේ ජීවිතේට සමීපද?

ගොඩක් සමීපයි. ඇත්තටම, ‘දසුනි’ වගේම මම හරිම අහිංසක, සංවේදි කෙනෙක්. ඒ වගේමමට ටිකක් ‘හුරතල් පෙනුමකුත්  තියෙනවා. මම හිතනවා ‘දසුනි’ කියන චරිතය මම උපරිම සාධාරණය මේ වනවිට ඉටු කරලා තියෙනවා කියලා.

ගී නිර්මාණයක් එළිදක්වන්න අදහසක් නැද්ද?

තියෙනවා. මේ වසර අවසන් වෙන්න කලින් මගේ අලුත්ම ගීතය රූප රචනාවක් සහිතව එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වූ ගීත රූප රචනා කිහිපයකුත් ඉදිරියට විකාශය වීමට නියමිතයි. ‘සංගීතේ’ ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න දැනට මට ආරාධනා ලැබිලා තියෙනවා.

No comments:

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.