සුදු මෝරා ගිල දැමූ සුපිරි දඩයක්කරු සොයා ගවේෂණයක්..
විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කරමින් සිටි විශාල සුදු මෝරෙකු තවත් විශාල සතෙකුට ගොදුරුවූ බවට සැක පහළ වීම සමග එම සත්වයා කවරෙක්ද සොයා ගවේෂණයක් දියත්ව ඇතැයි වාර්තා වේ.
බටහිර ඕස්ටේ‍්‍රලියානු මුහුදේදී මෙම දුර්ලභ සිදුවිම වාර්තා වී ඇති අතර සිනමාකරුවකු වන ඬේවිඞ් රිග්ස් මේ පිළිබඳ වාර්තා වැඩසටහනක් සකස් කරමින් සිටී.
ඕස්ටේ‍්‍රලියානු මහා සුදු මෝරුන් චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කරන ව්‍යාපෘතියක් සඳහා රිග්ස් සේවය කරමින් සිට ඇත.
ඔහු පවසන්නේ එක් මෝරෙකුගේ සිරුරේ සවි කරන ලද උපකරණයක් යම් සතෙකුගේ ආමාශයේ දින ගණනක් පැවති බව එමගින් සම්පේ‍්‍රෂණය කළ දත්ත මගින් පැහැදිලි වීම සමග ඔහු මවිතයට පත්වූ බවයි.
එම උපකරණය පසුව වෙරලට ගසා ගෙන පැමිණ ඇති අතර එය සත්ව ආමාශයක පැවති බව තහවුරු කරමින් එහි කිසිදු ඇල්ගී වගාවක් තිබී නොමැත.
එය හදිසියේම මහාද්වීපික තටකයේ සිට මීටර් 500ක් පමණ ගැඹුරට රැගෙන ගොස් ඇති අතර උෂ්ණත්වයද සෙල්සියස් 7.7 සිට 25.5 දක්වා හදිසි වැඩිවීමක් සිදුවි ඇත.
අදාළ මෝරා වෙනත් මිනීමරු මෝරෙකු විසින් හෝ වෙනත් දන්නා සත්වයෙකු විසින් ආහාරයට ගත් බවට මෙම දත්ත සංසන්දනය කරමින් තහවුරු කළ නොහැකි වී ඇතැයි පැවසේ.
රිග්ස්ගේ වාර්තා වැඩසටහනේ කොටසක් යූටියුබ් මගින් නරඹා ඇති බොහෝ දෙනෙක් ක‍්‍රැකන්, ප්‍රෙඩෙටර් හෝ ගොඞ්සිලා වැනි සාහිත්‍යමය සත්වයෙකු පිළිබඳ සැක පහළ කරමින් ඇතැයිද වාර්තා වේ.
lankacnews
1 comment:
Thank u for information!!!
Post a Comment