අවුරුදු 67 කට පසු සැබෑ පිටසක්වළ ජීවියෙකුගේ ඡායාරූපයක්...
පිටසක්වළ ජීවින් පිලිබඳ පර්යේෂකයෙකු වන ටොම් කැරේ තමාට නියත වශයෙන්ම පිටසක්වල ජීවියෙකුගේ බව තවුරුකළ හැකි ඡායාරූපයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව් කොට තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු රහස් ඔත්තුකරුවෙකුගේ මෙම ඡායාරූපය ලැබී ඇති බව ටොම් විසින් පවසා තිබේ.
ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ ඇමරිකාව විසින් රහසිගතව පවත්වාගන යන Area 51 කලාපයට අනුයුක්තව සේවය කළ සෙබලෙකු විසින් තහවුරු කරන ලද මෙම ඡායාරූපය ලබා දී තිබේ.
ලොවටම වසන් කරමින් 1955 වසරේ සිට මෙම ප්‍රදේශය රහසිගතව පවත්වාගන ගියේ පිටසක්වල යානා හා පිටසක්වල ජීවීන් ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙන්ම යුධ ගුවන්ගානා හා රහසිගත යානා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බව මේවනවිට හෙළිවී තිබේ.
මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1947 දී Kodak කැමරාවක් මගින් ගන්නා ලද්දක් බවට තහවුරු වී තිබේ. 1947 ජුලි මාසයේදී පිටසක්වල ජීවින් සම්බන්ධව තවමත් කතාබහට ලක්වෙන රොස්වෙල් සිදුවීම මෙක්සිකෝ හිදී සිදුවිය.
neth
No comments:
Post a Comment