Breaking News
recent

විනිවිද පෙනෙන ජංගම දුරකතනයක් වෙළෙඳපොලට








ඉතා වේගයෙන් වෙනස්වන දුරකතන ලෝකයේ නව පෙරළියක් ඇති කරමින් විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොලට නිකුත් කිරීමට නියමිතයි.

තායිවානයේ පිහිටුවා ඇති පොලිටොන් ටෙක්නොලජීස් නම් සමාගම විසින් මෙම නව නිපැයුම එළිදැක් වීමට කටයුතු කරමින් සිටී.

මෙම ජංගම දුරකතනය විනිවිද පෙනෙන බහුකාර්ය ස්පර්ෂක (Multi-touch) තිරයකින් සමන්විත වේ.




මෙහි මූලාකෘතියට ඔවුන් යොදා තිබෙන්නේ වෙනස් කල හැකි වීදුරු තාක්ෂණය (Switchable glass technology)යන අරුත් ඇති නව ක්‍රමයක්.ඒ ක්‍රමයට අනුව මෙහි රූප තිරයට ගෙනෙන්නේ ද්‍රව ස්ථටික අණු යොදාගෙනයි.

සන්නයන ගුණ ඇති කාබනික පොහොර විමෝචන ඩියෝඩ(Oled)රූප තිරය මත මැවීමට මෙහිදී භාවිත කෙරෙනවා.

දුරකතනය වසා තබා ඇති විට මෙහි අණු ඒකරාශී වී කිරි පැහැති සංයෝගයක් බවට පත් වෙනවා.

ඒත් ස්විච් කළ වහාම ඒවා නැවත පෙළ ගැසි රූප සටහන්,සංකේත ඇතුළු වෙනත් ලකුණු තිරය මත මතු වෙනවා.

ඒ වගේම මෙහි විනිවිද නොපෙනෙන කොටස් කිහිපයක් අන්තර් ගතයි.එස්ඩී කාඩ්,සිම් කාඩ්,මයික්‍රෝෆෝනය,කැමරාව,බැටරිය ඒ අතර වේ.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ දුරකතනයේ දෙපැත්තම ඔබට පරිහරණය කළ හැකි වීමයි.

කෙසේ නමුත් විනිවිද පෙනෙන තිරයෙන් පමණක් මෙම දුරකතනයට වෙළෙඳපොල ආක්‍රමණය කිරීමට නොහැකි බැවින් අනෙකුත් ස්මාට් ෆෝන් වල ඇති සියලුම පහසුකම් මෙම ජංගම දුරකතනයට ඇතුලත් කිරීමට අදාළ සමාගම කටයුතු කරන බවද පවසනවා.


24newslanka

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.