මගීන්ට තරු පේන්න බුලත්විටක් කාලා
ත‍්‍රිකුණාමලේ සිට මුතූර් බලා ධාවනය වෙන පෞද්ගලික බස් රථයකට අතරමගදී පැහැපත් පෙනුමක් ඇති තරුණ කෙනෙක් ගොඩ විය.
බසය ධාවනය වෙයි. මගියා තම ඔඩොක්කුව මත තබාගෙන සිටි කළුපාට බෑගයෙන් සිගරට් පැකට්ටුව සහ ගිනි පෙට්ටියක් අතට ගත්තේය. අසල සිටින මගීහු මේ දෙස බලා සිටිති. බස් රිය තුළ දුම්බීම තහනම් දැන්වීමද මගියාගේ හිසට ඉහළින් දැකගත හැකිවිය.
සිදුවන්නේ කුමක්දැයි මගීහු කටු කුටු ගෑහ. ඔවුහු එකිනෙකාගේ මුහුණු බලාගත්හ.
මගියා ඒ කිසිත් ගණන් ගත්තේ නැත. තැන්පත් ඉරියව්වෙන්ම සෙමෙන් සෙමෙන් සිගරට් පැකට්ටුව විවෘත කළේය. එහි තිබූ බුලත්විටක් අතට ගත්තේය. බුලත් පුවක් සහ හුණු අවශ්‍ය පරිදි සකසා ගත්තේය. විට මුවෙහි රුවා ගත්තේය. පසුව ගිනිපෙට්ටියද ඇරියේය. එයින් ගත් දුම්කොළ කැබැල්ලක් කටේ දාගත්තේය. පසුව සිගරට් පැකට්ටුවත් ගිනි පෙට්ටියත් බෑගයේ දමා ගත්තේය. මගීනට කටඋත්තර නැතිවිය. අර මගියා කට කොනකින් සිනාසුනේය.
lankadeepa



No comments:
Post a Comment