Breaking News
recent

මට ෆේස්බුක් ගිණුමක් නැහැ රසිකයො රැවටෙන්නෙ හොර ගිණුමකට - ශනුද්‍රි ප්‍රියසාද් අලුත් තොරතුරු හෙළිකරයි




http://www.rivira.lk/online/images/2014/06/29/shanudri%20priyasad%202.jpgප්‍රියසාද් කියන නම ඇසුන ගමන් දැන් මතක්වන්නේ සුන්දර දඟකාර යුවතියන් තුන්දෙනෙක්ව. ඒ අක්කල, නංගිලා තුන්දෙනා හරිම ජනප්‍රියයි.
ඒ ඔවුන්ගේ පියා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් නිසාම ‍නෙවෙයි. මේ තුන්දෙනත් රංගනයට, ගායනයට, අධ්‍යක්ෂණයට වගේම යෙහෙළියන් හැටියට ඔවුන් ඉන්න තැනක පිරුණු ආලෝකයක් සතුටක් තිබුණු නිසා.මම නුගේගොඩ මේ සුන්දර යුවතියන් තුන්දෙනා වාසය කළ නිවසට ගොඩවැදුණා. ඇත්තෙන්ම අද නම් මාව පිළිගන්නෙ ෂනුද්‍රියි. ඇගේ වෙනදා තිබුණු දඟකාරකම කොහේ හෝ සඟවලා වගේ ඇවිත් මාව පිළිගත්තා. ඒ සුන්දර සිනහව දඟකාර කතාව අම්මා එක්ක තියෙන හුරත‍ලේ නම් අඩුවක් වෙලා නැහැ. මම දැන් ෂනුද්‍රිගේ ඉදිරියේ. චමිල ඇයගේ පින්තූර ගන්න සූදානම්.

• ‘ඉතින් ශනුද්‍රි’ මම මේ දඟකාර යුවතියගේ දැහැන බිඳිනවා.
‘හොඳින් ඉන්නවා වරදක් නැහැ. අලුත් පාසල් වාරේ පටන් ගත්ත නිසා මේ දවස්වල මුල්තැන දෙන්නෙ ඒ වැඩවලට. වෙලාවකට කම්මැලිත් එක්ක. ඒත් ඉතින් මේකත් ගොඩදාගන්න ඕනනෙ නේද නැද්ද තිළිණි.’ ඇය සුපුරුදු විදිහට කියනවා.

• ඔයා ඒ ලෙවල්වලට ආර්ට්නේද කරන්නේ?
අයියෝ නෑ මම කැමති වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න මට ඕලෙවල් විභාගයේ කොමර්ස්වලට ‘ඒ’ සාමාර්ථයක් තියෙනවා. මගේ දවෛනි අක්කිත් කළේ ඉතින් කොමර්ස්නෙ මමත් ඒ විෂයන්වලට කැමති නිසා ඒලෙවල්වලට වාණිජ විෂය තෝරාගත්තා.

• ඔයා ‍පොඩිකා‍ලේ ඉඳන්ම හීන මැව්වේ බැංකු  ක්ෂේත්‍රයක රැකියාව කරන්න නේද? ඒ නිසාද වාණිජ අංශය තෝරාගත්තේ? මම ඇහැව්වා. ඇය මොහොතක් කල්පනා කළා.
දැන්නම් එහෙම ආසාවක් නෑ අනේ. ‍පොඩි කා‍ලේ නම් ලොකු හීනයක් තිබුණ තමා බැංකු නිලධාරිනියක් වෙන්න. මට හිතෙන්නෙ ඒ ජොබ් එක ගොඩක් කාර්යබහුලයි කියලා. ඒ නිසා මම දැන් කැමතියි ටීචර් කෙනෙක් වෙන්න. ඒ ලෙවල්වලින් පස්සේ මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වෙන්න අධ්‍යාපනය හදාරනවා. මට හිතෙන්නෙ ඒක හොඳට තියේවි. පුංචි පුංචි පැටව් එක්ක දවස් ගතකරනකොට පාළුවක් නැහැනේ.

• ඔයාට සින්දු කියන්න පුළුවන්නෙ . ඔයාට තිබුණෙ විෂයක් හැටියට ඒක කරන්න. මම ඇහුවා
මම සාමාන්‍ය පෙළටවත් සංගීතය විෂයක් විදිහට තෝරගත්තෙ නෑ. ඒක මට සහජයෙන් ලැබුණු දෙයක් කියලා. ඒ නිසා මම උසස් පෙළට විෂයක් විදිහට සංගීතය තෝරා නොගත්තත් ඉදිරියේදී ඒ පිළිබඳ විශේෂයෙන් හදාරන්න බලා‍පොරොත්තු වෙනවා. මොකද ඉගෙන ගන්න දෙයක් අහක යන්නෙ නැහැනෙ නේද? ෂනුද්‍රි හිනාවෙවී කියනවා.

• ‘එතකොට රංගනයෙන් ඈත්වෙන්න ඕනෙ මොකද දැන්  වැඩිය පේන්නත් නැහැනෙ.’ මම කිව්වා
අනේ නෑ. මම ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වුණ නිසා රංගනයෙන් දායක වුණේ නෑ. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. රඟපෑම වුණත් හිතලා බලල කරන්න ඕනේ. ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඇඳෙන චරිතයක් වෙන්න ඕනේ.

• ඉතින් ඔය කියන විදිහට තාත්තගේ නිර්මාණවලට විතරද ෂනුද්‍රි දායකවෙන්නෙ? මම ඇහුවා
අයියෝ අනේ එහෙම නෑ. මම තාත්තගේ නිර්මාණවලට වගේම අනිත් අයගේ නිර්මාණවලටත් දායක වෙනවා. මොකද මම තාත්තගේ නිර්මාණවලටම විතරක්ම සහභාගිවෙනවා කියලා නෑ. හොඳ නිර්මාණයක් නම් මට ගැළපෙන චරිතයක් තියෙනවා නම් මම සතුටින් භාර ගන්නවා.

• ශනුද්‍රිට අලුතින් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණෙ නැද්ද?
මම සාමාන්‍ය පෙළ කරන්න කලින් මම අන්තිමට කළේ ‘යාය හතර’ ඊට පස්සෙ ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණත්  භාරගන්නෙ නෑ. මොනවා වුණත් විභාගෙ ගොඩදාගෙන ඉන්න එපායෑ. නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.අනික මට කියන්න බැරි වුණා. මම අලුත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී කියන්නම්.

• ඔයා වැඩියෙන්ම කැමති රංගනයටද ගායනයටද?
ඒ දෙකටම මම කැමතියි. හැබැයි රංගනයටත් වඩා වැඩියෙන්ම ආසකරන්නෙ ගායනයට. රංගනය පැත්තෙන්ම ඉස්සරහට යනවා වගේම ගායනයෙනුත් ඉදිරියට යන්න බලා‍පොරොත්තු වෙනවා. මේ ළඟදී අලුත් ගීතයක් නිර්මාණයක් කළා. සංජුල හිමාල අයියත් එක්ක මේ මාසේ 20 වෙනිදා වීඩියෝ එක කරන්න බලා‍පොරොත්තු වෙනවා ළඟදීම මගේ රසික රසිකාවියන්ට ඒ සිංදුව අහන්න අවස්ථාව ලැබෙයි.

• මම හිතන්නෙ ෂනුද්‍රිටත් නිවේදනයට ආරාධනා ලැබෙන්න ඇති
අයියෝ ආරාධනා කිහිපයක් නම් ලැබුණා. ඒත් අක්කල දෙන්න තරම් නම් මම නිවේදනයට දක්ෂ නෑ මම හිතනවා.
මම කතා කරනවා වේගය වැඩියි. දැනුත් පේන්නෙ නැද්ද තොරතෝංචියක් නැතුව කියනවනේද? ඇය මෙලෙස කියා සිනාසෙයි

• තාමත් ‍පොඩි අක්ක ශේෂාද්‍රි නැති අඩුපාඩුව නම් දැනෙනවා ඇති නේද?
ඔව්. ගොඩක් පාළුයි. එයා නැති අඩුව දැනෙනවා හරියට. අපි තුන්දෙනා එකටමයිනෙ හිටියේ. ‍පොඩි අක්ක විවාහ වෙලා ගියපු මුල් දවස්වල මට ගොඩක් පාළුව දැනුනා. ඒත් ලොකු අක්ක ඩිනක්ෂි මට ගොඩක් සමීප වුණ නිසා ඒ පාළුව එච්චර දැනෙන් නෑ. එයා මාව හොඳට බලාගන්නවා. දැන් අප දෙන්න එකට ඉන්නෙ. අම්මයි මමයි ඩිනක්ෂි අක්කයි. අපි දුකසැප බෙදාගෙන දැන් ඉන්නවා

• “ලොකු අක්කත් විවාහ වෙලා ගිය දවසට තබා ෂනුද්‍රි තනිවෙන්නෙ නේද?” මම ෂනුද්‍රිගෙන් ඇහුවා. ඇය කල්පනා කරලයි උත්තර දුන්නෙ.
මම හිතන්නෑ තනිවෙයි කියලා එයත් විවාහ වුණාට පස්සෙ මට මගේ අම්මා ඉන්නවා. ඒත් ලොකු අක්කගෙයි මගෙයි යාළුකම හැමදාම තියේවි. කියලා මම හිතනවා. එහෙම හැමදාම පවතීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අම්මව දාලා යන එකක් නැහැ. මට මගේ අම්මව ඕනේ.

• “ෂනුද්‍රිට වෙනම ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා.” මම තවත් සුවිශේෂී කරුණකට අවධානය යොමු කළා.
තාම මම මට වෙනම ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරලා නෑ. මට තියෙන්නේ තමා පෑන් පේජ් එකක්. මම විදිහට ගොඩක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ආරම්භ කරලා තියෙනවා ඉතින් ඒවා ගිනුම්වල දවසින් දවස අලුත් ඡායාරූප පළවෙනවා. එතකොට ගොඩක් අය හිතන්නේ. ඒ මගේ ෆේස්බුක් ගිණුම් කියලා

 • ඉතින් ඒ නිසා ඔයාට අසාධාරණයක් වෙනවා නේද කියලා කීවොත්”
ඔව් ගොඩක් අය මම ගැන වැරදි විදිහට හිතනවා. මම කැමති නෑ එහෙම වෙනවට. ඉතින් මගේ රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ මගේ නමින් තියෙන ව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලට රැවටෙන්න එපා කියලයි” ඇය අවසන් වශයෙන් කීවා.


rivira

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.