පෙට්ටිය කැඩුවාම මඟුල එපාවෙලා
දික්කසාදය දැන් සුලබ සිද්ධියකි. එහෙත් විවාහයට සියලු කටයුතු සූදානම්ව සිටියදී ලැබුණු පෙට්ටියක් නිසා විවාහය අවලංගු කළ මනමාලයකු ගැන සවුදි අරාබියෙන් වාර්තා වෙයි. මනාලයා සිය විවාහ උත්සවය හෝටලයක සූදානම් කරමින් සිටියදී ඔහු නමට පෙට්ටියක් ලැබිණි.
පෙට්ටිය කඩා බැලූ විට තිබුණේ පින්තූර කීපයකි. තම මනාලියගේ පැරැණි පෙම්වතා විසින් එවනු ලැබ තිබූ එම ඡායාරූපවලින් පෙන්නුම් කෙරුණේ ඇය (මනාලිය) පැරැණි පෙම්වතා සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වන ආකාරයයි. කිපුණු මනාලයා ඒ අවස්ථාවේදීම විවාහය අවලංගු කර දැමීය.
tharunaya



No comments:
Post a Comment