හෙම්බරිස්සාවට මෝරා බෙහෙත් දෙයි
ආර්ක්ටික් මෝරා මත්‍යස
විශේෂයකින් ලබාගන්නා එන්සයිමයක් හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යා
වෛරසය මර්ධනය සහ එය පසුපස හඹාගොස් විනාශ කිරීමට සමත්
ඖෂධයක් නිපදවීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මෙම
එන්සයිමය නමින් ට්‍රිප්සින් මුඛ ඉසිනයක් ලෙස නිපදවා ඇති
අතර සායනික අත්හදාබැලීම් වලදී ඔප්පු වී ඇත්තේ
සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පැතිරීම සියයට 99 ක් පාලනය කර හැකි
බව සහ සෙම්ප්‍රතිශ්‍යාව සුවකළ හැකිය යන්නයි. මෙම මුඛ ඉසිනය
ඇසට නොපෙනෙන බාධකයක් ලෙස මුඛය සහ උගුර තුල ක්‍රියාකර
එමගින් මිනිසාගේ සෛල තුල සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පැතිරීම
සහ ව්‍යාප්තිය නවතා දමන බවයි.
මෙම පර්යේෂන ප්‍රධානි
ආචාර්ය මැට්ස් ක්ලසන්ඩ් පවසන්නේ මිනිසුන්
සෙම්ප්‍රතිශ්‍යවෙන් පීඩා විඳින දින ගණන නව ඖෂධය හේතුවෙන්
හරියටම අඩකින් කපා හැරිය හැකි බවයි. ඖෂධය නිශ්පාදනය සඳහා
වසර 5 ක් ගතවු බවද , ඉදිරි මාසයේ සිට මෙම ඖෂධය වෙලඳ
පොලෙන් මිලදී ගතහැකි බවද ඔහු පවසයි.
No comments:
Post a Comment