නින්ද නැත්නම් මොළය කුඩාවෙයි
පර්යේෂණය සඳහා වයස අවුරුදු 20 සිට 84 දක්ව වයස් කාණ්වලට අයත් පුද්ගලයන් 147ක් සහභාගී කරගෙන ඇත. ඒ අනුව මේ පුද්ගලයන්ගේ මොළයේ එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණ දෙකක් ලබාගෙන ඇත. එමගින් මොළයේ ධාරිතාව සම්බන්ධ පරීක්ෂා කැර තිබේ. පළමු ස්කෑන් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු ඔවුන්ට නින්ද පිළිබඳ පුරුදු හා චර්යා සම්බන්ධ ප්‍රශ්න මාලාවක් සම්පූර්ණ කිරීමට දී ඇත.
එම ප්‍රශ්න මාලාවෙන් සියයට 35ක් පෙන්වා දී ඇත්තේ සුව නින්දක් නොලැබීම සම්බන්ධ සෞඛ්‍ය පිළිබඳ මිනුම් දරණ්ඩයි. දෙවැනි ස්කෑන් පරීක්ෂණය කරන ලද්දේ ඉන් වසර තුනහමාරකට පමණ පසුව යැයි පර්යේෂකයෝ කියති.
මෙතෙක් ලොව සිදුකරන ලද මෙවැනි වූ පර්යේෂණ ගණනාවක් මගින් නින්දේ ඇති වැදගත්කම හා නින්ද හරිහැටි නොලැබීමෙන් මොළයට සිදුවන හානිය පිළිබඳ පෙන්වා දී තිබේ. නිසි පරිදි සුව නින්දක් නොලැබීමෙන් මොළය සම්බන්ධ ආබාධ වන ඇල්ෂයිමර් සහ ඩිමෙන්ෂියා වැනි රෝග වැළඳීමට දායක්තවය ලැබෙන බව ප්‍රසිද්ධය.
තව ද නින්ද නිසි පරිදි නොලැබීමෙන් මතකයට හානිවීම හා මොළයේ ප්‍රමාණයට බලපෑමක් වන බව මේ පර්යේෂණයෙන් තහවුරු වී ඇත.
වර්ජීනියා හි ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිඅල් මාරු මහත්මිය පවසන්නේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම සියළු ප්‍රශ්නවලට හේතුවක් වන බවයි. ඇය පවසන්නේ සුව නින්දක් නොලැබීමෙන් අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට, හෘද සෞඛ්‍යයට, ශරීරයේ බරට සහ මතකයට බලපෑම් සිදුවන බවයි. එය සිදුවන්නේ කවර ආකාරයෙන් ද යන්න සොයා ගෙන නැතැයි ද ඇය කියයි.
අධ්‍යයනය පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් නොවන නින්ද හේතුවෙන් සෛලවලට හානි කරන ප්‍රෝටීනයක් සෑදෙන බවයි.
මේ අධ්‍යයනයේ ප්‍රධානී එක්සත් රාජදානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්ලැරි සෙක්ස්ටන් පවසන්නේ සුව නින්දක් නොලැබීමෙන් මොළයේ සැකිල්ලෙහි වෙනසක් වන්නේ ද යන්න පිළිබඳ තවමත් කිසිදු කරුණක් අනාවරණය වී නැති බවයි.
මිනිසාගේ නින්දේ තත්ත්වය දියුණු කිරීමෙන් මොළයේ හැකිලීම අඩුකරගැනීමටත් නින්ද පිළිබඳ චර්යාව දියුණු කිරීමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමටත් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම පර්යේෂකයන්ගේ ඉලක්කය වී ඇත.
lankadeepa
No comments:
Post a Comment