දෑවැද්දට දෙන ඉඩමේ කොස්ගස් කපන්න මනාලයා හොරෙන්ම ගිහින්..
තම උත්සාහයෙන් දියුණු වී අගනුවර පෞද්ගලික ආයතනයක සේවය කළ මේ තරුණයා නව නිවෙසක් ඉදිකිරීමට යන අතරතුර කපුවකු විවාහ යෝජනාවක් ගෙනාවේ අසල ගමකිනි.
කපුවා සමග එහි ගිය ඔහුට මනාලිය ගැලපුණි. මව්පියෝ ද එකඟ වී දැවෑද්දට දෙන අක්කර එක හමාරක් වූ ඉඩම ගැන ද කතා විය.
පසුගියදා නව නිවසේ දොර ජනෙල් සඳහා කොස් ලෑලි අවශ්‍ය වූ නිසා ඔහුට දෑවැද්දට දෙන ඉඩම මතක් විය. මේ ගැන කපුවා සමග කතාකොට ඉඩමට ගියේ කාටත් හොරෙනි. එහෙත් මේ ගමන පසුව ආරංචි වූ මනාලියගේ පියා ‘‘කමක් නෑ, ඒත් අපටත් කියල ඔය ගමන ආවනං වඩා හොඳයි නේද?’’ කීවාලූ.
lankadeepa



No comments:
Post a Comment