තරුණ තරුණියෝ 1000කට වැඩි පිරිසක් පොලිසියට .......
තරුණ තරුණියෝ 1000කට වැඩි පිරිසක් පොලිසියට බැඳෙන්න අයැදුම් කරති
දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එහි ඉදිකර ඇති පොලිසියේ ප්‍රදර්ශන කුටියෙන් විවිධ සේවා ලබාගැනීමට පැමිණි පන්දහසක් පමණ වූ පිරිස අතරින් දහසකට වැඩි පිරිසක් පොලිස් සේවාවට ඇතුල්වීම සඳහා අයදුම්පත් භාරදී තිබේ.
පොලිස් සේවාවට එක්වීමට කැමති තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් ලබාගැනීම මෙන්ම විවිධ ගැටලු සඳහා එම අවස්ථාවේම විසඳුම් ලබාදීම, සද්කාරක සේවා ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙයි.
පොලිස් මූලස්ථානයේ ඇති පොලිස්පති සහන මැදිරිය මේ දිනවල දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකර තිබේ. ඒ ඒ ප්‍රදේශයේ පොලිසිවලින් තම ගැටලුවලට විසඳුම් ලබාගැනීමට නොහැකි වූ තවත් දහසක පමණ පිරිසක් පසුගිය දින තුන පුරා සහන මැදිරිය වෙත පැමිණ විවිධ ගැටලු ඉදිරිපත් කර සහන ලබාගෙන ඇත.
ඊට අමතරව නොමිලේ ඇස් කණ්ණාඩි ලබාගැනීම, රෝද පුටු ලබාගැනීම සහ ඇස් දන් දීමට අයදුම්පත් ලබාගැනීමද, රහස් පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය, පොලිස් මහජන සම්බන්ධතා අංශය ඇතුළු පොලිස් සේවාවේ විවිධ අංශ පිළිබඳව දැනුම් ලබාදීමේ වැඩසටහන් වෙතද පාසල් සිසු සිසුවියන් තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බව එම ප්‍රදර්ශන කුටියේ සිටින පොලිස් නිලධාරීන් දිනමිණට තොරතුරු හෙළි කළහ.
No comments:
Post a Comment