Sunday, March 30 2025
Breaking News
recent

සම ලිංගික දියණියගේ දෑවැද්ද ඩොලර් කෝටි දහයයි......

සම ලිංගික දියණියගේ
දෑවැද්ද
ඩොලර් කෝටි දහයයි



තම දියණිය විවාහ කර ගන්නා පුරුෂයකුට ඩොලර් මිලියන සියයකට අධික දෑවැද්දක් ලබා දෙන බව හොංකොං හි කෝටිපති ව්‍යාපාරිකයෙකු ප්‍රසිද්ධ කිරීමෙන් පසු මංගල යෝජනා දස දහස් ගණනක් ලැබී ඇති බව ඔහුගේ දියණිය ප්‍රකාශ කළාය.

නමුත් තමා සම ලිංගික කාන්තාවක් බව හෙළිදරව් කළ දියණිය සිය ධනවත් පියාට ප්‍රසිද්ධ ලිපියකින් දන්වා සිටියේ තමාට ස්වාමි පුරුෂයකු සෙවීම නතර කරන ලෙසයි.

කලින් ඩොලර් මිලියන හැට පහක දෑවැද්දක් ලබා දෙන බව පවසා තිබූ අතර පසුගිය දා එය දෙගුණ කළ බව හොංකොං මාධ්‍ය සඳහන් කර තිබිණ.

හොංකොං ව්‍යාපාරිකයාගේ දියණිය ජීජී චාඕ බීබීසීයට කතා කරමින් කියා සිටියේ තමාට සහකාරියක් සිටින බවයි.

තම සහකාරිය පිළිගන්නා ලෙසත් ‘ඇය ආත්ම ගරුත්වයක් ඇති සාමාන්‍ය මනුෂ්‍යයෙකු’ ලෙස පිළිගන්නා ලෙසත් කෝටිපති පියාට ලියූ ප්‍රසිද්ධ ලිපියෙන් ජීජී චාඕ ඉල්ලා සිටියාය.



-bbc-

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.