Breaking News
recent

බ්‍රහස්පතීට වඩා සිකුරු විශාලව පෙනීමට හේතුව වසර 400කට පසු ..........


 
පියවි ඇසින් බැලීමේදී බ්‍රහස්පතී ග්‍රහයාට වඩා සිකුරු ග්‍රහයා විශාලව පෙනේ. නමුත් දුරදක්නයක් මඟින් බැලීමේදී සිකුරු ට වඩා බ්‍රහස්පතී විශාලව පෙනේ

ගැලීලියෝ හට මීට වසර 400කට පෙර ඇතිවූ එම ගැටළුවට හේතුව ඊයේ විද්‍යාත්මකව සොයාගන තිබේ.

කලු හා සුදු වර්ණයන් දෙක පමණක් ඇසට පෙනීමේදී දුෂ්ඨි මායාවක් නිසා එය මෙසේ සුදුවන බවයි ඔවුන් සොයාගන තිබෙන්නේ.


දුරදක්නයෙන් බැලීමේදී සිකුරු ට වඩා බ්‍රහස්පතී 4 ගුණයක් විශාලත්වයෙන් පෙනෙන නමුත්, පියවි ඇසින් බැලීමේදී බ්‍රහස්පතීට වඩා සිකුරු දස ගුණයකින් පමණ විශාල බව ගැලීලියෝ දැක තිබුණි.

ඔහු අවබෝධ කරගත්තේ එය වස්තුව නිසා සිදුවූවක් නොව ඇසේ යම් හේතුවක් නිසා සිදුවන් බවයි. නමුත් ඇසේදී එය සුදුවන්නේ කෙසේදැයි ගැලීලියෝ හට අවබෝධයක් නොතිබුණි.

එබැවින් ඔහු විසීන් සටහන් කර තිබුණේ ජලවාශ්ප නිසා පැමිණෙන ආලෝකය වර්තනය වී කලු ඉංගිරියාව ආවරණය වීම හෝ ඇහැ පිල්ලම් අසලින් පරාවර්තනය වී විසිරී යෑම නිසා මෙය සිදුවන බවයි.

ඊට සමාන මතයක් 19 වන සියවසේ සිටි ජර්මන් විද්‍යාඥයෙකු වන Hermann von Helmholtz ද ඉදිරිපත් කරන ලදි. ඔහු පැවසුවේ කිරණ මායාවක් නිසා මෙය සිදුවන බවයි.

නමුත් ඇමරිකාවේ University of New York College of Optometry විශ්වවිද්‍යාලයේ Jens Kremkow ප්‍රමුඛ කණ්ඩායම විසින් එක හා සමාන සුදු වස්තුවක් කලු පසුබිත්, කලු වස්තුවක් සුදු පසුබිමේත් තබා ඉලෙක්ට්‍රෝඩ භාවිතා කර මොලයේ නියුරෝන වලට ලැබෙන සංඥා මැනගන තිබේ.

ඔවුන් විසින් මේ සඳහා පූසන් හා වඳුරන් යොදාගන තිබෙන අතර එකම ප්‍රමණයේ වස්තූන් වුවද කලු පසුබිමේ සුදු පැහැයෙන් පෙනෙද්දී ප්‍රමාණයෙන් විශාලව මොලය විසින් ඒවා හඳුනාගන්නා බව සොයාගන තිබේ.

කලු කොලයක සුදු පැහැයෙන් ලියා ඇති දෙයක් කියවීමට වඩා සුදු කොලයක කලු පැහැයෙන් ලියා ඇති දෙයක් කියවීමට අප කැමතිය. මෙය සිදුවන්නේද මොලය විසින් එම අවස්ථා දෙක හඳුනාගැනීමට දක්වන ප්‍රතිචාරයන් නිසා බවද ඔවුන් පවසා තිබේ.





-33000-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.