Breaking News
recent

වලපනේ රාගලට වැටුණු උල්කාව..VIDEOS


නුවරඑළිය, වලපනේ, රාගල වතුයායේ නිවසකට පෙරේදා රාත්‍රී 11.00 ට පමණ උල්කාවක් කඩා වැටී තිබේ

නිවසේ මුළුතැන් ගෙයි වහලයට දමා තිබූ බැරල් තහඩු සිදුරු කරමින් එය බිමට වැටීමෙන් අනතුරුව මුළුතැන් ගෙයි බඩු මුට්ටු විනාශවී තිබෙන්නේ ගිනිගැනීම නිසයි.

මුළුතැන්ගෙය පුරා උල්කාවේ කැබලි විසිවී තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ඊයේ සවස ඒ වෙත ගොස් පරීක්ෂන කටයුතු ආරම්භ කරන තෙක් නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණා. ඒ සාක්ෂි විනාශවීම වලක්වාගැනීමටයි.


වහලයේ අඟල් 6ක පමණ් විශ්කම්භයකින් යුත් සිදුරක් සෑදී තිබෙන අතර එය කඩාවැටීමෙන් ඇතිවූ රස්නය හේතුකොටගෙන අවට කාමර වල තිබූ ප්ලාස්ටික් උපකරණ පවා උණුවී තිබේ.

මුළුතැන්ගෙයට යාබද කාමරයේ සහල් දමා තිබූ පෙට්ටියක්ද ගිනිගෙන තිබෙන අතර එය පතිතවූ උල්කාවේ කැබැල්ලක් විසිවීම නිසා සිදුවූවක් බවට විශ්වාස කරයි.

පෘතුවි වායුගෝලයට ඇතුල්වන උල්කාවක් තත්පර කිහිපයත් ඇතුලත් ගිනිගෙන අලුවී යන අතර උල්කාවේ ප්‍රමාණය අනුව අලු නොවී මේ ආකරයෙන් පොළවට පතිතවේ.

පසුගිය කාලයේ අරලගංවිල හා තඹුත්තේගම වෙල් යායවල් වලට වැටුණු උල්කාවන් ගිනිගෙන නොතිබූ අතර ඒවා වැටීම නිසා කුඹුරු වල වලක් හෝ සෑදී නොතිබූනි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පැවසුවේ ඒවායේ පිටසක්වලට අයත් ක්ෂුද්‍ර ජීවීන් තිබූ බවයි.




පතිතවූ ස්ථානයේ වීඩියෝ පහතින්



-33000-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.