Breaking News
recent

සහය නියමුවාගේ ගුවන්යානය පැහැරගැනීම අසාර්ථක වෙයි..VIDEOS










පැහැරගත් ගුවන් යානය දැඩි අවවාද කිරීම් මධ්‍යයේ නැවත මේ අයුරින් ඉතියෝපියාවට භාර දෙන ලදී.

ඉතියෝපියාවට අයත් ගුවන් යානයක් පැහැරගැනීමට උත්සාහ ගත් සහය ගුවන් නියමුවෙකුගේ උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රීය ඉතියෝපියාවෙන් ගමන් ගත් ගුවන් යානය රෝමයට ගොඩබෑමට නියමිතව තිබුණේ ඊයේ පාන්දර 4.30ට පමණයි.


මඟීන් 202ක් ඒ වනවිට ගුවන් යානයේ සිට ඇති අතර ගුවන් නියමුවා වැසිකිළියට ගොස් එන අතරතුරේ නියමු කුටියේ දොර වසාගත් සහයක නියමුවා යානය පැහැරගන ස්විට්සර්ලන්තය බලා පියාසර කර තිබෙනවා.

පැහැරගත් යානය ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ගුවන්තොටුපලවෙත දන්වා තිබෙන්නේ ඉන්ධන පුරවාගැනීම සඳහා හදිසි ගොඩබෑමකට ලඟාවන බවයි.

මෙම ගුවන් නියමුවා වසර පහක් පමණ ඉතියෝපියානු ගුවන් සමාගමේ ඔහු සේවය කර තිබෙන නමුත් ඔහුගේ දත්ත ලේඛනයේ ඊට පෙර කිසිදු පැමිණිල්ලක් තිබී නැහැ. ඔහු යානය ස්විට්සර්ලන්තයට ගොඩබා ඇත්තේ එහි දේශපාලන රැකවරණ අවශ්‍ය බව පවසමින්. '

ගුවන් යානය යුරෝපය හරහා ගමන් කිරීමේදී ඉතාලියේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් හා ප්‍රංශ ප්‍රහාරක යානයක් පැහැරගත් ගුවන්යානයට ආරක්ෂාව සපයමින් තිබේ.

ගුවන්යානය ජිනීවා ගුවන් තොටුපලය ගොඩබෑමෙන් පසු එය කුලී රථ නවතන පෙදෙසට ගමන් කර තිබෙන ආතර එහි ජනේලයක් ඇරගත් පුද්ගලයෙකු ලණුවක ආධාරයෙන් බැස ගුවන් ධාවනපථය දිගේ දිවයත්ම ඔහු ගුවන් නියමු සහායක ලෙස හඳුනාගන අත් අඩංගුවට ගෙන තිබුණා.

සිදුවීමෙන් මඟීන් තැතිගෙන සිටි අතර පැයකට පමණ පසු මඟීන් එක්කෙනා බැගින් එළියට ගෙන තිබෙන්නේ අත් ඔලුවේ තබාගන්නා ලෙස පවසා පරීක්ෂාකිරීමෙන් අනතුරුවයි.





No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.