කන පරිස්සම් කරගන්න වෙයි...
වසර හතරකට පෙර, පාපන්දු ලෝක කුසලන තරගවලිය දකුණු අපි‍්‍රකාවේදී පැවැති අවස්ථාවේදී ‘වූවූසේලා’ හෙවත් දිගු නළා හේතුවෙන් පාපන්දු කී‍්‍රඩාංගණ එකම නාද කෝලාහලයක් විය. පසු කලෙකදී වෙනත් විවිධ අවස්ථාවන්හිදී එම ‘වුවූසේලා’ නළා යොදා ගැනීම තහනම් කරනු ලැබුවද මෙවරත් ලෝක කුසලාන තරගාවලියේදී නවතම නළා විශේෂයකින් බ‍්‍රසීල ජාතිකයන්ගේ කන් බිහිරි කරවීමට බෙල්ජියම් සමාගමක් සූදානම් වෙයි.
මෙවර එම නළා විශේෂය නම්කර ඇත්තේ ‘ඩයබොලිකා’ යනුවෙනි.
‘ඩයබොලිකල්’ යන ඉංගී‍්‍රසි වදනෙහි තේරුම ‘අමානුෂික’ හෙවත් ‘කුරිරු’ යන්න වුවත් බෙල්ජියම් සමාගම කුමන අදහස් ඇතිව එම නළාව ‘ඩයබොලිකා’ යනුවෙන් නම්කළේද යන්න පැහැදිළි කර නැත.
තවමත් 26 හැවිරිදි ෆැබියෝ ලැවෙලි සහ 31 හැවිරිදි ඬේවිඞ් දෝ සැන්ටොස් විසින් නිර්මාණය කරන ලද මෙම නළාව ඩෙසිබල් 98 කට ආසන්න ශබ්දයක් නිකුත් කරයි. ඔවුන් දෙදෙනා මෙය නිර්මාණය කර ඇත්තේ පසුගිය ඔක්තෝබරයේදී බෙල්ජියම් පිල ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමෙන් පසුවය.
මෙම නළාවේ පළමු නිෂ්පාදන 10,000 ම සති කිහිපයකින් විකිණී අවසන් වූ අතර මේ වන විටත් ‘ඩයබොලිකා’ නළා ලක්‍ෂ හතරකට වැඩි ප‍්‍රමාණයක් විකිණී අවසන් බව වාර්තා වේ. නළාවක මිල ඩොලර් 12.34 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 1600 කට මඳක් වැඩිය.
ලෝක කුසලාන තරගාවලියට ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ලෝක කුසලාන තරගාවලිය නිමා වීමට පෙර මෙවන් නළා මිලියනයක් විකිණීම ලැවෙලි සහ සැන්ටොස් දෙදෙනාගේ අපේක්‍ෂාවයි.
2010 දී පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී භාවිතා කෙරුණු ‘වුවූසේලා’ නළාවෙන් තරග විස්තර විචාරකයන්ට මහත් බාධා ඇතිවූ නමුත් දකුණු අපි‍්‍රකානු නළාවත් සමග තමන්ට තරග කිරීමේ උවමනාවක් නැතැයි ‘ඩයබොලිකා’ නිර්මාතෘ ලැවෙලි කියයි.
-lankadeepa-
No comments:
Post a Comment