ඩොරික් බංගලාව මුහුදටද ?
ඉංගී්රසි පාලනය යටතේ මෙරට පාලනය කළ ප්‍රථම බි්රතාන්ය ආණ්ඩුකාරවරයා වූ ෆ්‍රෙඞ්රික් නෝර්ත් මහතාගේ නිවස ලෙස සැළකෙන මන්නාරම, සිලාවතුර පිහිටි ඩොරික් බංගලාව මේ වන විට මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතිනවා.
ෆ්‍රෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා මන්නාරම කොණ්ඩචිචි බොක්කේ මුතු කැණීම් පරීක්ෂණ කටයුතු අදාළ බංගලාවේ සිට සිදුකර ඇති අතර, ගොඩනැගිල්ල 1804 වසරේ නිමවා ඇති බවයි පුරාවිද්‍යා නිළධාරීන්ගේ මතය වන්නේ.
සිලාවතුර ප්‍රදේශවාසීන් පැවසුවේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් ඩොරික් බංගලාෙවි පසුපස අර්ධය මේ වන විට මුහුදට කඩා වැටී ඇති අතර, කඩා වැටුණ බැමි සියල්ල සෝදා යමින් පවතින බවයි.
අදාළ බංගලාව මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කරගැනීමට මේ වන තෙක් කිසිදු සංරක්ෂණ කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඩොරික් බංගලාව මුහුදු ඛාදනයෙන් වළක්වා ගැනීමට කිසියමි කි‍්‍රයාමාර්ගයක් ගත නොගතහොත් ගොඩනැගිල්ල සමිපූර්ණයෙන්ම මුහුදට යන දිනය වැඩි ඈතක නොවනු ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ.
ෆ්‍රෙඩිරික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේම සැළසුමකට අනුව ගී්රක ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය ඇසුරින් යුතුව විශාල ප්‍රමාණයේ කුලුණු මත ඩොරික් බංගලාව ඉදිකර තිබෙනවා.
කුඩා ප්‍රමාණයේ කාමර හතරකින් යුතු බිමි මහළකින් හා ගොඩනැගිල්ල මධ්‍යයේ පිහිටි පියගැට පෙළ සහිතව විශාල ප්‍රමාණයේ කෑම කාමරයකින් හා ආණ්ඩුකාරවරයාගේ නිදන කාමරයකින් යුතුව ඉහළ මහළය සකස් කර තිබි ඇති බැවි පුරාවිද්‍යා නිළධාරින්ගේ අදහසයි.
ඩොරික් බංගලාව 1940 අංක 09 දරණ පුරාවිද්‍යා අාඥාපතන අනුව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නමි කොට තිබුණද, අදාළ බංගලාව මුහුදු ඛාදනයෙන් සංරක්ෂණය කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තෙමින්තු අවධානය යොමු නොවීම මහත් කණගාටුක්.
සිලාවතුර ප්‍රදේශවාසීන් පැවසූෙවි අදාළ බංගලාව කලකට ඉහතදි සමිපූර්ණයෙන් ගොඩබිමි ප්‍රදේශයේ පිහිටා තිබූ නමුත්, මේ වන විට ගොඩනැගිල්ලේ අර්ධයක්ම මුහුදට ගොස් ඇති අතර, අවස්ථා ගණනාවකදි අදාළ ගොඩනැගිල්ල ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තෙමින්තු නිළධාරීන් ඇතුලු වගකිව යුතු අංශ නිළධාරීන් දැනුවත් කළද මේ වන තෙක් ඩොරික් බංගලාව ආරක්ෂා කරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ බවයි.
ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වීම සමිබන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තෙමින්තු උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂක එල්.එමි.ගුණතිලක බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයෙන් වළක්වා ගැනීමට ආරක්ෂක ආවරණයන් ඉදිකිරීමට මුදල් ප්‍රතිපාදන ලැබී නොමැති බවයි.
ඩොරික් බංගලාව සංරක්ෂණය සඳ හා ඉදිරියේදි මුදල් ප්‍රතිපාදන ලද විගස සංරක්ෂණ කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිත බැවිද ගුණතිලක බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
nethfm
No comments:
Post a Comment