Breaking News
recent

කැනඩාවත් රුසියාව වටලන්න නැගෙනහිර යුරෝපයට හමුදා යවයි...





නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදාවලට සහය පළ කරමින් කැනඩාවත් ගුවන් යානා බලඇණියක් සහ හමුදා සේනාංකයක් පිටත් කර යවා ඇතැයි වාර්තා වේ.
CF-18  හෝර්නට් වර්ගයේ ප‍්‍රහාරක යානා 6ක් සහ කැනේඩියානු සෙබළුන් 250ක් මෙලෙස යොදවා තිබේ.
ඔවුන් සමග අමතර කොටස් සහ තාක්ෂණික උපකරණ ආදිය රැගත් C-17 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන යානයක්ද එක්ව ඇති අතර යුක්රේනයට මායිම්ව පිහිටා ඇති රුමේනියාව තුළ රැඳවෙනු ඇතැයි පැවසේ.
කෙසේවෙතත් පළමුවෙන්ම මෙම ඛණ්ඩය අයිස්ලන්තය වෙත යනු ඇති අතර ඉන්පසු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍ය විධානයේ අණ පරිදි රුමේනියාවේ නිශ්චිත ස්ථානයක් බලා පිටත්ව යනු ඇත.
ලූතිනන් ජෙනරල් ඉවාන් බ්ලොන්ඩින් පවසා ඇත්තේ තම හමුදා කණ්ඩායම එහිදී කුමක් කරන්නේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවයි.
එමෙන්ම නැවත කැනඩාවට එන දිනයක්ද කිව නොහැකි බවත් කැනේඩියානු රජයේ අණ පරිදි ක‍්‍රියාකරන බවත් ඔහු පවසා තිබේ.
මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් කැනේඩියානු ආරක්ෂක අමාත්‍ය රොබ් නිකොල්සන් පවසා ඇත්තේ රුසියාව විසින් ගන්නා ක‍්‍රියාමාර්ග වලට එරෙහිව ප‍්‍රබල පණිවුඩයක් ලබාදීම සඳහා මෙම පියවර ගත් බවයි.
මේ වන විට බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ ගුවන් යානාද ලිතුවේනියාවේ සහ රුමේනියාවේ රඳවා තිබේ.
රුසියාව යුක්රේන අර්බුදය සමනය නොකරන්නේ නම් තමන් ඊට එරෙහිව ක‍්‍රියාකිරීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගියදා පැවසීය.


lankacnews

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.