Breaking News
recent

එදා දැනුණු වේදනාව..............

එදා දැනුණු
වේදනාව
වෙන කිසිම
දවසක මට
දැනිල නෑ.....





ඇගේ නම සුදර්ශනී ය. ඒත් ඒක ඇගේ සැබෑ නාමය නොවෙති.  එය ඇගේ බොරු නම් අතරින් තවත් එක් නාමයක් පමණි. එහෙත් බොහෝ දෙනෙක් සුදර්ශනී යන නාමයෙන් ඇය හදුනයි.  ඔබට සිතෙනවා ඇති ඇය මෙසේ ව්‍යාජ නාමයන්ගෙන් පෙනී සිටින්නේ ඇයි ද කියා.... ඇයට එහෙම කරන්න සිද්ධ වෙලා තියනවා. ඈ සමාජයෙන් වසන් නොවුණු නමුත් ඇයට ඇගේ අනන්‍යතාවය වසන් කරන්න ඕනෙ වෙලා තියෙනවා. ඒ ඈ කරන රස්සාව නිසා. සමාජයේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන වචනෙන් කිව්වොත් ඈ නිරතව සිටින්නේ ගණිකා වෘත්තියේ ය. සුරශනී හෙළි කළ ඇගේ ජිවිත කතාව අප මේ අයුරින් සටහන් තබන්නෙමු.

"වෙන කරන්න දෙයක් නැති නිසයි මේ රස්සාව කරන්නෙ. ඒත් මම මේ රැකියාව කරන්නේ සතුටින්.  ඉස්කෝලෙ යන කාලෙ මං ගොඩක් ලස්සනයි. ඒ කාලෙ මගෙ පස්සෙ කොල්ලො වහ වැටීගෙන හිටියා මට මතකයි. එයින් එකෙක් එක්ක මං යාළු වුණා.

එතකොට මගෙ වයස අවුරුදු දාහතයි. ඌ හෙන හැන්ඩියා. ඒ සුදුසුකම විතරක් බලලා ඒයා එක්ක පැනල ගියාට පස්සෙ තමයි මං මේ රස්සාවට වැටීම දක්වා හැම නස්පැත්තියක්ම මට සිද්ධ වුණේ.



ඒ මිනිහාගෙ නම උදිත. මං උගේ ස්මාර්ට් පෙනුමට වහ වැටිලා ගියාට ඌ රස්සාවක්වත් කළ එකෙක් නෙවෙයි. අන්තිමේ අපට ජීවත් වෙන්නවත් කාමර කුලිය ගෙවා ගන්නවත් කිසිම විදිහක් නැතුව අන්ත අසරණ වෙනකොට උදිත බොහොම බැගෑපත්ව මගෙන් එක ඉල්ලීමක් ඉල්ලුවා.

"හෝට‍ලේක රස්සාවක් තියනව ගිහින් ඒක කරන්න ඔයාට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්..." කියලා එත් මම රස්සාව ගැන දැනගෙන හිටියෙ නෑ.... ඒත් ඒ කම්මැලියා දවස තිස්සෙ ඇඳ උඩ දපා තියල ඉන්නකොට මට බඩගින්නෙ මැරෙන්න බෑනේ.... මං ගියා හෝට‍ලේ රස්සාවට. ඒ වෙන මොකුත් නෙවෙයි. මේ කරන රස්සාවමයි. මං මේ ජොබ් එකට වැටුණෙ ඒ විදිහට.


ඉතින් මට, මං ගැනම පුදුමාකාර කම්පාවක් ඇති වුණා. ඒක තවත් වැඩි වුණේ මං ලවා ඒ විදිහට හම්බ කරවගෙන කිසිම හිරිකිතයක් නැතිව උදිත මගෙන් ඒ සල්ලි ඉල්ලගෙන වියදම් කරන හැටි දකින කොටයි. මේ හේතුව නිසා මට උදිත ගැන ඇති වුණේ මහ වෛරයක්. මං පැදුරටත් නොකියා ඒ ගෙදරින් විතරක් නෙමේ හෝටලෙනුත් මාරු වුණා.

ඒත් මට යන්න තැනක් තිබුණෙ නෑ..... පාර අයිනට වෙලා කල්පනා කර කර ඉන්නකොට මගෙ ඉස්සරහ අලුත්ම අලුත් කාර් එකක් නතර වුණා. ඒකෙ හිටපු මහත්තයා මට ඔළුව වනලා කතා කළා. 

ඌ මට කතා කළේ පාර අයිනට වෙලා තනියම ඉන්න එක ගැන අනුකම්පාවෙන් උගේ පඬුපුල් ආසනේ උණුවෙලා නොවන බව මං දන්නවා. ඒත් මටත් යන්න අතක් තිබුණෙ නැති නිසා මං ඒ මිනිහගෙ වාහනේට නැග්ගා.

ඒ මිනිහා මාව හෝට‍ලේකට එක්ක ගියා. මං කිව්වා මට රස්සාවක් හොයල දෙන්න කියලා. මගෙ වගතුග අහලා මාව කැරොකේ රෙස්ටොරන්ට් එකකට දාල දුන්නා. එතන කළෙත් මේ රස්සාවම තමයි.

ඊට පස්සෙ මට ඒ මනුස්සයා හම්බ වුණේ නෑ...... මට ටෙලිෆෝන් නම්බර් එක දුන්නා. කතා කරන්න කියලා. ඒත් මං කතා කළේ නෑ... මගෙ ෆෝන් එකේ සිම් එකත් මං මේ වෙනකොට මාරු කරල තිබුණෙ.



 



පස්සේ මට ඒ රෙස්ටෝරන්ට් එකේ දී එක තරුණයෙක් හම්බ වුණා එයා රංජිත්. රංජිතුත් ඒකෙම තමයි වැඩ කළේ. මගේ වගතුග අහලා මාත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න කැමැතියි කියල රංජිත් කිව්වා. හැබැයි එයා එක හෙළාම කියපු දෙයක් තමයි මේ රස්සාවෙන් අයින් වෙන්න කියන එක.

මං ඒ දේට එකහෙලාම කැමති වුණා. මොකද මටත් ඕන වුණේ කාගෙ හරි හව්හරණක් ඇතිව ගෙදරක ජීවත් වෙන්න. ඊට පස්සෙ අපි දෙන්නා කසාද බැන්දා. බැඳලා කුලියට ගත්තු ‍පොඩි ගෙදරක අපේ අලුත් ජීවිත පටන් ගත්තා.

ඊට පස්සෙ රංජිත් පොත් සාප්පුවක සේල්ස්මන් ජොබ් එකක් හොයා ගත්තෙ රෙස්ටුරන් එකේ ඉන්න ලැජ්ජයි කියලයි. එයා මාව බැන්ද කියලා අනික් උන් හිනාවෙනවලු. "යකෝ බොන්න ඕන නම් බාර් එකකට ගිහින් බොනව මිසක් ගෙදර බාර් එකක් දාගත්තම ඒකගෙ විනාසෙ නේද....?" කියලා අරව මේවා කියනවලු. ඒකයි රංජිත් අයින් වුණේ.

රංජිත් මාව බැන්ද එක ගැන පසුතැවුණ ද කියන්න මං හරියටම දන්නෙ නෑ.... ඒත් එයා මට එහෙම දෙයක් කිසිම විදිහකින් ඇඟෙව්වෙ නෑ..... රංජිත් කවදාවත් මගෙ අතීතය ඇදල ගත්තෙ නෑ. අපට ලොකු ආදායමක් තිබුණෙත් නෑ. ඒත් අපි සතුටින් සමාදානෙන් ජීවත් වුණා. ඔය විදිහට අවුරුද්දක් විතර අපි කරදරයක් නැතිව හිටියත් ඊට පස්සෙ රංජිත් නිතර නිතර අසනීප වෙන්න පටන් ගත්තා.


කෑම කෑවත් රංජිත්ට ගිලින්න බැරි එක තමයි එයාට වැඩිපුරම දැනුණෙ. ටික දවසකට පස්සෙ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බේත් ගත්තා හරි ගියෙ නෑ.... අන්තිමට තමයි දැන ගත්තෙ රංජිත්ගෙ උගුරෙ පිළිකාවක් බව. හම්බ කරගෙන තිබුණු හැම සතයක්ම වියදම් කළා රංජිත්ව බේර ගන්න.

ඒත් අපි කරපු පව් ඊට වඩා බලවත් වුණා. ලෙඩේ අපි දැන ගන්න කොටත් ඒක පැතිරිලා ඉවරයි. අන්තිමේ ලෙඩේ අඳුනගෙන මාස අටක් වගේ කාලයක් විතරක් ජීවත් වුණු රංජිත් මේ ලෝකෙ අත ඇරලා යන්න ගියා. එදා මට දැනුණු වේදනාව මගේ ජීවිතේ ඊට පෙර කිසිම දවසක මට දැනිල තිබුණෙ නෑ......

මම රංජිත්ගෙ නාමයෙන් කවදාවත් මේ රස්සාව නොකරන්නයි හිතුවෙ. මට ජීවත් වෙන්න විදිහක් තිබුණෙ නෑ.... ගාමන්ට් එකක මම වැඩට ගියා. ඒකෙන් ලැබුණු මුදල මට ජීවත් වෙන්න සෑහුනා. ඒත් මට එතනත් ඉන්න බැරුව ගියා.

මගේ පරණ ගනුදෙනුකාරයො දෙන්නෙක්ම මට එතනදී හම්බ වුණා. උන් මගෙ මුළු තෝම්බුවම හැම තැනම දිග ඇරලා. අන්තිමේ බොස් මට කතා කරලා මං වැඩ කරපු සති එකහමාරට මාසෙකම පඩියක් දීලා මට අස්වෙන්න කිව්වා. මට මුළු සමාජයම ගැන ඇති වුණු තදබල වෛරය නිසාමයි දෙවෙනි පාර මං මේ රස්සාවට බැස්සෙ.


මගෙ ජීවිතේ තව එකම එක බලා‍පොරොත්තුවක් තියනවා. ඒ වෙන මොකක්වත් නෙමේ රට යන්න. මටයි කියලා සල්ලි ටිකක් එකතු කරගෙන මං රට යනවා. හැබැයි ගෙවල්වල දුක් විඳින්න නෙමේ. වෙන මොකක් හරි රස්සාවකට. මං සල්ලි හොයන්නෙ ඒ බලා‍පොරොත්තුව ඇතුවයි. ඊට පස්සෙ මගෙ මේ කාලකණ්ණි ජීවිතෙන් මං මිදෙනවා."


-lankaegossipnews-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.