Breaking News
recent

ගණිකාවන්ට වැටි සිටින්නට............

වියපත් 
ගණිකාවන්ට
වැටි සිටින්නට
තැනක්





ඉන්දියාවේ කාන්තා ජනගහනයෙන් මිලියන තුනක් පමණ ගණිකා සේවයේ යෙදෙන බවට විශ්වාස කෙරේ. මේ වන විට එය ඉන්දියාවේ බරපතළ සමාජමය ගැටලූවක් වී ඇති අතර බලධාරීහු මෙම කාන්තාවන්ගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි යමක් වේදැයි සෙවීමට අන් කවරදාටත් වඩා වෙහෙසෙමින් සිටිති.

තරුණ කාලය සිය සේවාදායකයින් වෙත විකුණමින් ගෙවා දමන මෙම බොහෝ ගණිකාවන්ට වියපත් වීමත් සමග සිදුවන්නේ පාරට වැටීමට ය. ඔවුන් පෝෂණය කිරීමට හෝ රැුකබලා ගැනීමට කෙනෙක් නොමැත. මුදලක් උපයා ගැනීමට මගක්ද නොමැත.  එම ගැටලූව සැලකිල්ලට ගනිමින් ජීවිතයේ සැඳෑ සමයේදී මෙලෙස අසරණ වන වියපත් ගණිකාවන් වෙනුවෙන් නේවාසිකාගාරයක් ස්ථාපිත කිරීමට බටහිර බෙංගාලි ප‍්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ගණිකා වෘත්තියෙන් පිටමං වන වයස්ගත කාන්තාවන් සදහා මෙම නිවාසයේ දී ආහාර ඉදුම් හිටුම් මෙන්ම බෙහෙත් සහ අනෙකුත් සෞඛ්‍යය පහසුකම්ද සැපයේ.
   

දැනට එලෙස පිළිසරණක් අවශ්‍ය කාන්තාවන් 750කට ආසන්න සංඛ්‍යාවක් ප‍්‍රදේශයේ ඇති බවට හ`දුනාගෙන ඇතත් මෙම නිවාසයේ නේවාසික පහසුකම් ඇත්තේ 200 දෙනෙකුට පමණි. ඉතිරි පිරිසට සහ දැනට ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන්ගේ ගැහැනු දරුවන් සුරක්‍ෂිත කිරීමට තවත් නිවාස දෙකක් සෑදීමේ සැලසුමක් ඇති බවද බලධාරීන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට තිබේ.

ඉන්දියාවේ සොනගාචී නමැති ප‍්‍රදේශය හැ`දින්වෙන්නේ රතු-එළි දැල්වෙන ප‍්‍රදේශය නමැති අන්වර්ථ නාමයෙනි. ආසියාවේ විශාලතම ගණිකා ව්‍යාපාරය ක‍්‍රියාත්මත වන්නේ මෙම ප‍්‍රදේශයේ බවට වාර්තා වේ. ගණිකා ව්‍යාපාරය ඉන්දියාවේ නීතියෙන් තහනම් වූවක් මෙන්ම සමාජයෙන්ද පිළිකෙව් කරන්නකි.

මෙයට පෙර කල්කටාවේද වියපත් ගණිකාවන් වෙනුවෙන් නිවාසයක් සැකසීමේ සැලසුමක් තිබුණද එය වැළකී ගියේ මහජන විරෝධතා හේතුවෙනි. බෙංගාලි ප‍්‍රදේශයේ මෙම නව නිවාසයටද එවැනිම ඉරණමක් අත් වෙනු ඇත්දැයි සැක සංකා පහළ වී ඇතත් සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් එම කවර බාධකය පැමිණියද ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරවන බවට බෙංගාලි ප‍්‍රාන්ත රජය ප‍්‍රතිඥා දී තිබේ.



-lankaegossipnews-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.