Breaking News
recent

ජෝන් ඒබ්රහම් විවාහවෙයි. පි‍්‍රයා රුන්චාල්, පි‍්‍රයා ඒබ්රහම් වෙයි....John Abraham Married ! Wife Name Priya Runchal Marriage




අවසානයේ ජෝන් ඒබ්රහම් ඔහු 2011 වසරේ සිට ඇසුරු කරන ලද පෙම්වතිය වන පි‍්‍රයා රුන්චාල් සමග විවාහ වූයේය. ඒ නව අවුරුදු ලබන සන්ධ්‍යාවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිස්කලංක තැනකදීය. එය කලබලයක් නොමැතිව වැඩි ප‍්‍රසිද්ධියක් නොමැතිව සිදුවූවක් බව නොනිල ආරංචි මාර්ග සදහන් කරනවා. ජෝන් ඒබ්රහම් සිය ට්විට්ර් අඩවියේ නව අවුරුදු සුභ පැතුම සදහන් කර ඇත්තේ මෙසේය.

Wishing you and your loved ones a blessed 2014! May this year bring you love, good fortune and joy. Love, John and Priya Abraham".

ඊට අනුව පි‍්‍රයා රුන්චාල් දැන් පි‍්‍රයා ඒබ්රහම්ය. ප‍්‍රියා හමුවීමට පෙර ජෝන් බිපාෂා බාසු සමග ඉතාමත් සමීප ඇසුරක් පවත්වාගෙන ආවේය. බොහෝ දෙනා බලාසිටියේ ඔවුන් කොයි මොහොතේ හෝ විවාහ වේවියැයි කියාය. අට අවුරුදු ඇසුරකින් පසුව එය නිමාවූ බව දෙදෙනාම දැනුම් දුන්නේ මුළු මහත් බොලිවුඩයම කළඹවමිනි.

මේ ජෝන් හා බිපාෂා රඟපෑ ජිස්ම් චිත‍්‍රපටයේ සුන්දර ගීතයක්. මෙහි විශේෂත්වය නම් මෙම චිත‍්‍රපටය රඟපාන විටදී ඔවුන් සැබෑ ලෝකයේද පෙම්වතුන් වීමයි.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.