Breaking News
recent

පිළිකා නසන‘හමුදා භටයෙක්‘ එයි



රුධිරය සමඟ ගමන් කරමින් ශරීරයේ අවයව ආසාදනය කරන පිළිකා කාරක සෛල විනාශ කර දැමිය හැකි නවතම ක‍්‍රමයක් සොයාගැනීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ පිරිසක් සමත් වුහ.
කාලයත් සමග පිළිකාව වර්ධනය වන්නේයැයි කියනුයේ රුධිරය ඔස්සේ එකී පිළිකාකාරක සෛල ශරීරයේ වෙනත් කොටස්ද ආසාදනය කරන නිසාවෙනි.
මෙතෙක් පැවැති ප‍්‍රතිකාර ක‍්‍රම අනුව පිළිකාව ඇති නිශ්චිත ස්ථානය සොයා ප‍්‍රතිකාර කිරීමේදී සාර්ථක වුවත් රුධිරය ඔස්සේ ගමන් කරන පිළිකා කාරක සෛලයන් සොයාගැනීමේදී එතරම් සාර්ථකත්වයක් පෙන්වූයේ නැත.
මේ සදහා විසදුම් ලෙස කොර්නෙල් විශ්විද්‍යාලයේ පර්යේෂකයින් පිරිස හදුන්වාදී තිබෙනුයේ විශේෂ ප්‍රෝටීන විශේෂයකි.මෙම ප්‍රෝටිනයන් රුධිරයේ සුදු රුධිරාණු හා බැදෙන අතර ඒවා පිළිකාකාරක සෛලයන් කොටුකර විනාශ කිරීමේ සමත් බව ඔවුහු කියති.
‘‘ලෝකයේ පිළිකා වැළදුණු පුද්ගලයින් සියයට 90 ක්ම පමණ මරණයට පත්වන්නේ මෙසේ රුධිරය ඔස්සේ පිළිකාකාරක සෛල ශරීරය පුරා ගමන් කර පිළිකාව දැනට ආක‍්‍රමණය කර තිබෙන අවයවය පමණක් නොව අනෙක් අවයවද ආක‍්‍රමණය කරන නිසාය.
විකිරණ ප‍්‍රතිකාර වලින් මෙසේ ගමන් කරන පිළිකාකාරක සෛල විනාශ කිරීම අපහසු දෙයක්.
අපගේ පරීක්ෂණයෙන් අප සිදුකළේ මිනිස් රුධිරයේ සුදුරුධිරාණු නොඑසේ නම් මිනිස් රුධිරයේ සිටිනා ‘‘හමුදා භටයින්‘‘ පිරිස හා එක්විය හැකි ප්‍රෝටීන වර්ගයක් නිර්මානය කිරීම.රුධිරයට එක්කෙරුණු පසු මෙම ප්‍රෝටීන රුධිරයේ ඇති පිළිකාකාරක සෛල හා ගැටී ඒවා කොටු කර ගැනීමේ සමත්.මෙසේ කොටු වූ පසු පිළිකා සෛලය මියයන බව අප නිරීක්ෂණය කළා‘‘ යැයි පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය මයිකල් කින්ග් පවසයි.
මෙම ප්‍රෝටීනයන් සේලයින් ආධාර කරගෙනද සිරුරට ඇතුළු කළ හැකි බව සදහන්ය.නැත්නම් සෘජුවම සිරුරට එන්නත් කිරීමද කළ හැකිය.
පරීක්ෂණය සම්බන්ධයෙන් තවත් වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.පර්යේෂණයෙන් ඔවුන් පවසන ආකාරයට මෙවන් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත්නම් නම් මෙය පිළිකා රෝගීන්ට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ගෙන දෙනු ඇත.




-lankadeepa-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.