Breaking News
recent

වඩාත් සාර්ථක උපත් පාලන එන්නත.....

වඩාත් සාර්ථක
උපත් පාලන
එන්නත
මාරාන්තික
වුණේ කොහොමද?





උපත් පාලන එන්නත් වශයෙන් ඩිපෝප්‍රවේරා එන්නත දිගුකාලීන ක්‍රමවේදයකි. මෙම එන්නතේ අඩංගු වන්නේ ප්‍රෙජස්ටරෝන් හෝමෝනයයි. උපත් පාලන පෙති අප හඳුනාගන්නේ කෙටිකාලීන ක්‍රමවේදයක් ලෙසය. නමුත් මෙම එන්නත සති 12කට වරක් (මාස 3කට වරක්) ලබාගත යුතුය.

සාමාන්‍යයෙන් මෙම එන්නත කාන්තාවන් ලබා ගන්නේ දරුවන් දෙදෙනෙක් අතර නිසි පරතරයක් ලබා ගැනීමටය. එනම් පළමු දරු ප්‍රසූතියෙන් පසු මවක් දෙවැනි දරු ප්‍රසූතියට යම් කාලයක් ගන්නේ නම් මෙවැනි ක්‍රමවේදයකට යා හැකිය. නමුත් ඔබ අලුතින් විවාහ දිවියට පැමිණි අයකු නම් පවුල් සැලැසුම් ක්‍රමයක් ලෙස මෙම එන්නත් ක්‍රමය භාවිත නොකළ යුතුය. මන්ද එවිට නැවැත ඔබට සරු භාවයට පත්වීමට දිගුකාලයක් (මාස 6 හෝ අවුරුද්දක්) යන බැවිනි. ඒ සඳහා සුදුසු වන්නේ කෙටි කාලීන ක්‍රමවේදයකි.


උපත් පාලනයට පෙති භාවිත කළද එය එතරම්ම සාර්ථක නොවේ. නමුත් ඩිපෝ එන්නත් ක්‍රමය 90%ක් පමණ සාර්ථක වන ක්‍රමවේදයකි. පෙති භාවිතයට ගැනීමේදී ඔබට එය අමතකව ගියහොත් පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකිය. නමුත් ඩිපෝ එන්නත දීර්ඝ කාලීනව උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිත කළ හැකිය.

මෙවැනි ක්‍රමවේද භාවිත කිරීමට නම් නිසි වෛද්‍යවරයකුගේ උපදෙස් පැතිය යුතුමය. තවද දරුවා ප්‍රසූත කිරීමෙන් සති 6කට පසුව මෙම ක්‍රමය භාවිත කළ හැකිය. දරුවාට මවුකිරි ලබා දෙන කාලය තුළදී පෙති භාවිත කිරීම නුසුදුසු නිසා වඩාත් සුදුසු වන්නේ එන්නත් ක්‍රමයකට යෑමයි. මෙයද තීරණය වන්නේ මවගේ කැමැත්ත මතය.

නුසුදුසු අය

එන්නත් ක්‍රමය වඩාත් හොඳ ක්‍රමවේදයක් වුවත් විවිධ හේතූන් නිසා මෙය නුසුදුසු වන පිරිස්ද සිටිය හැකිය. එනම්,

• හෘදය ආශ්‍රිත රෝගී තත්ත්ව පවතින අය.
• රුධිර නාළවල ලේ කැටි ගැසීමක් පවතී නම්
• මිගේ‍ර්න් රෝගයට ගොදුරු වූ අය
• යෝනි මාර්ගයෙන් අධිකව රුධිර වහනයක් සිදුවන විට
• අක්මාව ආශ්‍රිත රෝග (සිරෝසිස්) පවතින විට

මෙන්ම එක් වරක් හෝ මෙම එන්නත ලබා ගැනීමෙන් ආසාත්මිකතාවක් ඇති වූවන් සහ ගර්භණී අවධියේ පසුවන කාන්තාවන්ටත් මෙම එන්නත ගැනීම නුසුදුසුය. නමුත් වෙනත් දිගුකාලීන උපත් පාලන ක්‍රමවලට වඩා මෙම එන්නත් ක්‍රමය වඩා සාර්ථක බව වෛද්‍ය මතයයි. මන්ද එකී වෙනත් ක්‍රමවලට වඩා වාසි සහගත හේතු රැසක් පවතින බැවිනි.

ඒවා නම්,

 
• ලබා ගැනීම පහසුයි
• සති 12කට වරක් ලබා ගැනීම
• සාර්ථක වීමේ සම්භාවිතාව 90%ට වඩා වැඩි වීම
• මවුකිරි ලබා දෙන කාලයේදී වුවත් භාවිත කළ හැකි වීම
• වෙනත් ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කිරීම අඩුයි
• ගර්භාෂ පිළිකා ඇතිවීමේ අවදානම 80%කින් පමණ අඩු වීම
• ෆයිබ්රොයිඩ් ගෙඩි ඇතිවීමේ අවදානම අඩු වීම.

මීට අමතරව ඔබට මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාවද මෙම එන්නත ලබා ගැනීමෙන් පහව යයි. මෙම එන්නත් ක්‍රමයේ අවාසිදායක තත්ත්ව ඇත්තේ අඩු වශයෙනි. මෙහිදී ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝගවලට ආරක්‍ෂාවක් නොමැති අතරම මාස් ශුද්ධිය අක්‍රමවත් වීමට ඉඩ ඇත. ඇතැම් අයගේ ශරීරයේ බර වැඩි වීම වුවද පුළුවන.
ලබාගත හැකි ස්ථාන

ඔබට ඩිපෝ එන්නත ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු වීමට අවස්ථා කිහිපයක්ම පවතියි. සාමාන්‍යයෙන් ඔබේ අවශ්‍යතාව අනුව වෛද්‍යවරයකුගේ උපදෙස් මතද මෙම එන්නත ලබා ගත හැකිය. රෝහල්, පවුල් සැලැසුම් සායන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ පෞද්ගලිකවද ඔබට මෙම එන්නත ලබාගැනීමට පුළුවන.

ආසාත්මිකතා

සමහර පුද්ගලයන්ගේ ශරීරයේ ඇතැම් ඔෟෂධ ප්‍රතික්‍ෂේප කරන විට විවිධ ආසාත්මිකතා මතු කරවයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ අයුරින් බලපාන දෙයකි. එම නිසා ඩිපෝ එන්නත වුවද ඇතැමුන්ට ආසාත්මිකතා ඇති කරවීමට පුළුවන. එමෙන්ම ඔෟෂධ පෙතිවලට වඩා එන්නතක් ආසාත්මික වීමට ඇත්තේ වැඩි ප්‍රවණතාවකි.




ආසාත්මිකතා මාරාන්තික වෙනවාද?
 
මෙම එන්නත ආසාත්මික විය හැකි වන්නේ කලාතුරකිනි.  එම ආසාත්මිකතා පෙන්වන අවස්ථා  දෙකක් සඳහන් කළ හැකිය. එනම්  සුළු අවස්ථා හා සංකීර්ණ අවස්ථා   ලෙසය. එවැනි සුළු අවස්ථාවකදී සිරුර කැසීම, ඉදිමීම මෙන්ම එන්නත් කළ ප්‍රදේශය රතුවීම දක්නට පුළුවන.  නමුත් මෙහි සංකීර්ණ අවස්ථා හෙවත්  Anahylaxis Alergy වලදී මෙය මාරාන්තිකවීමට වුවද හැකියාව ඇත.

 මෙහි රෝග ලක්ෂණ ලෙස උදර ඉදිමීම, ලේ නහර ඉදිමීම ආදිය දිස්වීමට පුළුවන. එවිට රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හා ලේ නහර ඉදිමීමෙන් රුධිර පීඩනය අඩුවී මොළයට රුධිරය යෑම වැළකී මාරාන්තික තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇත. එමෙන්ම පීනස් හා ඇදුම රෝග ඇති අයටත් මෙම එන්නත ආසාත්මික වීමේ වැඩි අවදානමක්ද පවතියි.

පසුගියදා මෙම එන්නතින් මියගිය තරුණිය එය ලබාගෙන තිබුණේ පෞද්ගලික අංශය මඟින් ගෙන් වූ වෙළෙඳ නාමයකිනි. මේ වෙළෙඳ නාමය සහිත ඖෂධ අමාත්‍යංශය විසින් දැනටමත් තහනම් කර ඇත.

- වෛද්‍ය ඉන්දික සේනාරත්න-

-lankaegossipnews-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.