Breaking News
recent

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නෙත් තෙත් වීය...............



හම්බන්තොටදී ඊයේ ඇරැඹි පොදු රාජ්‍ය මණ්‌ඩල තරුණ සමුළුවේදී ආබාධිත තරුණ තරුණියන් පිරිසක්‌ එකතුවී මයිකල් ජැක්‌සන්ගේ "නුඹටත් මටත් මීට වඩා හොඳ තැනක්‌ ලැබිය යුතුයි" යන 'හීල් ද වර්ල්ඩ්' නම් සමූහ ගීතය ගායනා කළ අවස්‌ථාව ඉතාමත් සංවේදී අවස්‌ථාවක්‌ විය.

විනාඩි හතක්‌ පමණ වේලා ආබාධිත තරුණ පිරිස විවිධ අදහස්‌ ඉරියව් මගින් හැඟීම් ප්‍රකාශ කරමින් ගීතය ගායනා කළ පසුව මුළු ශාලාව පුරාම

රැස්‌ව සිටි පිරිස්‌ සිය අසුන්වලින් නැගී සිට විනාඩි තුනක්‌ පමණ වේලා දුන් අත්පොළසන් හඬ මුළු ශාලාව පුරාම ගිගුම් දුන්නේය.


අත්පොළසන් දුන් පිරිස අසුන්ගත් පසුව උත්සවය මෙහෙයවූ නිවේදක, එම හැඟුම්බර සංවේදී ගායනය වෙනුවෙන් යළිත් වරක්‌ අත්පොළසන් දෙන්න යෑයි සභාවෙන් ඉල්ලා සිටි පසුව මුළු සභාවම යළිත් අත්පොළසන් දුන්හ. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කතාවද ඒ සමගම යෙදී තිබූ අතර ජනාධිපතිතුමා මයික්‍රපෝනය ළඟට යන විටත් ඔහුගේ නෙත් තෙත් වී තිබුණු දැකිය හැකි විය.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.