සම්පූර්ණයෙන්ම Web site download කරන්න [ httrack web downloader ]
Web site එකක් සම්පූර්ණයෙන්ම download කරන් offline බලන්න මේ software එකෙන් පුළුවන්. සාමාන්‍යය online බලනකොට වගේම සියළුම links/attachments ඔක්කොම වැඩ කරනවා. Internet connecton එක disconnect කරල download කරගනිපු web site එක තියෙන උපරිම speed එකෙන් load කරන් බලන්න පුළුවන්. ඒ සඳහ දැනට භාවිතා වෙන ජනප්‍රියම software එක තමයි httrack web downloader..
- Software එක මෙතනින් download කරගන්න.
- ඔය folder එකෙන් ඔයාගෙ computer එකට ගැළපෙන bit version එක තෝරන් install කරගන්න. (32Bit(x86) හෝ 64Bit යන දෙකෙන් එකක්)
- දැන් software එක run කරල Next කරාම පහත form එක ලැබේවි.
- Project name එකට ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. Category එකක් අවශ්‍ය නම් දෙන්න. ඊට පස්සෙ site එක save වෙන්න ඕන තැන දෙන්න.. Next කරන්න.
- Action එකට ඉහත රූපයේ විදියට දෙන්න. ඔයා multiple mirror වගේ දුන්නොත් ඒ website එකට භාහිරින් links දීල තියෙන site download වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ඒකෙ facebook link එකක් තිබුනොත් සම්පූර්ණ facebook එකම download වෙන්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම ඒක ප්‍රායෝගිකව සිද්ධ නොවන දෙයක්. ඒ නිසා data නාස්ති නොකර අදාල web site එක විතරක් තෝරන්න.
- URL කියන තැනට ඔයාට download කරන්න ඕන website එක දෙන්න. website කිහිපයක් download කරන්න ඕන නම් ඒවායේ URL එක යට එක දෙන්න..
- දැන් Next කරන්න.
- ඊළඟට ලැබෙන පියවරේ settings මුකුත් වෙනස් නොකර Next කරාම download වීම ඇරඹෙනවා..
No comments:
Post a Comment