මීයෙකුට රජකාලයේ දඩුවම්..
මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන්
පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි. අත්පා වලින් ඉණිමගකට තබා
ගැටගසනු ලැබ සිටිනා මියෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර
තිබුණි. මෙසේ මියාට දඩුවම් කිරීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුනේ තම මාසික
චේතනය ලෙස ලද මුදල් සියල්ල මීයා සපා විනාශ කර තිබීමයි.අල්මාරියක දමා වැඩි
පරිස්සමට සඟවා තිබු මුදල් නෝට්ටු සියල්ල මියා කා දමා විනාශ කර
ඇතැයි ඔහු සදහන් කර තිබුණි. මෙම පුද්ගලයාගේ කි්රයාවට එරෙහිව අවි අතට ගෙන සිටින්නේ සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ය.සතුන්ට මෙසේ වද හිංසා පැමිණවීම පිළිකුල් සහගත බව එම සංවිධාන වල මතයයි. නමුත් මෙම පුද්ගලයාට වූ අගතිය ගැන සිතා බලන විටදී ඔහු හැසිරුණු ආකාරයේ වරදක් නැතියි පවසන අයද සිටී.

No comments:
Post a Comment