කදුරුවෙල විදුහලේ සෞඛ්‍ය ගුරුවරිය සිසුවකුට කන පැලෙන්න ගහල
‘චෝක්’ කෑලිවලින් සිසුවියන්ට ගැසුවයි කියා
කදුරුවෙල විදුහලේ සෞඛ්‍ය ගුරුවරිය සිසුවකුට කන පැලෙන්න ගහල
ඒ මදිමට විනාඩි 15ක් සිසුවියන්ට වැඳගෙන ඉන්නත් කියලා
පොළොන්නරුවේ - කදුරුවෙළ නගර මහා විදුහලේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවකුට එම විදුහලේ ගුරුවරියක විසින් පහරදීම නිසා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.
මෙසේ රෝහල්ගත කරනු ලැබුවේ එම විදුහලේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන එච්. සසිදු ගයාෂාන් (12) නමැති සිසුවෙකි.
පන්තියේ පිරිමි ළමුන් රටහුණු කැබලිවලින් ගැහැණු ළමයින්ට විහිළුවට ගසමින් සිටිනවිට එක් ගැහැණු ළමයෙකු
විදුහල්පතිතුමාට පැමිණිලි කිරීමෙන් පසු තමන් නොකළ වරදකට දඬුවම් කළ බව සසිදු ගයාෂාන් රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත.
මෙම සිද්ධියෙන් පසු විදුහල්පතිතුමා පැමිණ තමාට වේවැල් පහර හතරක් දුන් බවත්, ඉන්පසු සෞඛ්‍ය උගන්වන ටීචර් පන්තියට ඇවිත්
කම්මුල් දෙකට පහරදුන් බවත්, නමුත් මේ ගැහැණු ළමුන්ට හුණු කැබලිවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොවූ බවද සිසුවා සඳහන් කරයි.
ඉන් ටික වේලාවකට පසු පහරකෑ බව කියන ගැහැනු ළමුන් දෙදෙනා බුදුගෙය ඉදිරිපිටට කැඳවා ගෙනවිත්, මට ඒ දෙදෙනාට වඳින්න කීවා. විනාඩි 15ක් විතර ඒ විදියට වැඳගෙන සිටියා. ඉන්පසු මට ක්ලාන්තය වගේ දැනුනා. ගෙදර ඇවිත් මම අම්මාට මේ බව කීවා. ඉන්පසු මම පොළොන්නරුව මහ රෝහලේ නැවත්වූවා. මම ඇදුම රෝගයෙන් පෙලෙන නිසා දොස්තර මහත්වරු දවස් තුනක්ම ප්‍රතිකාර ලබාදුන්නා.
මම මේ ගැහැණු ළමයින්ට හුණු කෑලිවලින් ගැහුවේ නැහැ. පන්තියේ අනිත් ළමයි තමයි ගැහුවේ. විදුහල්පතිතුමායි, සෞඛ්‍ය ටීචර් කිසිම සොයා බැලීමක් නැතිව මට පහරදුන්නා. මම ගැහුනු ළමයි දෙන්නාට වැඳගෙන සිටීමත්, ඇතිවී තිබෙන ලජ්ජාවත් නිසා මේ පාසලට මට දැන් යන්න බැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර, දෙපාර්ශවයම (ඊයේ 14) පොලිසියට කැඳවා තිබුණි.

No comments:
Post a Comment